2013-04-27

News

ජාතික රූපවාහිණියෙයි ITN එකෙයි ප‍්‍රවෘත්ති බලන්නම දෙයක් නැහැ තනිකරම ආණ්ඩුවේ කුණු ටික අපුල්ලනවා. 

ඒ නිසා ස්වර්ණවාහිනී news බැලූවා. එකේ news දාන්නේ තොත්ත බබාලට. ඒ නිසා ඒකත් එපා වුණා. 

දෙරණත් වටින් ගොඩින් ආණ්ඩුවටම හේත්තු වෙලා news දාන නිසා ඒකත් එපා වුණා.

සිරස news වල නම් පොඩි ගතියක් තිබුණා. එහෙත් රනිල් එක්ක කොන්තර මකා ගන්න වැඩි කාලයක් news වලට දෙන්න ගත්තහම ඒකත් එපා වුණා.
 Hiru TV news  පොඞ්ඩක් නැගලා ආවා. දැන් එකත් දුමියාගේ ගොබ්බ කතා දානන්න පටන් අරං...

මීට පස්සේ TV news බලන්න බලාපොරොත්තුවක් නැහැ.



2013-04-08

මේ බබා ගීත කියනවා හරිම ලස්සනයි.


මේ බබා ගීත කියනවා හරිම ලස්සනයි. 
හරිම ආකර්ශනීයයි. 
තවම ළමා අවධියේ ඉන්න නිසා හොද නරක තේරෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන්ගේ ඝෘජු අවධාණය යොමු විය යුතුයි. 
මෙවැනි කුඩා දරුවෙක් මෙවැනි සංගීත සංදර්ශනවල ගීත කීම මා අනුමත කරන්නේ නැහැ. 
එහෙත් ඇයගේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ අවස්ථාත් තිබිය යුතු යි. 
එහෙත් පවතින තත්ත්වය වෙනස් කරන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයිනේ.. 
ඇයගේ දෙමව්පියන් සහ වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියනවා ඇයගේ අනාගතය ගැන...


වීඩියෝව මෙතැනින් බලන්න

2013-04-06

ගැහැනු ළමයින්ගේ makeup


අද කාලේ ගැහැනු ළමයි makeup දාන්න ගිහින් හොදට අනා ගන්නවා... 
makeup එකක් දා ගන්නේ මුහුනේ පෙනුම/ලස්සන තව ටිකක් වැඩි කර ගන්න උනත්, දැන් කරන්නේ මුහුණ විකෘති කර ගන්න එකයි... 
කලූ අය සුදු කර ගන්න හදනවා... 
සුදු අය මුහුණ වෙනස් කර ගන්න හදනවා... 
බලන කොට මේ ඉන්නේ හිටපු කෙනාම ද කියලා හිතා ගන්නවත් බැරි වෙනවා. එතකොට ඇත්තටම ඇති වෙන්නේ ලස්සනක් නෙමෙයි අවලස්සනක්...
ගැහැනු ළමයිනේ...
makeup දා ගත්තට වරදක් නැහැ,
හැබැයි මුහුණ විකෘති කර ගන්න එපා.
ඊට වඩා ඔය තියන මුහුණවල් ටික ලස්සනයි..

2013-04-05

දොස්තරටත් අවුරැදු සෙල් එකක් දාන්න හිතිලා වගේ

හැමදේම විකුණන, විකිණෙන සමාජයේ මේ දොස්තරටත් අවුරැදු සෙල් එකක් දාන්න හිතිලා වගේ. වෛද්‍ය උපාධිධාරි මෙවැනි අයකුගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු වෙන්න අමාරැයි.. කොහොම වුණත් මා දන්නා පරිදි වෛද්‍ය ආචාරධර්ම අනුව මෙවැනි ප්රචාරයන් කිරීම නීතිවිරෝධියි.