2013-07-22

ඥානසාර හාමුදුරැවෝ කුඩුපුරයට බහින්න හදයි ...

අපේ ඥානසාර හාමුදුරැවෝ ‍කොලොන්නාව කුඩු පුරය වනසන්නලු සැරසෙන්නේ... ඉතාම හොද වැඩක් අපේ හාමුදුරැවනේ... හැබැයි ඕක ඉතින් අර රෝග මූලය එහෙම්ම තියෙද්දි රෝග ලක්ෂණවලට සහනයක් ‍දෙන්න ප්‍රතිකාර කරනවා වගේ වැඩක් කියල යි කියන්න තියෙන්නේ... 

අපේ හාමුදුරැවනේ මට විශ්වාසයි ඔබ වහන්සේලා කවදාවත් ඔය කුඩු බිස්නස් එකේ මහ මුදුන් මුල් ටික උදුරලා දාන්න යන්නේ නෑ... ඕන නම් වටේ තියන කොල ටික හූරලා දාලා යම් සතුටක් ලබන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඔබ වහන්සේලාට කරන්න බැහැ. 

එහෙම උත්සහයක් හරි දරන්න නම් ඔබ වහන්සේලාට රජවාසලේ එක එක ඇත්තන්ගෙන්? ලැබෙන රැකවරණය නොපතන්න වෙනවා...

ඒ රැකවරණය නැති දාට ඔබ වහන්සේලාට පැවැත්මකුත් නෑනේ... :) 

2013-07-20

ඒ කසාදෙත් අහවරයි...................

අයියට කෙල්ලෙක් හොයනවා... ඔන්න ඉතින් දන්න අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන් නංගියෙක් සෙට් වුණා...

හමුවෙන්න දවසක් දාගෙන ඔන්න අයියයි, යාළුවෙකුයි ගිහින් තිබුණා නිදහස් තැනකට... ඒ නංගියි, එයාගේ යාළුවෙකුයි තමා ඇවිත් තිබුණේ... 

ඒ නංගි එක්තරා රජයේ ආයතනයක ජොබ් එකක් කරනවාලූ. ඔන්න ඉතින් ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙයාගේ කටින් කියවුණාලූ එයාගේ පුංචි ඇමෙරිකාවේ ඉන්නේ කියලා. 
අයියත් ටිකක් නාඩියට ඉන්න එක්කෙනානේ... කොයි පුංචි ද අනං මනං විස්තර අහනකොට මෙයාගේ පුංචියෙකුත් නෙමෙලූ. මෙයා වැඩි හරියක් ඉන්නේ යාළුවගෙ ගෙදරලූ... ඉතින් ඇමෙරිකාවේ ගිහින් තියෙන්නේ යාළුවගේ පුංචිලූ... 

හරි එකත් එහෙම වුණා කියමුකො...
ආපහු ඉතින් ටෝක් එක දාගෙන ඉන්නකොට ‘ඒක මම ඉන්ඩියා ගියපු දවසක වෙලා තියෙන්නේ ’ වගේ දෙයක් කෙල්ලගේ කටින් එලියට දැම්මලූ...
අයියා ඉතින් ඔය ගැනත් අහලා මොකක්ද ඒ ඉන්දියාවේ ගියපු කතාව කියලා. අනේ අම්මපා බලනකොට මෙයාගේ යාළුවගේ අම්මා රෙදි බිස්නස්ලූ කරන්නේ. ඉතින් දවසක් එයත් එක්ක ඉන්දියාවේ ගියාලූ රෙදි වගයක් ගෙන්න...

ඒකත් එහෙම වුණා කියමුකෝ...
ඔන්න දැන් කතා බහ අවසන් වෙලා යන්න එහෙම ලැහැස්ති වෙනකොට ඉතින් මේ නංගි බෑග් එක එහෙම ලෑස්ති කරන ගමන් හෙමින් සීරුවේ සන්ග්ලාස් දෙකක් එහෙම පොඞ්ඩල් ලාවට පේන්න වගේ එළියට අරගෙන ආපහු ෂේප් එකේ බෑග් එකට ඔබා ගත්තලූ...   



හැතැප්මක් විතර උඩ ලෝකයේ ඉන්න කැමති, මේ වගේ චූටි නංගිලා එක්ක මහපොලොවේ ඉන්නේ කොහොමද කියලා අයියට හිතෙන්න ඇති... ඒකනේ ඕක කිය කියා අපිත් එක්ක බඩ පැලෙන්න හිනාවුණේ... ඔන්න ඒ කසාදෙත් අහවරයි...................  

වලී

2013-07-08

ඔබත් නෙළුම් අල කනවා ද?


මම මේ කියන්න යන්නේ නෙළුම් අල කන්න කැමති අය දැන ගත යුතු වැදගත් කරුණක් ගැන යි . මේක මම දැන ගත්තේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතාගේ දේශනයක දි යි.

කවුරුත් දන්නවානේ රජරට ඇතුළු ගොඩක් ප‍්‍රදේශවල පැතීරී යන නිදන්ගත වකුගඩු රෝගය ගැන, මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයා ගොඩාක් පර්යේෂණ කරන කෙනෙක් කියලා.

එතුමා අනුරාධපුර පැත්තේ පර්යේෂණ කරනකොට මෙන්න මේ නෙළුම් අල ගැන අවධානය යොමු වුණාලූ. මෙතුමා නෙළුම් අල ගැන පර්යේෂණ කරලා බලනකොට දැක්කලූ නෙළුම් අලවලට ඉතාමත් ම අධික ලෙස හැකියාවක් තියනවා කියලා ශරීරයට ඉතා විෂ සහිත බැර ලෝහ වර්ග ආකර්ශනය කර ගන්න. (මට මතකේ විධිහට මේක ඒ දවස්වල වඩාත් කතාබහට පවා ලක් වුණා)

බැර ලෝහ සහ වකුගඩු අබාධ අතර සමීප සම්බන්ධයක් තියන නිසා මහාචාර්යතුමාට යම් සැකයක් ඇති වුණාලූ නෙළුම් අල කන එකත් මේ වකුගඩු රෝගයට හේතුවක් ද කියලා බලන්න.
ඉතින් සරත් මහත්තයා මේ ගැන පර්යේෂණ කරල බලනකොට හොයා ගෙන තියනවා නෙළුම් අල මගින් කොච්චර විෂ බැර ලෝහ ආකර්ශනය කර ගත්තත්, නෙළුම් අල ආහාරයට ගැනීමෙන් අපට කිසිදු ගැටලූවක් ඇති නොවන බව. 



ඒකට හේතු විධිහට මහාචාර්යතුමා කියන්නේ නෙළුම් අලවල තියනවාලූ මෙටලෝ තයනින්? (මේ නම් හරියටම මට මතක නැහැ) කියලා ප්‍රෝටීන් එකක්. ඒ මගින් මේ බැර ලෝහ ටික එක්කාසු කර ගන්නවලූ. ඊට පස්සේ අපි මේවා ආහාරට ගන්න කොට ශරීයයට අවශෝෂණය කර නොගෙන අසූචි සමග එළියට යනවලූ.

ඒ නිසා නෙළුම් අල කෑමෙන් ශරීරයට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැලූ. මෙවැනි තන්තු අධික ආහාර සියල්ල ම මේ තත්ත්වයට යටත් කියල යි මහාචාර්යතුමා කිව්වේ.
ඒ නිසා දැන් ඔය නෙළුම් අල කන්න බය වෙලා හිටපු අය බය නැතිව කන්න. නොදන්නා අයවත් දැනුවත් කරන්න.

වලී

2013-07-05

මොබිටෙල් රෙද්ද (Mobitel Redda)

 ටි‍්‍රං... ටි‍්‍රං... ටි‍්‍රං...

මගේ ජංගම දුරකථනය නාද වෙන්නට විය.

”මචං පොඞ්ඩක් බලපං කවුද කියලා?” මම කරමින් සිටි වැඩේ නැවැත් වීමට නොහැකි වූ බැවින් අරවින්දට කීවෙමි.

දුරකථනය දෙස සුළු මොහොතක් වෙලා බලා සිටි අරවින්ද මහ හයියෙන්  හිනහ වෙන්නට විය.

”ඇයි කවුද?”

මම වඩාත් කුතුහලයෙන් ඔහුගෙන් ඇසිමි.

”මොබිටෙල් රෙද්දෙන්” ඔහු සිනහව නවත්වා ගත ගන්න උත්සහ දරමින් කීය.

මට ද සිනහව නවතා ගත නොහැකි විය.

”ඔව් මචං...  ඕක නම් මහ මල වදයක් වෙලා තියෙන්නේ. නිතර ම ඔය නම්බර් එකෙන් කොල්ස් එනවා.”

”මේ මොකක් ද බං මේ කොල් එක, මට තේරෙන්නේ නෑ?” අරවින්දට තව දුරටත් සිනහව නවතා ගත නොහැකි තැන මගෙන් ඇසීය.

”ඔය මචං අර මොබිටෙල් ‘එම් ටියුන් සේවාව’ ඇක්ටිව් කර ගන්න කියලා මොබිටෙල් එකෙන් ම එන කොල් එකක්නේ. හරිම වාතයක් වෙලා තියෙන්නේ. ඔය නම්බර් එකෙන් නිතර ම වගේ කෝල්ස් එනවා.

ඉතිං ඒ නම්බර් එක සේව් කර ගත්තා මොබිටෙල් රෙද්ද  (Mobitel Redda) කියලා.

වලී.

2013-06-28

මේකට උත්තරේ මොකක්ද!

බ්ලොග් හිතවතුනි,

ඩෙංගු රෝගය අද අපේ ර‍ටට මාරම අර්බුදයක් වී ඇත. ඩෙංගු මර්දනය කරන්න බැරි හේතුව පිළිබද ව හෙලිදරව්වක් කිරීමට ලගදිම බලාපොරොත්තු වෙමු. 
ඒ සදහා අපි අන්තර්ජාලය ඔස්සේ සමීක්ෂණයක් කරන අතර ඔබගෙන් පහත ගැටලුවට පිලිතුර බලාපොරොත්තු වෙමු.
 
 
(එක්වරම ඔබගේ හිතට එන පිලිතුර සදහන් කිරීම තමයි අවශ්‍ය වන්නේ)

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට ඔබ කරන්නේ කුමක්ද!
1. මදුරැවන් බෝ වන තැන් විනාශ කිරීම
2. මදුරැවන්ගෙන් ආරක්ෂා වීමට මුදුරැ නාශක වර්ග, මදුරැදැල් භාවිතය 3. ඩෙංගු රෝගය හැදුන අයගෙන් ආරක්ෂා වීම


වැඩි විස්තර පසුව කියන්නම්.

බොහොම ස්තුතියි.

වලී. 

2013-06-25

මගේ ෆෝන් එකයි, හොරකම් කරපු කෙනයි හොයා ගත්තා...


මීට මාස 08කට පමණ පෙර මගේ Sony Ericsson mix walkman  ජංගම දුරකථනය නැති වුණා. ගරාජයට ගිහින් මෝටර් සයිකලේ හදං ගෙදර ඇවිත් බලන කොට ෆොන් එක මගේ ලඟ තිබුණේ නැහැ. ගරාජයේ දී කවුරු හරි ගත්ත ද නැත්නම් පාරේ එන කොට බිම වැටුණා දැ යි දැන්නේ නැහැ.


කොහාමත් අලූතින් ම ගත් ෆොන් එකේ ‘ඉමි අංකය’ එහෙම මං ළඟ තිබුණා. පොලීසියට ගිහිං පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලේ පිටපතකුත් අරගෙන ‘විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට’ ගිහින් දුන්නා. 
”අපි ලංකාවේ තියන ජංගම දුරකථන සේවා සපයන ආයතනවලට (මොබිටෙල්, හච්, ඩයලොග්, එටිසලාට්, එයාර්ටෙල්) මේ බව දන්වනවා. මේ  ඕන ම සිම් එකක් දාලා මේ ෆොන් එක පාවිච්චි කළොත්, පාවිච්චි කරන කෙනා හඳුනා ගන්න පුළුවන්” එහි නිලධාරිනියක් මට පැවසුවා. 
මාසයක් ගියා දෙකක් ගියා තව ම විස්තරයක් ලැබුණේ නැහැ. බැරි ම තැන විදුලි සංදේශනයට කොල් කළා. ඔවුන් කිව්වේ තවම හම්බ වෙලා නැහැ කියලා. හම්බ වුණත් නැතත් අපිට ලිපියක් එවනවා කිව්වා. කොහොමෙන් කොහොමෙන් හරි මාස 08ක් ම ගියා.

ඔන්න ගිය සතියේ මට ලිපියක් ආවා. එකේ කියල තිබුණ විධිහට මගේ නැති වුණ දුරකථනය එක්කෙනෙක් ඩයලොග් සිම් එකක් දාලා පාවිච්චි කරනවලූ. ඒ පුද්ගලයාගේ විස්තර මම පැමිණිලි දාපු පොලීසියට එවලා තියනවාලූ. මමත් අදාළ විස්තර ටිකත් අරගෙන පොලීසියට ගියා. පැමිණිලි ලියන තැන රාළහාමි කෙනෙක්ට විස්තරේ කිව්වා. මෑන් ටිකක් කල්පනා කර කර ඉදලා මට කිව්වා තවම විස්තර ටික පොලිසියට එවල නැහැ එව්වහම මට කොල් කරන්නම් කියලා.

ඔන්න දවස් දෙකකට පස්සේ මට පොලීසියෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. 

”ඔයාගේ නැතිවිච්ච ෆොන් එක ගත්ත කෙනා හවස 4ට ෆොන් එකත් අරං පොලිසියට එනවා, ඔයාටත් එන්න පුළුවන් ද?” ඇහුවා. මම හා කිව්වා.
ඉතින් මම හරියටම 4ට පොලිසියට ගියා. 

පැමිණිලි අංශය ගාව හිටපු පොලිස් රාළහාමි මගෙන් ඇහුවා මේක ද ඔයාගේ ෆොන් එක කියලා. ෂා... මගේ ටච් ෆොන් එක තිබුණ විධිටම තියනවා. කිසිම හීරීමක්වත් නැහැ. මම කිව්වා ”ඔව් මේක තමයි” කියලා. රාළහාමි මගෙන් ඇහුවා කොහොම ද නැති වුණේ කියලා. මම නැතිවුණ විධිහ ඔහුට කිව්වා.

ඒ අසළ ම වාඩි වෙලා හිටියා අවුරුදු 40ක් විතර වයසැති, අඳුරු පැහැති ඇදුමක් ඇඳගත් පිරිමි කෙනෙක්. ඔහු මා දිහා ඉතාමත් අසරණ ලෙසින් බලා සිටියා. ඔහු ළඟින් ම වාඩි වෙලා හිටියා ඔහුගේ බිරිඳ බවට සිතිය හැකි කාන්තාවක්. 

”මෙයා තමයි ඔයාගේ ෆොන් එක අරං තියෙන්නේ” පොලිස් රාළහාමි මට කිව්වා. 

”කියනවා බලන්න තමුන් කොහොම ද මේ ෆොන් එක ගත්තේ කියලා?” රාළහාමි ටිකක් සැරෙන් ඔහුගෙන් ඇහුවා. 

”අනේ මහත්තයෝ මම අහවල් පාරේ යනකොට මේක පාරේ වැටිලා තිබුණා, ෆොන් එකේ කෑලි තැන තැන වැටිල තිබුණේ. මම ඒක හදල ගත්තා.” යැයි ඔහු මහත් බියෙන් මෙන් පවසා සිටියා. 

”ඔහු කිව්ව පාර හරි වෙන්න  ඕන, මොකද මම ඒ පාරේ තමයි එදා ගමන් කළේ” මම රාළහාමිට කිව්වා.

හ්ම්... එහෙනම් කොහොමත් දැන් මේක මට දෙන්න බැහැ. ලොකු මහත්තයා ටිකකට එළියට ගිහින්, එනකම්ම ඉන්න  ඕන. තව ටිකකින් ඒවි. එතකන් වාඩි වෙලා ඉන්න කියා රාළහාමි කිව්වා. 

ඔන්න අපි වාඩි වෙලා හිටියා. පැයක් ගියා, ඔන්න පැය එකහමාරකින් විතර ස්ථානාධිපතිතුමා ආවා. 

”පැමිණිල්ල මොකක් ද?” ඔහු තරමක් ඉහළ ස්වරයෙන් විමසුවා. 
මම විස්තරේ කිව්වා. ඊට පස්සේ ෆෝන් එක අහුලපු කෙනාගෙන් ඇහුවා කොහෙන්ද මේක ගත්තේ කියලා. ඔහු හතරට පහට නැමිලා අහුලපු විධිය කිව්වා.

”තමුන් ඔය ෆොන් ඒක අහුලලා අයිතිකාරයට හරි, ළඟම තියන පොලිසියට හරි දුන්නේ නැත්තේ ඇයි? අන් සතු දෙයක් ලඟ තබා ගැනීම වරදක් කියල තමුසේ දන්නේ නැද්ද? ස්ථානාධිපතිතුමා දැඩි ස්වරයෙන් විමසුවා. 

”අනේ මහත්තයෝ මම ඉංග‍්‍රීසි දන්නේ නැහැ” 

”මොකක්? ඉංග‍්‍රීසි අහවල් එකට ද?” 

”නොම්බරේ තියෙන්නේ ඉංග‍්‍රීසියෙන්නේ මහත්තයෝ”

”මේ තමුසේ බබා වෙන්න එපා. තමුසේ ඔය ෆොන් එක අහුලලා මෙයාට දුන්න නම් අද මෙහෙම වෙන්නේ නැහැ.  ඕන නම් තමුසේට තෑග්ගකුත් දෙයි” ස්ථානාධිපතිතුමා කියා ගෙන ගියා. මෙයාව නිදහස් කරලා හරියන්නේ නැහැ. හොර වැඩ කළාට දඩුවම් දෙන්න  ඕන  ස්ථානාධිපතිතුමා ළඟ හිටපු පොලිස් නිලධාරියට නියෝග කළා. 

”අනේ මහත්තයෝ මම දුප්පත් මිනිහෙක්. ආයේ කවදාවත් මේ වගේ වැඩ කරන්නේ නැහැ. සත්තයි මහත්තයෝ, මගේ දරුවා පල්ලා ආපහු මේ වගේ දෙයක් කරන්නේ නැහැ. මාව කූඩුවට නම් දාන්න එපා බුදු මහත්තයො” අර මනුස්සයා මාළුවා ගොඩ දැම්මා වගේ වෙව්ලන්න ගත්තා. දෙපාරක් OIC ට ගිහින් වැන්දා. 

”මෙයා මගේ ෆොන් එක හොරකං කරලා ගත්තේ නැති නිසා අවවාද කරල යැව්වට මගේ අකමැත්තක් නැහැ” කියලා මගෙත් හදවත උණු වෙච්ච තැන මම පසුව පොලිස් නිලධාරින්ට හෙමින් සැරේ කිව්වා. 

කොහොම හරි මගේ ෆොන් එක නම් මට ලැබුණා. ඒකට පොලීසියටත් ඒවගේ විදුලි සංදේශන කොමිසන් සභාවටත් බොහොම ස්තුතියි. ඒ වගේ ම මගේ ෆොන් ඒක අහුලපු කෙනාටත් ස්තුතියි.(ඔහු ඒක ඇහිලූවේ නැතිනම් ඇත්තම මට හම්බ වෙන්නෙත් නැනේ)

පසුව ලියමි.
මා පොලීසියේ රැඳී සිටින විට දී ම තවත් නැතිවිච්ච ෆොන් එකක් සම්බන්ධ ව ‘එම ෆෝන් එක හොරා ගත්තා යැයි’ පවසන සැකරුවෙක්ගෙන් ප‍්‍රශ්න කර කර හිටියා. ඔහු එය සොරා ගත් බවට පිළිගත්තේ ම නැහැ. බැරිම තැන ඔහුගේ දුරකථන සහ පර්ස් එක ඔහුත් සමග පැමිණි යහළුවට දෙන්න කියලා ඔහුව කූඩුවට දැම්මා.

-වලී-
24.06.2013

2013-06-18

අනේ ඉතින් මට මූගේ කණට දෙකක් දෙන්න හිතුණා...

මගේ යාළුවෙක් ගැහැනු ළමයකුට ආදරය කළා. ඔහු ඇයගෙන් යාළු වෙන්න ඇහුවා. එහෙත් ඇය ඔහුට ආදරය කරන්න කැමති වුණේ නැහැ. ඔහු නැවත නැවතත් ඇයගේ ආදරය ලබා ගන්න උත්සාහ කළත් එයත් සාර්ථක වුණේ නැහැ.

‍"මේක අතහැරලා දාපන්" යැයි අපි ඔහුට කොයිතරම් පැවසුවත් ඔහු ඒවා පිළි ගන්නට කැමැති වුණේ නැත්තේ ඒ තරම් ම ඔහු ඇයට ආදරය කළ නිසා වෙන්න ඇති.

කොහොම වුණත් අවුරුද්දක් පමණ ගත වුවත් ඔහුගේ උත්සාහය සාර්ථක වුණේ නැති තැන ඔහු තීරණය කර තිබුණා ඇය ඔහුට අකමැති වුණේ ඇයි කියලා දැන ගන්න ‘පේන‘ බලන්න කට්ටඩියෙක් හමු වෙලා විස්තර දැන ගන්න. 

ඉතින් කට්ටඩියා හමුවෙලා ඇවිත් ඔහු මා සමග මෙහෙම කිව්වා. "මචං අරයා මට අකමැති වෙච්ච හේතුව හොයා ගත්තා. කට්ටඩියා ආවේස වෙලා ඇත්තම විස්තරේ බලාගෙන හිටියා වගේ කිව්වා. එයාගෙන් මම යාළුවෙන්න අහනකොට එයා හිතලා තියෙන්නේ මම වැරදි දෙයකට ආරාධනා කරා (සභ්‍ය භාෂාවෙන් ලිව්වේ) කියලාලූ.."

ඌ මෙහෙම තව ගොඩාක් දිගට කියවගෙන ගියා.
මම උගෙන් ඇහුවා "මචං... උඹ කට්ටඩියා ආවේස වෙන්න කලින් පොරත් එක්ක කතා කර හිටිය දි කියලා"

මූ කියනවා "ඔව් පොඞ්ඩක් වෙලා කතා කර කර හිටියා" කියලා.

මම ඇහුවා කොච්චර වෙලා කතා කර කර හිටියට කියලා. විනාඩි 15ක් විතර කිව්වා.

අනේ ඉතින් මට මූගේ කණට දෙකක් දෙන්න හිතුණා...


මුහුනු පොතට සෙට් වෙන්න මෙතන කොට

2013-06-17

දුමින්ද සිල්වා මිනිසුන්ව අන්දන විධිය

මගේ තාත්තට හදවත් රෝගය හැදිලා හිටියා. දුමින්ද මහත්තයා මේවගේ අයට උදව් කරනවා කියා කට්ටිය කියපු නිසා අපේ තාත්තාටත් උදව්වක් ගන්න එතුමා හමුවෙන්න අපිත් ගියා. මේවගේ ලේඩරෝග තියන අය ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා. එක්තරා චන්ද රැස්වීමක දි මේ ඔක්කොම වේදිකාවකට ගෙනල්ලා රු.25,000 ගානේ ලියුම් කවරයක දාලා දුන්නා. ඊට පස්සේ එයාගේ කැමරා අරන් ඇවිත් අපෙන් වොයිස් කට් ගත්තා. අපිත් රු. 25,000ක් ලැබුණ නිසා දුමින්ද මහත්තයාට ගොඩක් ස්තුති කළා. 

ඊට පස්සේ අපි ලියුම් කවර ඇරලා බලනකොට තිබුණේ රු.2000 ගානේ විතරයි. අපි ගිහින් එයාගේ ගෝලයන්ගෙන් ඇහුවහම ඉතිරි සල්ලි පස්සේ දෙන්නම් කිව්වා. හැබැයි එතැනින් පස්සේ කවදාවත් ඒ ඉතිරි සල්ලි නම් හම්බ වුණේ නැහැ.

(සැ.යු. මේ දුමින්ද සිල්වා මුල්ලේරියාවේදී සිදු වූ වෙඩි තබා ගැනීමට පෙර කාලයේ දී මුල්ලේරියාව පැත්තේ මල්ලි කෙනෙක් මට කීව කතාවක්)

2013-06-14

‍මුහුණු පොතෙන් හමුවූ අංකල්...

මීට ටික දවසකට පෙර එක මහත්මයෙක් මාව හඳුනා ගන්නට කැමැති බව දන්වා මට චැට් මැසේජ් එකක් එවලා තිබුණා. ඉන්පසු දවස් කිහිපයක් විතර ඉඳහිට විවිධ තොරතුරු කතාබහ කළා. ඔහු අවුරුදු 51ක අයෙක් බව පැවසුවා. 

පසුව ඔහු අනවශ්‍ය තොරතුරු මගෙන් අහන්න එන පාටකුත් මට නිකමට කෙරෙමින් තිබුණා. 

පසු දවසක ඔහු මගෙන් මෙසේ අසා තිබුණා... 

on ,are you interested about men ,well pls dont misunderstand me ,but i like young boys ,but i need a good friendship not a short term ,i m looking for a good friend ,so if you are really interested about this kind of relationship ,please let me know ,if not forget about this and u can remove me ,i m bisexual man ,so that is why i wanted to have connection whith you ,so i m sorry for asking this type of a thing ,thanks

මට ඔහුගේ මෑනියන් මතක් වෙන තරම් කෙන්තියක්, දැඩි පිළිකුලකුත් ඇති අළුනත්, ඔහුගේ මානසිකත්වය ගැන සිතා කිසිවක් නොකිය ඔහුව බලොක් කරලා දැම්මා.

2013-06-13

මගේ යාළුවෙක් ඔහුගේ මුහුණු පොතේ මෙහෙම ලියලා තිබුණා.


Mage yahaluwek Ohuge FB wall eke mehema liyala thibba...

y apitama mehema wenne, jivithe parana pankadayak wage welenawaaa, egena gaththa apita puluwan vidiyata, eth jobs neha, athe sathayak neha, y apitama mehema wenne, api wage jivithe ekama thena pallwena kollonta anagathayak nedda dr...


මම ඔහුට මෙහෙම කිව්වා..

Wali >>> 
ජිවිතයේ ගැටලු වැඩිවෙන කොට එක එක අසුබවාදී සිතුවිලි ඇති ‍ෙවනවා. විශේෂයෙන් මුදල් අතේ නැති වුණාහම ඒක තවත් තීව්ර වෙනවා. අවාසනාවකට ඔබ වැනි තරැණ කොල්ලන්ට අවශ්‍ය කාලෙදි අවශ්‍ය දේ කරන්න පොළඹවන්න, උදව් කරන්න අපේ රටේ ක්රමවේද හදලා නැහැ. ඒවා තිබ්බත් නමට තියන ඒනා විතරයි.
බොරැ සංවර්ධන මේනියාවක් හැදිලා මේ ආණ්ඩුවත් සල්ලි කොටි ගණන් වියදම් කරනවා. හැබැයි වෙලා තියන සංවර්ධනයක් නැහැ. බඩගින්නේ සිටින, වකුගඩු වගේ රෝගවලින් පෙලෙන අහිංසක ජනතාව ගැන උන්ට ගාණක් නැහැ. උන් ඔබෙන් අපෙන් ලබා ගන්නා මුදල්වලින් සෝබනේ පෙන්නන වැඩ කරනවා. නිකං බලන්න පත්තරයක් අරගෙන අරෙහේ විවෘත කරනවා මෙහේ විවෘත කරනවා කිය කියා පත්තරවල වර්ණ පිටුවලින් ඇඩි පුරවනවා. මේ ඇඩ් වෙනුවෙන් පවා වියදම් කරන සල්ලි ඔක්කොම ඔබ, අප වැනි අයගෙන් ලබා ගන්නා සල්ලියි. අපේ අයිතිවාසිකම් ගන්න අද අපට සටන් කරන්න වෙලා.
දුක් වෙන්න එපා, අධෛර්ය වෙන්න එපා. එක වෙලෙක් හරි කාලා ජිවිතය ජය ගන්න තනියම උත්සාහ කරන්න. තියන පොඩි දෙයක් හරි කරන්න. එකපාරටම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරැයිනේ. මට විශ්වාසයි ඔබගේ අනාගතය සුබවාදියි. ඔබ හිත හොද කොල්ලෙක්. ඒකනේ ඔබේ හිතේ තියන අවංකකම මෙහෙම ලියලා තියෙන්නේ. ඔබට ජය...