2013-08-25

නිලාවෙලි බීච් එකේ දී නංගිලා ගත් ආතල්

මේ ලඟදි අපි නිලාවේලී බීච් එකට ගියා. එවෙලෙහි එතැනට පැමිණියා තරුණ තරුණියෝ පිරිසක්, ඔවුන් ආවේ වෑන් එකකින්. බොංගෝ වැනි සංගීත භාණ්ඩ වයමින් සිංදු කියමිනුයි ඔවුන් පැමිණියේ. ඔවුන් පැමිණි වාහනය කෙලින් ම ඒ අසළ තිබුණ පොල්වත්තක් ඇතුළට දමා නතර කළා.
පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්. 


ටික වෙලාවකින් ඔවුන් ඒ පොල් වත්තේ පොල් ගස් අතර බිම රවුමක ආකාරයෙන් වාඩි වෙලා ගීත ගයමින් විනෝද වෙන්න පටන් ගත්තා. ඒ අතරේ බියර් බෝතල්, අරක්කු බෝතල් කට්ටිය අතරේ හුවමාරු වෙමින් තිබුණා. ඒ අතරේ සිටි තරුණ ගැටිස්සියෝ ද බියර් බෝතල් කටේම තියාගෙන බිව්වේ ............ ..................... ........................ .......... දකින දසුන් සිහි ගන්වමිනු යි. 

එන්න එන්න ම ඔවුන්ගේ සාදය නැගලම යන ආකාරයක් දකින්නට පුළුවන් වුණා. එහි සිටි තරුණයෝ එක් එක් තරුණියන් සමග නර්තනයේ ද යෙදෙන්න පටන් ගත්තා. සාදය අතරේ විටින් විට ඔවුන් දෙන්නා දෙන්නා එක් වී මුහුදු වෙරළට ගමන් කළා. තරුණයෝ විසින් තරුණියන් ව ඉණෙන් අල්ලා උඩ දමන්නටත්, රැල්ල සමග පොරබදන්නටත් පටන් ගත්තේ තමනුත් හරියට ටාසන්ලා වගේ පෙන්නන්නට වෙන්නැති මයේ හිතේ. 

මධුවිතින් සප්පායම් වෙච්ච මේ තරුණ තරුණියෝ රාගයෙනුත් මත් වෙච්ච පාටක් තමයි ඔවුන්ගේ හැසිරීමෙන් නම් පෙන්න තිබුණේ. ජල ක‍්‍රීඩා අවසානයේ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම සූර්වී සිටි ඒ තරුණ නංගිලා වත්තන් කරගෙන ගොඩට එන තරුණයන් ව අපිට දකින්නට ලැබුණා. කොන්ඩ කඩා ගත් සමහර තරුණියෝ තමන් මෙතෙක් වෙලා ආමාශ ගත කර ගත් ආහාර සහ පානයන් ‘ ඕක්...’ ගාමින් කටින් පිට කරන ආකාරයත් දකින්න ලැබුණා.

ඇතැම් විදේශික යුවළවලූත් මේ අයගේ ලාබාල රැඟුම් දිහා මහත් අනුකම්පාවෙන් බලා යමක් කතාබහ කරමින් සිටි ආකාරයක දකින්න ලැබුණා.

”ඉඳකින් මුන් කොහෙන් අවජාතක වෙච්ච බැල්ලියෝ ද මන්දා” කියලා එතන හිටපු ටිකක් කට වාචාල ඇන්ටි කෙනෙක් කියනවා ඇහුණා.

සමහර තරුණයෝ එහෙන් මෙහෙන් හොයා ගත්තා දෙහි ගෙඩියක් තරුණියන්ගේ යටිපතුල්වල අතුල්ලමින් සිටින ආකාරයත් දකින්නට ලැබුණා. ඒක දැකපු එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා ”යකෝ අපි නම් ඉස්සර අහලා තියෙන්නේ බීපු මිනිස්සුන්ගේ දෙහි අතුල්ලන ගැහැනු ගැන යි. ඒත් දැන් මේ ගෑනුන්ගේ දෙහි අතුල්ලන්නේ පිරිමිනේ” කියල යි.

පස්සේ එතන අහළ පහළ ගෙදරක ඇන්ටි කෙනෙක් අපිට කිව්වේ මේ කට්ටිය එක්තරා ගාමන්ට් එකක වැඩ කරන කට්ටියක් කියලා. ”අනේ මුන්ගේ අම්මලා තාත්තාලා දන්නවනම් තමන්ගේ දුවලා නටන විකාර ෂුවර් එකටම ඒ අම්මලා තාත්තලා වහ බොනවා” කියලා ඒ ඇන්ටි අපිත් එක්ක කිව්වා.

දැන් මේක කියවන කට්ටිය මට බනී ද දන්නේ නැහැ ”යකෝ මූ බීච් එකට ගියා නම් ගියමගුල කරගෙන එන්නේ නැතිව අනුන්ගේ මගුල් හොය හොයා ඉන්න ගියේ මොකට ද” කියලා. හප්පේ එහෙම නැහැ, අපේ මගුල අපි කර ගත්තා, ඒක වෙනම කතාවක්.



වලී


පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්. 

19 comments:

  1. කොල්ලන්ට හොද නං කෙල්ලො බිව්වම මොකද කියලා තමයි අහන්න වෙන්නෙ.. හි හි.. ඕක නවත්තනවා නං කොල්ලො කෙල්ලො බේදයක් නැතුවම නවත්තන්න වෙනව.. මොකද බීම නරක දෙයක් වෙන්නේ ලිංග බේදයක් ඇතුව නෙවෙයි... නමුත් ඒක වෙන්නෙ නෑ නේ.. දැන් ඔතනදි කොල්ලො ටිකක් විතරක් බීලා විකාර කළා නම් ඔයා මේ පෝස්‌ට් එක ලියනවද.. නෑ නේ.... කෙල්ලො බිව්වම මුන්ගේ නැහැදිච්චකම කියනව... කොල්ලො බිව්වම ඒක කොලුකම... අපිමයි මේවා වරද්දන්නේ.. දන්නවද....

    ඇත්තටම බියර් වලට වෙරි වෙනවද අප්ප... මං බීල තියෙනව.. හැබැයි එක උගුරයි... මල අප්පිරියයි.. මොකටද දුක් විඳගෙන තිත්ත කසාය බොන්නෙ කියලා අතෑරලා දැම්මා... ඒක නෙවෙයි හේතුව... බියර්, අරක්කු බිව්වම වෙරි වෙනවා කියලා තියෙන මතය.. ඇත්ත කතන්දරේ නම් වෙරි වෙන්නේ නෑ.. වෙරි වෙලා තියල හිතෙන් හිතාගන්නව... මොන දේ උනත් ඕනෙවට වැඩි උනාම ඇගට ඒක ඔරොත්තු දෙන්නේ නෑ.. එතකොට කාපුව වමනෙට එනවා... වතුර වැඩිපුර බිව්වමත් ඒක වෙනව...

    ReplyDelete
    Replies
    1. බීම වැරදියි නම් ගෑනු පිරිමි භේදයක් එතනට ඕනේ නැහැ.හිරු එක්ක එකඟයි.බොන මිනිහෙක් විදිහට මට කියන්න තියෙන්නේ ඒකත් කලාවක් කියලයි.බොහෝදෙනා බොන්නේ ලෝකෙට පෙනෙන්න මිස තමන්ට ඕනේ නිසා නෙවේ.මම දන්නා සමහරු ඉන්නවා නහය වහගෙන අරක්කු කටේ හලාගන්න උන්,ඒ විතරක්ද වල්නාශක බීවා වගේ හතර අතේ කෙල ගසනවා.මත්පැන් ගඳයි නම් තිත්තයි නම් ඇයි බොන්නේ.ඒ තමයි ලෝකෙට පෙනෙන්න බොන උන්ගේ ගතිය.මා නම් විවිද මත්පැන් වල ආවේනික සුවඳට,රසයට කැමති කෙනෙක්.මා බොන විට මත්පැන් වලට මිශ්‍ර කරන්නේ ජලය පමණයි.එවිට එහි මුලික රසය සහ සුවඳ මැකෙන්නේ නැහැ.තමන්ගේ ප්‍රමාණයට බීමේ සතුටක් තියෙනවා.හිරු ඒක දන්නේ නැහැ.

      Delete
    2. මට හංගන්න දෙයක් නැත. ඇනෝ සමග එකඟ වෙමි. බීම වීදුරු දෙකක් හෝ උපරිම තුනක් බීමෙන් ඉතා සරල තෘප්තියක් ලබනවා විනා බෝතල් ගණන් බීලා පිසාචයන් බවට පත්වීමේ තේරුමක් නැත.

      Delete
    3. බිලා කොල්ලෙක් ඇදුම් නැතිව ඉන්නවා වගෙද කෙල්ලෙක්?? එහෙම ඉන්න එක අවුලක් නැ කියනවා නම් පොඩ්ඩක් මාව හම්බ වෙයන්කෝ..:D

      Delete
    4. @ඇනෝ at 12:34,
      මම කාලයක සිටම අයිස් සමග වතුර තමයි භාවිතය.එය තමයි සුදුසුම දේ.
      @විචාරක තුමා;
      මම නම් විදුරු දෙකයි බොන්නෙ විටින් විට.දෙවැනි සැරේ වීදුරුවට දැම්මම බෝතලෙන් භාගයක් අහවරයි.එක වරකට මගේ ගාන ඒකයි.

      Delete
    5. ගෑනු කියන්නෙ ගෑණු. පිරිමි කියන්නෙ පිරිමි. ගෑණු න් ටයි පිරිමින්ටයි එකම අහවල් එකක් තියෙනව නම් ගෑණු පිරිමි විදිහට හැසිරෙන එක සාධාරණීකරණ ය කළෑකි

      Delete
  2. ෆේස්බුක් එකේ මේ ලිපිය දැක්කා මට හිතුනෙත් කොල්ලන්ට හොඳයි නම් ඇයි කෙල්ලන්ට නරක කියලා තමයි.

    ගතානුගතික අයට නම් මැජික් වගේ වෙන්න ඇති.

    ගාමන්ට් වල හරි මොන මඟුලේ හරි වැඩ කලාට ඒ කෙල්ලොත් ආසාවන්ගෙන් පිරුනු ජීවිතේ එක එක විදිහට විඳිනන් කැමති මනුස්සයෝ ..

    තමන් හදාගත්තු ප්‍රේම් එකට අනුව අනිත් උන් මෙහෙමයි ඉන්න ඕන කියලා හිතනා කුහක මිනිස්සුන්ට නම් ඒ කෙල්ලෝ කරපු දේ වැරදි වගේ පේන්න ඇති.

    මට නම් ඒ සිදුවීමේ කිසිම වැරැද්දක් පේන්න නෑ. අර වහබොන කතාව කිව්ව ඇන්ටි කෙල්ල කාලේ හොරෙන් නටපු නාඩගම් මතක් වෙලා යකෝ මට මේ ටික විතරයි ඒ කාලේ කරන්න බැරි උනේ කියලා දුකට කියපු කතාවක් කියලා මට නම් හිතුනේ . .

    ReplyDelete
    Replies
    1. හී හී... එහෙනං ඉතින් ගෙදර බුදුන් තාත්තා කියලා දාගමු...

      Delete
  3. අනික වලී මීට වඩා පුළුල් විදිහට අනුන්ගේ ජීවිත දිහා බලන්න පුලුවන් කෙනෙක් කියලයි මම කලින් ලිපි කියෙව්වාම හිතුවේ . .

    ReplyDelete
  4. මේකට කියන්නෙ මල්ලි ලිංගික ඉරිසියාව කියලා. :D

    ReplyDelete
  5. ශරීරවල ඇති වෙනස්කම් නිසා කාන්තාවන්ට පිරිමින් තරම් බොන්න බෑ හෙවත් කලින්ම වෙරි වෙනවා.
    http://www2.potsdam.edu/hansondj/HealthIssues/1055861926.html

    එක පාරට ඇදලා අරින එක නොවෙයි රස විඳිනවා කියන්නේ!

    කොහෙමටත්

    අනික යකෝ ගෑණිත් ලෙසටම බොන්න ගියොත් කවුද ආපහු එනකොට කාරෙක එළවන්නේ?

    ReplyDelete
    Replies
    1. "අනික යකෝ ගෑණිත් ලෙසටම බොන්න ගියොත් කවුද ආපහු එනකොට කාරෙක එළවන්නේ?"
      හා හා හා හොද පැහැදිලි කිරීමක්

      Delete
  6. facebook එකෙත් මම මේ ගැන දැක්කා ,ඇත්තටම ඒ වෙලාවේ හිතුන දේ තමා ගැනු ළමයි ගොඩක් දියුණු වෙලා කියලා , ඒ ඇරෙන්න ඔහුන් ගැන තරහවක් හෝ ඉරිසියාවක් ඇති උනේ නැ.රටක් දියුණු වෙනවා කියන්නේ මේ හැම දෙයකම බලාපොරොත්තු වෙන්න ඕනේ ..

    ReplyDelete
  7. මචන් මන් උබේ කිමට(අදහසට )එකගයි..එත් මෙක බොන එකට විරුද්ද නැති කෙනෙක් අවුලක් නැ කිව්වට පුදුම වෙන්න දෙයක් නැ..මෙකේ තියෙන එකම අවුල බොන එක..කොල්ලෝ බිව්වා කියලා උන්ගේ ආත්ම ගරුත්වයට නැතිවෙන්න දෙයක් නැ මොකෝ කොල්ලෝ බොන එක විරල නැනෙ..එත් කෙල්ලෝ?? පැති කිපයක් තියෙනවා.. බිලා කොල්ලෙක් ඇදුම් නැතිව ඉන්නවා වගෙද කෙල්ලෙක්?? එහෙම ඉන්න එක අවුලක් නැ කියන කෙල්ලෙක් ඉන්නවා නම් මාව හම්බ වෙයන්කෝ.. තව මේක හොදයි කියන කොල්ලන්ගේ කවුරු හරි නන්ගිලා බිව්වට කමක් නැද්ද දන්නේ නැ..:D

    ReplyDelete
  8. බටහිර සමාජය දැකපු නැති අයට මෙව්ව ලොකු දේවල්. අපේ එවුන් උන්ව අනුකරණය කිරීමේ වරදක් මම නම් දකින්නේ නෑ.

    ReplyDelete
  9. what is the problem of a girls getting drunk ,probably it was their first time, and they will never try again, its their choise, and another way of lookin at this could be that when u compare the social classes, starting from a,b,c,d,e the people on the bottom ones always imitate the one's next to them, as i know girls from all calsses drink a,b,c,d and probably working for garments those girls belonged to d or e and wanted to imitate the one above them , wats wrong wit that ,we all do that rite, aspire to be in a place where we dont belong,..dumb asses who carries ancient views wont understand this

    ReplyDelete
  10. ගැහැනු ළමයි බියර් බිව්වා කියලා හොරණෑ ගහනවා නෙමේ. මේ ළමයි උගත් නම්, දැනුමක් තේරුමක් ඇතිව නම්, ප‍්‍රතිවිපාක හොදින් දන්නව නම් උන්ට ඕන මගුලක් කර ගත්තා වේ කියලා හිතන්න තිබුණා. දුප්පත්කම, නූගත්කම නිසා කොම්පැණිකාරයන්ගේ දෑත්වල හිරවෙච්ච අසරණ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ජීවිතවල පිරිහීම තමයි මම මෙතනින් දැක්කේ. ගුණාත්මක සිතුවිලි ඇති කර ගන්න, ලෝකය දකින්න, පොත් පත් කියවන්න ඔවුන්ට අවස්ථාව නැහැ. හරියට කෘත‍්‍රිම යන්තර වගේ.

    වලී

    ReplyDelete
  11. ගෑණු උනත් පිරිමි උනත් පමණ දැන බීමයි වැදගත්. "සදාචාරවත්" ඇන්ටිලා අංකල්ලා නං ඕන තරම් ඉන්නවනේ.

    ReplyDelete
  12. මේවා කටටවත් හිතටවත් ඉබ්බෝ දාලා නවත්වන්න පුලුවන් වැඩ නෙමෙයි.ගානට වැඩේ කරගත්තනම් හරී.රජ මාලිගේ ඉඳන් පේව්මන්ට් එක දක්වා ඔය වැඩේ අඩු වැඩි වශයෙන් සිද්ධවෙනවා.මිනිස් ආශාවන් ගෑණු පිරිමි කියලා බෙදන්න බෑනේ.

    ReplyDelete