බොරුල්ල කනත්තේ හොල්මන් ඉන්නවාලූ...(මෙහි දැක්වෙන වීඩියෝවේ විනාඩි 4.10 සිට බලන්න) අපේ රටේ රූපවාහිනී මහගෙදර කියලා තමන් ම හදුන්වාගන්න ස්වාධීන(නමට පමණක්) රූපවාහිනිය තමයි එහෙම කියන්නේ... ඒක තහවුරු කරන්න ඔවුන් පාවිච්චි කරලා තියෙන්නෙත් බොරුල්ල කනත්තේ ම මුරකාරයෝ දෙන්නෙක්...
ආදි කාලයේ සිට මිනිස් සිත්සතන් තුළ පැලපදියම් වී තිබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන්, සැබෑ සිදුවීම් සේ නැවත සමාජගත කරලමින් මිනිස් සමාජය ප‍්‍රාථමික යුගය කරා ඇදගෙන යාමට උඩගෙඩි දෙන මෙවැනි මාධ්‍යකාරයන් රටට ම මහ අපලයකි... රූපවාහිනියෙන්, රේඩියෝවෙන්, පත්තරෙන් පළ කරන දේ ‘‘ඇත්ත ම ඇත්ත‘‘ ලෙස පිළි ගන්නා දුබල සමාජයක් තවමත් අපට ඉතිරි ව ඇත. ඒයින් පන්නරය ලබන රාජ්‍ය මාධ්‍යක් මෙසේ ප‍්‍රාථමික මට්ටමේ දේ පළ කරමින් වැජඹෙන්නට උත්සාහ ගන්නේ නම් අනාගත ශ‍්‍රී ලංකාව යන තැන පැහැදිලි කර ගන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත.
ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක් හෝ විකුණා යහතින් වැජඹීම මිස අන් කිසිවක් නො වන බව මෙවැනි දේවලින් වඩාත් තහවුරු වේ... මෙවැනි මාධ්‍යකරුවන් සැබෑ මාධ්‍යවේදීන්ට ද කරන්නේ අපහසයකි...
අදාළ වීඩියෝ ව මෙතැනින්
වලී
2013-11-27
2013-11-25
මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්...
ගොඩක් අය කැමතියිනේ හොල්මන් කතා අහන්න, මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්...
...
...
...
මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්.
මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලි බල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත‍්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...
මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...
ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...
මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...
ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග‍්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...
පාන්දර 2-3ට විතර වෙන්න ඇති...
කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...
මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...
නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...
මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...
තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...
එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත‍්‍රා පහ නොවුණු එක විතරයි...
.
.
.
.
.
.
.
.
බුදු අම්මෝ... පූසෙක්....
...
...
ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...
වලී.

2013-08-25
නිලාවෙලි බීච් එකේ දී නංගිලා ගත් ආතල්
මේ ලඟදි අපි නිලාවේලී බීච් එකට ගියා. එවෙලෙහි එතැනට පැමිණියා තරුණ තරුණියෝ පිරිසක්, ඔවුන් ආවේ වෑන් එකකින්. බොංගෝ වැනි සංගීත භාණ්ඩ වයමින් සිංදු කියමිනුයි ඔවුන් පැමිණියේ. ඔවුන් පැමිණි වාහනය කෙලින් ම ඒ අසළ තිබුණ පොල්වත්තක් ඇතුළට දමා නතර කළා.
ටික වෙලාවකින් ඔවුන් ඒ පොල් වත්තේ පොල් ගස් අතර බිම රවුමක ආකාරයෙන් වාඩි වෙලා ගීත ගයමින් විනෝද වෙන්න පටන් ගත්තා. ඒ අතරේ බියර් බෝතල්, අරක්කු බෝතල් කට්ටිය අතරේ හුවමාරු වෙමින් තිබුණා. ඒ අතරේ සිටි තරුණ ගැටිස්සියෝ ද බියර් බෝතල් කටේම තියාගෙන බිව්වේ ............ ..................... ........................ .......... දකින දසුන් සිහි ගන්වමිනු යි.
එන්න එන්න ම ඔවුන්ගේ සාදය නැගලම යන ආකාරයක් දකින්නට පුළුවන් වුණා. එහි සිටි තරුණයෝ එක් එක් තරුණියන් සමග නර්තනයේ ද යෙදෙන්න පටන් ගත්තා. සාදය අතරේ විටින් විට ඔවුන් දෙන්නා දෙන්නා එක් වී මුහුදු වෙරළට ගමන් කළා. තරුණයෝ විසින් තරුණියන් ව ඉණෙන් අල්ලා උඩ දමන්නටත්, රැල්ල සමග පොරබදන්නටත් පටන් ගත්තේ තමනුත් හරියට ටාසන්ලා වගේ පෙන්නන්නට වෙන්නැති මයේ හිතේ.
මධුවිතින් සප්පායම් වෙච්ච මේ තරුණ තරුණියෝ රාගයෙනුත් මත් වෙච්ච පාටක් තමයි ඔවුන්ගේ හැසිරීමෙන් නම් පෙන්න තිබුණේ. ජල ක‍්‍රීඩා අවසානයේ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම සූර්වී සිටි ඒ තරුණ නංගිලා වත්තන් කරගෙන ගොඩට එන තරුණයන් ව අපිට දකින්නට ලැබුණා. කොන්ඩ කඩා ගත් සමහර තරුණියෝ තමන් මෙතෙක් වෙලා ආමාශ ගත කර ගත් ආහාර සහ පානයන් ‘ ඕක්...’ ගාමින් කටින් පිට කරන ආකාරයත් දකින්න ලැබුණා.
ඇතැම් විදේශික යුවළවලූත් මේ අයගේ ලාබාල රැඟුම් දිහා මහත් අනුකම්පාවෙන් බලා යමක් කතාබහ කරමින් සිටි ආකාරයක දකින්න ලැබුණා.
”ඉඳකින් මුන් කොහෙන් අවජාතක වෙච්ච බැල්ලියෝ ද මන්දා” කියලා එතන හිටපු ටිකක් කට වාචාල ඇන්ටි කෙනෙක් කියනවා ඇහුණා.
සමහර තරුණයෝ එහෙන් මෙහෙන් හොයා ගත්තා දෙහි ගෙඩියක් තරුණියන්ගේ යටිපතුල්වල අතුල්ලමින් සිටින ආකාරයත් දකින්නට ලැබුණා. ඒක දැකපු එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා ”යකෝ අපි නම් ඉස්සර අහලා තියෙන්නේ බීපු මිනිස්සුන්ගේ දෙහි අතුල්ලන ගැහැනු ගැන යි. ඒත් දැන් මේ ගෑනුන්ගේ දෙහි අතුල්ලන්නේ පිරිමිනේ” කියල යි.
පස්සේ එතන අහළ පහළ ගෙදරක ඇන්ටි කෙනෙක් අපිට කිව්වේ මේ කට්ටිය එක්තරා ගාමන්ට් එකක වැඩ කරන කට්ටියක් කියලා. ”අනේ මුන්ගේ අම්මලා තාත්තාලා දන්නවනම් තමන්ගේ දුවලා නටන විකාර ෂුවර් එකටම ඒ අම්මලා තාත්තලා වහ බොනවා” කියලා ඒ ඇන්ටි අපිත් එක්ක කිව්වා.
දැන් මේක කියවන කට්ටිය මට බනී ද දන්නේ නැහැ ”යකෝ මූ බීච් එකට ගියා නම් ගියමගුල කරගෙන එන්නේ නැතිව අනුන්ගේ මගුල් හොය හොයා ඉන්න ගියේ මොකට ද” කියලා. හප්පේ එහෙම නැහැ, අපේ මගුල අපි කර ගත්තා, ඒක වෙනම කතාවක්.
වලී
පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.
![]() |
| පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්. |

2013-08-24
මහජනතාවනි.........
මහජනතාවනි.........
කරන්ට් එක දෙන්නම් කිව්වටවත්, වහලේ තහඩු ටික අරං දෙන්නම් කිව්වටවත්, පාර හදලා දෙන්නම් කිව්වටවත්, දුවට පුතාට ජෝබ් එකක් අරං දෙනවා කිව්වටවත්, සමිතියට පුටු අරන් දෙන්නම් කිව්වටවත්, ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා භාණ්ඩ අරන් දෙන්නම් කිව්වටවත්, ඡන්දේ දෙන්න එපා...
මෙහෙම ඡන්දේ ඉල්ලන්නේ ඡන්දෙන් පස්සේ තමන් හම්බ කර ගන්න බලාපොරොත්තු වෙන මිනිස්සු මිසක් රට වෙනුවෙන් අවංකව වැඩ කරන මිනිස්සු නෙමෙයි...
ඔබට යමක් දුන්නා, ඒ නිසා ඔබේ ඡන්දේ ඔහුට දෙනවා කියලා කියලා ඔබ කියනව නම්... එයින් කියවෙන්නේ ඔබේ දරුවාගේ වගේ ම රටේ අනාගතය තව තවත් අඳුරට තල්ලූ කරනවා කියන එකයි...

අර්ධසුඛෝපබෝගී බස් සේවය දැන්වත් අහෝසි කරමු ද?
මා පසුගිය දිනක රාත‍්‍රී 8 ට පමණ හිතවතුන් කිහිප දෙනකු සමග අනුරාධපුරයට යාම සඳහා බස් රථයකට ගොඩ වීමට පිටකොටුවට ගියෙමු. හලාවත, පුත්තලම හරහා යන බස් රථයකට අපි ගොඩවීමු.
"සාමාන්‍ය ගාස්තු ද" යැයි මම කොන්දොස්තරගෙන් ඇසුවේ බසය ඉදිරියේ ඒ පිලිබඳ ව සඳහනක් නොවූ හෙයිනි.
"නැහැ සෙමිලක්ෂරි" යැයි කොන්දොස්තර මහතා මා වෙත පැවසුවේ ය. බස් එකේ ඉස්සරහ බෝඞ් එක නිල් පාටින් ගහලා තියෙන්නේ අර්ධසුඛෝපභෝගීවල යැයි ඔහු මා හට අමතක වූ දෙයක් මතක් කර දුණි.
සාමාන්‍ය ගාස්තු මෙන් එකහමාරක ගුණයක් එම බස් රථවල අය කරන බැවින් අපි එම බස් රථයෙන් බිමට බැස අනුරාධපුරයට යන මාර්ග අංක 15 සහ 57 හරහා දිවෙන බස් රථ වෙත ද ගියෙමු. මහත් අවාසනාවකි. ඒ සෑම බස් රථයක ම නිල් පාටින් ලියූ ගමානාන්තය බොඞ් එකෙන් කියා පෑවේ ඒ සියල්ලක් ම අර්ධ සුඛෝපභෝගී බස් බව ය.
අනුරාධපුර හරහා දිවෙන වව්නියාව සහ යාපනය ආදී බස් රථවල ද තත්ත්වය එසේ ම විය. කරන්නට දෙයක් නොමැති තැන අපි පුත්තලම හරහා දිවෙන මුලින් නැග්ග බසයට ම නැගුනෙමු. ඉතා අධික මුදලක් ගෙවා ටිකට් පත් ලබා ගත් අප අර්ධ සුඛෝපභෝගී පහසුකම් එම බසයෙන් ලැබේතැයි සිතුවෙමු.
අර්ධ සුඛෝපභෝගී බස්වල සීට් ගණනට වඩා මගීන් ගෙන යා නොහැකි වුවත්, හලාවත, පුත්තලම දක්වා යන තෙක් ම මගීන් ඉතා විශාල ප‍්‍රමාණයක් හිටගෙන කිටි කිටියේ හිරවී සිටි ආකාරය අපට දක්නට ලැබිණි. වාඩිවී සිටි අප ද ඉතාම අපහසුවෙන් බස් රථයේ ගමන් කළේ ඒ තරමට ම මගීන් විශාල ප‍්‍රමාණයක් බස් රථය තුළ සිටි බැවිණි.
බස් රථය ඇතුළේ රියදුරු මහතාට තරමක් පසුපසින් රූපවාහිණි යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කර තිබීම යම් අස්වැසිල්ලක් අපට ගෙන දුන්න ද තරමක් වෙලා යන විට එය අපට මහත් කරදරකාරී තත්ත්වයක් වූයේ එහි ශබ්දය ඉතාමත් ඉහළ ලෙස වැඩි කර තිබූ හෙයිනි.
අර්ධසුඛෝපභෝගී බස් සේවය අහෝසි කරනවා යන කසුකුසුවක් පසුගිය දිනවල පැවතුණත් එය අහෝසි නොකරන බව පෞද්ගලික ප‍්‍රවාහන සේවා ඇමතිවරයා පසුගිය දිනක පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණි. එහි දී ඔහු කියා තිබුණේ මාර්ග බලපත‍්‍ර සඳහා අධික මුදලක් වැය වන බැවින් බස් හිමියන්ගේ ඉල්ලීම පරිදි අර්ධසුඛෝපභෝගී බස් සේවය අහෝසි නොකරන්නට කටයුතු කළ බව ය. "ඒ වෙනුවට එම බස් රථවල ගුණාත්මක බව වැඩි කරන්නට නීති දැඩි කළා" යන්න ඔහු ප‍්‍රකාශ කොට තිබුණි.
එහෙත් අපේ රටේ නීති රීති ක‍්‍රියාත්මක වන ආකාරය අප කවුරුත් හොදින් දනී. නීති ගෙන එමින් තවත් සංකීර්ණත්වයට පත් කරනවා වෙනුවට කළ යුතු වන්නේ බස් හිමියන් පවසන පරිදි ඔවුන්ට මාර්ග බලපත‍්‍රවලට විශාල මුදලක් ගෙවීමට සිදු වනවානම් ඒ පිලිබඳ ව සොයා බලා යම් සහනයක් ලබා දීමට කටයුතු යොදන ගමන් ම මේ අර්ධසුඛෝපභෝගී බස් රථ සේවය අහෝසි කර දැමීම යි.
එය පොදු ගමන් සේවය භාවිත කරන බහුතර මහජනතාවට මහත් අස්වැසිල්ලක් වනු නියත ය.
වලී
පිංතුරය- අන්තර්ජාලයෙනි

2013-08-07
අනේ හපොයි මීඩියා...
බහුජාතික
සංවිධාන සහ මීඩියා අතර ඇත්තේ පුදුම කුලුපග මිත්‍රත්වයක්. මීඩියා යැපෙන්නේ
වෙළෙද ආයතන මත වුවත්, වෙළෙද ආයතනවලට අවශ්‍ය ඕනම තක්කඩි වැඩක් මීඩියා ලව්වා
කර ගන්න හැකියාව අද තියනවා.
හොදම උදාහරණය අද බලන්න ආනයනික
කිරිපිටි සම්බන්ධ සිද්ධිය. ආනයනික කිරිපිටිවල ශරීරයට අහිතකර දෑ පැවතීම
පිළිබද සිදුවීම අද දින සියලු පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයට ගත හැකි
සිදුවීමක්. අපේ රටේ හැමොම මගේ කිරිපිටි බොනවා. මේක හැමෝටම බලපානවා.
අවාසනාවකට කිසිදු ජාතික යැයි කියා ගන්නා පුවත්පතක්, රෑපවාහිනි නාලිකාවක්,
රේඩියෝ නාලිකාවක් මේක තමන්ගේ වගකීමක් ලෙසවත් සළකා නිවැරදිව වාර්තා කර නැහැ.
සමහර පුවත්පත් පේන්නේ නැතිතැන්වල පොඩි පොඩි නිවිස් විධියට විතරක් ගහලා
තියනවා.
ඒ වෙනුවට කිරිපිටි පරිභෝජනය සදහා සුරක්ෂිතයි කියන තඩි
වෙළද දැන්වීම්වලින් නම් අද දින පුවත්පත්වල මැද පිටු සරසා තිබෙනවා. මෙකෙන් ඒ
දැනුම ජනතාව අතරට යන්නේ වැරදි විධියට. මේ ඇඩ් එකක් දැකපු මගේ යාළුවෙක් අද
කියනවා "මේ තියෙන්නේ බං කිරිපිටි බිව්වට අවුලක් නෑ කියලා" කියලා. පස්සේ මම
ඔහුට පැහැදිලි කරලා දුන්නා මේක බං ඇඩ් එකක් කියලා.
බහුජාතික සමාගම් විසින් පවත්වන මාධ්‍ය හමුවල දී මාධ්‍යවේදීන්ට හොදට
සලකනවා. විශාල වටිනාකමක් ඇති තබඩු භාණ්ඩ කට්ටල බෙදා දෙනවා. වටිනා දුරකථන,
වවුචර්පත් පවා ලබා දෙනවා. පගාව දීලා තමන්ට ඕන විධියට මේ මීඩියා හසුරැවා
ගන්න මේ සමාගම් දන්නවා.
වලී
2013-08-03
‘‘මචං... මම මේ පාර මගේ ඡන්දය ආණ්ඩුවට දෙනවා’’.

‘‘ආ... අප්පට සිරි, උඹ තනි කොල අලියනේ බං... මොකෝ එක පාරටම උඹේ ලේ නිල් උණා ද?’’ මම මගේ යහළුවාගෙන් ඇසිමි.
‘‘නැහැ මචං අපි යූ. ඇන්. පී. එක දිනවන්න කොච්චර බැහැලා වැඩ කළත් වැඩක් නැහැනේ. අපි ඡන්දේ දීලා පත් කරන ඔක්කොම ආණ්ඩුවට යනවනේ... අනිත් එක මේ ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ ලොකු බලයක් තියනවානේ. කොච්චර බඩු මිල වැඩි කළත්, ජනතාවට කොකා පෙන්නුවත් අර ජේ.වී.පී. එකේ දෙතුන් දෙනයි, අපේ කිහිප දෙනෙකුයි හැරෙන්න පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් කව්රුවත් නැහැනේ’’.
‘‘ඉතින් ජනතාවට සහන ඕනකමක් නැතිනම් අපි බොරුවට මැරිලා වැඩක් නැහැනේ... ඉතින් අපිත් ආණ්ඩුවට සහය දුන්නහම... තව තවත් ආණ්ඩුව ශක්තිමත් කළාහම... තව තවත් ජනතාවට කොකා පෙන්නන්න ආණ්ඩුවට ලේසියිනේ.’’
‘‘මොකෙක්වත් නැති විපක්ෂයක් තිබුණහම ජනතාවට මේක ඉක්මණටම තේරුම් යයිනේ... එදාට බලමුකෝ...’’
(at කොල ලේ තියන මගේ යාළුවාගේ ඒ ගණිත සූත්තරේ ගැන තේරුම් ගන්නට බැරිව ලත වෙමින්...)

2013-08-01
කප්පම්
රුපියල් ලක්ෂයක් බිස්නස්වලින් හෙව්වොත් ඒකෙන් පණස්දාහක් කප්පම් දෙන්න වෙනවා කියලා එක්තරා ව්‍යාපාරිකයෙක් මා සමග කිව්වා...
ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන්, නීතීඥයන්, ආදී මේ සියලූ ම ක්ෂේත‍්‍රවල අයට අඩු වැඩි වශයෙන් මේ මේ අත්දැකීම්වලට මුහුන දෙන්න වෙන බව වටින් ගොඩින් ආරංචි වෙනවා.
හැබැයි කව්රුවත් මේවා හෙළි කරන්න කැමති නැහැ. මොකද එහෙම වුණොත් ආපහු තමන්ගේ වෘත්තිය/ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙයි කියන බය නිසා වෙන්න ඇති.
ඒ අස්සේ අද පත්තරේක දැක්කා නුවර පැත්තේ ගුරුවරයෙක්ගෙන් රු. ලක්ෂ 10ක් කප්පම් ඉල්ලලා දෙන්නෙක් මාට්ටු වෙලා කියලා.
මේ සිද්ධිවලට කෙලින්ම ඇගිල්ල දික් වෙන්නේ ප‍්‍රදේශවල පාතාල කල්ලිවලට.... පාතාල කල්ලි යනු දේශපාලන බලාධිකාරිය සහ පොලිසිවල අභ්‍යන්තර අනුදැනුම මත කටයුතු කරන කල්ලි බව කිසිම දෙගිඩියාවක් නැහැ???
අනිත් දේ තමයි තමන්ගේ ඒරියා එකේ තමන්ට අවනත නැති කිසිදු කෙනෙක්ට යහතින් ජීවත් වෙන්න මේ කියන මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ.......
මට ආරංචි විධිහට......... අපේ රටේ බොහා් උගත් පිරිසක් රට හැර යන්න වෙලා තියෙන්නෙත් මේ තාඩන පීඩන ඉවසං ඉන්න බැරිකම නිසයි.

2013-07-22
ඥානසාර හාමුදුරැවෝ කුඩුපුරයට බහින්න හදයි ...
අපේ ඥානසාර හාමුදුරැවෝ කොලොන්නාව කුඩු පුරය වනසන්නලු සැරසෙන්නේ... ඉතාම හොද වැඩක් අපේ හාමුදුරැවනේ... හැබැයි ඕක ඉතින් අර රෝග මූලය එහෙම්ම තියෙද්දි රෝග ලක්ෂණවලට සහනයක් දෙන්න ප්‍රතිකාර කරනවා වගේ වැඩක් කියල යි කියන්න තියෙන්නේ...
අපේ හාමුදුරැවනේ මට විශ්වාසයි ඔබ වහන්සේලා කවදාවත් ඔය කුඩු බිස්නස් එකේ මහ මුදුන් මුල් ටික උදුරලා දාන්න යන්නේ නෑ... ඕන නම් වටේ තියන කොල ටික හූරලා දාලා යම් සතුටක් ලබන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඔබ වහන්සේලාට කරන්න බැහැ.
එහෙම උත්සහයක් හරි දරන්න නම් ඔබ වහන්සේලාට රජවාසලේ එක එක ඇත්තන්ගෙන්? ලැබෙන රැකවරණය නොපතන්න වෙනවා...
ඒ රැකවරණය නැති දාට ඔබ වහන්සේලාට පැවැත්මකුත් නෑනේ... :)

2013-07-20
ඒ කසාදෙත් අහවරයි...................
අයියට කෙල්ලෙක් හොයනවා... ඔන්න ඉතින් දන්න අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන් නංගියෙක් සෙට් වුණා...
හමුවෙන්න දවසක් දාගෙන ඔන්න අයියයි, යාළුවෙකුයි ගිහින් තිබුණා නිදහස් තැනකට... ඒ නංගියි, එයාගේ යාළුවෙකුයි තමා ඇවිත් තිබුණේ...
ඒ නංගි එක්තරා රජයේ ආයතනයක ජොබ් එකක් කරනවාලූ. ඔන්න ඉතින් ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙයාගේ කටින් කියවුණාලූ එයාගේ පුංචි ඇමෙරිකාවේ ඉන්නේ කියලා.
අයියත් ටිකක් නාඩියට ඉන්න එක්කෙනානේ... කොයි පුංචි ද අනං මනං විස්තර අහනකොට මෙයාගේ පුංචියෙකුත් නෙමෙලූ. මෙයා වැඩි හරියක් ඉන්නේ යාළුවගෙ ගෙදරලූ... ඉතින් ඇමෙරිකාවේ ගිහින් තියෙන්නේ යාළුවගේ පුංචිලූ...
හරි එකත් එහෙම වුණා කියමුකො...
ආපහු ඉතින් ටෝක් එක දාගෙන ඉන්නකොට ‘ඒක මම ඉන්ඩියා ගියපු දවසක වෙලා තියෙන්නේ ’ වගේ දෙයක් කෙල්ලගේ කටින් එලියට දැම්මලූ...
අයියා ඉතින් ඔය ගැනත් අහලා මොකක්ද ඒ ඉන්දියාවේ ගියපු කතාව කියලා. අනේ අම්මපා බලනකොට මෙයාගේ යාළුවගේ අම්මා රෙදි බිස්නස්ලූ කරන්නේ. ඉතින් දවසක් එයත් එක්ක ඉන්දියාවේ ගියාලූ රෙදි වගයක් ගෙන්න...
ඒකත් එහෙම වුණා කියමුකෝ...
ඔන්න දැන් කතා බහ අවසන් වෙලා යන්න එහෙම ලැහැස්ති වෙනකොට ඉතින් මේ නංගි බෑග් එක එහෙම ලෑස්ති කරන ගමන් හෙමින් සීරුවේ සන්ග්ලාස් දෙකක් එහෙම පොඞ්ඩල් ලාවට පේන්න වගේ එළියට අරගෙන ආපහු ෂේප් එකේ බෑග් එකට ඔබා ගත්තලූ...

හැතැප්මක් විතර උඩ ලෝකයේ ඉන්න කැමති, මේ වගේ චූටි නංගිලා එක්ක මහපොලොවේ ඉන්නේ කොහොමද කියලා අයියට හිතෙන්න ඇති... ඒකනේ ඕක කිය කියා අපිත් එක්ක බඩ පැලෙන්න හිනාවුණේ... ඔන්න ඒ කසාදෙත් අහවරයි...................

Subscribe to:
Comments (Atom)