2013-07-22

ඥානසාර හාමුදුරැවෝ කුඩුපුරයට බහින්න හදයි ...

අපේ ඥානසාර හාමුදුරැවෝ ‍කොලොන්නාව කුඩු පුරය වනසන්නලු සැරසෙන්නේ... ඉතාම හොද වැඩක් අපේ හාමුදුරැවනේ... හැබැයි ඕක ඉතින් අර රෝග මූලය එහෙම්ම තියෙද්දි රෝග ලක්ෂණවලට සහනයක් ‍දෙන්න ප්‍රතිකාර කරනවා වගේ වැඩක් කියල යි කියන්න තියෙන්නේ... 

අපේ හාමුදුරැවනේ මට විශ්වාසයි ඔබ වහන්සේලා කවදාවත් ඔය කුඩු බිස්නස් එකේ මහ මුදුන් මුල් ටික උදුරලා දාන්න යන්නේ නෑ... ඕන නම් වටේ තියන කොල ටික හූරලා දාලා යම් සතුටක් ලබන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඔබ වහන්සේලාට කරන්න බැහැ. 

එහෙම උත්සහයක් හරි දරන්න නම් ඔබ වහන්සේලාට රජවාසලේ එක එක ඇත්තන්ගෙන්? ලැබෙන රැකවරණය නොපතන්න වෙනවා...

ඒ රැකවරණය නැති දාට ඔබ වහන්සේලාට පැවැත්මකුත් නෑනේ... :) 

7 comments:

  1. මොන පිස්සුද වලී.....සාරඥාණ කුඩුකාරයෙක් වෙලා තමයි ඕක නවතින්නේ.
    කුඩු සහ පාලකයින් යනු දළඹුවා සහ සමනලයා මෙන්ය.

    ReplyDelete
    Replies
    1. හප්පේ අපේ උන්වහන්සේට ඔහොම කියන එක හරිද මන් අහන්නේ ආ... හික්ස්

      Delete
  2. හාරත ආසියා වගේ කොළොන්නාවෙන්ම නිවන් දකීද කියන්නත් බෑ...

    ReplyDelete
  3. හා හා හා හිනා වෙලා පන යනවා

    ReplyDelete
  4. මගේ කොමෙන්ට් එක නානසාර වැළඳුවද...?

    ReplyDelete
  5. Gnanasara hamuduruwo karathotht loku pinak.

    ReplyDelete