2014-07-10

මහින්ද මහත්තයා ගියොත් ෆයිනල් මැච් පරදිනවා ද?

මහින්ද රාජපක්ෂ මහත්තයා ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් මැච් එක පරදිනවා කියලා අපේ සමාජයේ ලොකු විශ්වාසයක් තියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පැරදුණු ෆයිනල් මැච් 04කට ද කොහෙදෝ එතුමා ගිය එක.

මහින්ද මහත්තයා ගියා කියලා මැච් එකක් පරදිනවා කියන හනමිටි අදහස්වල නම් මම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්.. 
මානසික නිදහස-මානසික විශ්වාසය යම් කටයුත්තක් සාර්තක කර ගන්න ඉතා වැදගත් වෙනවා. දැනට සමාජයේ තියන මතවාදය එක්ක මහින්ද මහත්තයා පැමිණීම නිසා ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රණය පිළිබද පූර්ව විශ්වාසය/ජවය බිදවැටීමෙන් පරාජයේ අමිහිරි සිතුවිලි එක්ක තරගයක් පරාජය වීමේ ඉඩකඩ තියනවා. ඒක හින්දා එතුමා ගෙදෙට්ට වෙලා ඉන්නවනම් අපිට හොදයි.

අනිත් එක මහජන සල්ලිවලින් දුවන ගුවන් යානා අරගෙන වටා පිටාවේ ඉන්න හෙංචයියො ටිකත් දාගෙන මැච් බලන්න පිටරට සවාරි යන එක පොදු ජනතාවගේ පැත්තෙන් කොහොමත් හොද නැහැ.

2014-07-05

ඒක තමයි මහත්තයා අපේ ෂතුට

අපි කඩේට කෑම කන්න යනවා. රූ 12ත් පසුවී තබීම නිසා කඩෙත් කෑම ඔක්කොම වගේ ඉවර වෙලා. 

''මහත්තයා ෆ‍්‍රයිඞ්රයිස් විතරයි තියෙන්නේ'' කියලා එතන හිටපු හිසේ රවුම් තොප්පියක් (ටාකියාද මොකද්ද එක ) දාගත්ත වේටර් කියනවා. 

''හා කමක් නැහැ එහෙනම් දෙකක් දාන්නකෝ...'' කියලා මම කිව්වා. 

ගෑස් එකෙන් පන පොවන, විශාල තාච්චියට තෙල් දාලා බිත්තර දෙකක් විතර කඩලා දාලා හීනියට කපා ගත් කැරට්, ලීසුත්දානවා. කලින් උයා ගත් බතුයි තවත් මොන මොනවද දාලා සද්දෙට හැදිගාලා පිගන් දෙකක දාලා මෙසේ උඩින් ගෙනත් තියනවා.

''ඹහත්තයා.. තව මොනවද ඕන තව චිකන් හොදි ටිකකුත් ගෙන්න ද? '' වේටර් අහනවා.

''නැහැ එපා මේ ඇති.. ''

''කූල් වතුර හොදයි ද නැත්නම් ඇල් වතුර දෙන්න ද'' නැවත්ත ඔහු අහනවා.

''කූල් වතුර දෙන්නකෝ අපි කියනවා. ''

''තව ෂෝටීසුත් ගෙන්නකො..''. කෑම කාලා අවසාන වෙලා මගේ යාළුවා වේටර්ට කියනවා.

''ඇයි මහත්තයාට කෑම මදි වුණා ද? අපරාදේ කිව්ව නම් තව ටිකක් දාලා දෙනවානේ... ගොඩක් අය ඉතිරි කරන නිසා අපි සාමාන්‍ය ගානකට තමය ිදාලා දෙන්නේ. හැබැයි කන්න පුළුවන් කෙනෙක් ඉන්නා නම් ඇති තරම් දෙනවා. ඒක තමයි මහත්තයා අපේ ෂතුට කියලා'' ඒ වේටර් කියනවා.

********************
පහුවදා දවල්ට අපි කෑමට යන්නේ ඒ කිට්ටුව තියන වෙනත් කඬේකට. ඒ කඬේ වේටර් නම් අර රවුමට තියන තොප්පිය දාලා නැහැ. දවල්ට කන්න ගියේ ටිකක් පරක්කු වෙලා. ඒ කියන්නේ හවස 2.30ට විතර.

''ඇයි අයියේ''

''කෑම තියනවා ද''

''අයියෝ මේ වෙලාවේ කොහෙද කෑම'' කියලා කඩේ කෙනා නොන්ඩි හිනාවකුත් දානවා. ‍

''ෂෝටීස් විතරයි.. ''

''හා හොදයි මල්ලි'' කියලා අපිත් එන්න එනවා.