2013-06-13

මගේ යාළුවෙක් ඔහුගේ මුහුණු පොතේ මෙහෙම ලියලා තිබුණා.


Mage yahaluwek Ohuge FB wall eke mehema liyala thibba...

y apitama mehema wenne, jivithe parana pankadayak wage welenawaaa, egena gaththa apita puluwan vidiyata, eth jobs neha, athe sathayak neha, y apitama mehema wenne, api wage jivithe ekama thena pallwena kollonta anagathayak nedda dr...


මම ඔහුට මෙහෙම කිව්වා..

Wali >>> 
ජිවිතයේ ගැටලු වැඩිවෙන කොට එක එක අසුබවාදී සිතුවිලි ඇති ‍ෙවනවා. විශේෂයෙන් මුදල් අතේ නැති වුණාහම ඒක තවත් තීව්ර වෙනවා. අවාසනාවකට ඔබ වැනි තරැණ කොල්ලන්ට අවශ්‍ය කාලෙදි අවශ්‍ය දේ කරන්න පොළඹවන්න, උදව් කරන්න අපේ රටේ ක්රමවේද හදලා නැහැ. ඒවා තිබ්බත් නමට තියන ඒනා විතරයි.
බොරැ සංවර්ධන මේනියාවක් හැදිලා මේ ආණ්ඩුවත් සල්ලි කොටි ගණන් වියදම් කරනවා. හැබැයි වෙලා තියන සංවර්ධනයක් නැහැ. බඩගින්නේ සිටින, වකුගඩු වගේ රෝගවලින් පෙලෙන අහිංසක ජනතාව ගැන උන්ට ගාණක් නැහැ. උන් ඔබෙන් අපෙන් ලබා ගන්නා මුදල්වලින් සෝබනේ පෙන්නන වැඩ කරනවා. නිකං බලන්න පත්තරයක් අරගෙන අරෙහේ විවෘත කරනවා මෙහේ විවෘත කරනවා කිය කියා පත්තරවල වර්ණ පිටුවලින් ඇඩි පුරවනවා. මේ ඇඩ් වෙනුවෙන් පවා වියදම් කරන සල්ලි ඔක්කොම ඔබ, අප වැනි අයගෙන් ලබා ගන්නා සල්ලියි. අපේ අයිතිවාසිකම් ගන්න අද අපට සටන් කරන්න වෙලා.
දුක් වෙන්න එපා, අධෛර්ය වෙන්න එපා. එක වෙලෙක් හරි කාලා ජිවිතය ජය ගන්න තනියම උත්සාහ කරන්න. තියන පොඩි දෙයක් හරි කරන්න. එකපාරටම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරැයිනේ. මට විශ්වාසයි ඔබගේ අනාගතය සුබවාදියි. ඔබ හිත හොද කොල්ලෙක්. ඒකනේ ඔබේ හිතේ තියන අවංකකම මෙහෙම ලියලා තියෙන්නේ. ඔබට ජය...

2013-06-10

දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බංඩාර දිසානායක (එස් බී දිසානායක) මාමා

ජපුර medical faculty එකෙන් වෛද්‍ය උපාධිය රැ. ලක්ෂ ගණන්වලට විකිණීම අරඹලා...
මේ ආරම්භය පමණයි...
සල්ලි ලැබෙන්න ලැබෙන්න මුදලට තියන කෑදරකම වැඩි වෙන්න පුළුවන්...ගුණාත්මක බව ඉහළින් තිබූ මෙරට වෛද්‍ය උපාධිය මුදල කෙරෙහි වැඩි අවධානය නිසා උපාධියේ ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන්...
සල්ලිවලට ඇති කෑදරකම නිසා ඉදිරියේ දී මුදලට උපාධි ලබා ගන්න සිසුන් පිරිස වැඩි කර, නිදහස් අධ්‍යාපනය යටතේ බදවා ගන්න පිරිස අඩු කරන්න පුළුවන්...
අති දක්ෂ පිරිසකට එළියේ ඉන්න සිද්ධ වෙනකොට, එතරම් දක්ෂ නොවන එහෙත් මිල මුදල් යහමින් ඇති පිරිසක් ඇතුළු වීමෙන් උපාධියේ ගුණාත්මක බවට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්...
මුදලට ගන්නා පිරිසට මුල් තැන දීමෙන් අනිකුත් උසස්පෙළ සිසු සිසුවියන්ගේ ඉගෙනීමට ඇති ‍‍‍‍ධෛර්ය අඩු වෙලා මුදල් තිබුණා නම් කියන අව මානසිකත්වය ඇති වෙන්න පුලුවන්...

වැඩිකලක් නොගොසින්ම සියලුම සිසු සිසුවියන් මුදල් ගෙවා ඉගෙන ගත යුතුයි කියා දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බංඩාර දිසානායක (එස් බී දිසානායක) මාමා වගේ අය නීති රීති ගේන්න පුළුවන්...
ජනතාවට ජයවේවා...

2013-06-07

කම්හල් මගින් කලා නිර්මාණ බිහි කළ හැකි ද!

මාධ්‍යවේදියා ද කලා කාරයෙකි. ඔහුගේ පෑනට, විවෘත මනසට නාස් ලණු දමන්නට ලොවෙත් නැති අමතු නීති තොගයක් දමන්නට ආණ්ඩුව සැරසෙමින් සිටී. 

එක ප්රශ්නයක් ඇසිය යුතු ය. කම්හල් මගින් කලා නිර්මාණ බිහි කළ හැකි ද! 

මේ කරන්නට යන්නේ ද එයමය....

2013-05-29

පොඩි හාමුදුරුවෝ කී කතාව...

පොඩි හාමුදුරුවෝ කී කතාව...

***
සුනන්ද... සුනන්ද... මෙහෙ වරෙන්...

මම උඹට කිව්වා නේද අර දානේ ගෙනාපු බාස්කට් ටික හෝදලා දාන්න කියලා. තොපි මෙතන බත් ගිල ගිල විතරක් ඉන්නේ නැතිව කියන වැඩක් කරපියව්. නැත්නම් චුත වෙලා පලයව්.
පුංචි සුනන්ද හුාමුදුරුවෝ උදේ දානේ ගෙනාපු බාස්කට් ටික දෑතින් ම බදා ගෙන කුස්සිය වෙත දිව්වේ නන්ද හුමුදුරුවන්ගේ සැරපරුෂකම දන්නා බැවිනුත්, මීළඟට කොහෙන් හෝ අතින් පයින් පහරක් වදින්නටත් බැරිකමක් නොමැති නිසා ය.

ඊයෙත් මම ඔක්කොම අස් කළේ. ලොකු හුමුදුරුවෝ පන්සලේ නැතිනම් නන්ද හාමුදුරුවෝ කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්න වෙන්නේ මටයි අනිත් පොඩි හාමුදුරුවෝ දෙන්නට යි. ලොකු හාමාදුරුවෝ ඉන්න කොට විතරක් නන්ද හුමුදුරුවෝ වැඩ කරනවා ලකුණු දාගන්න. එත් නැති වෙනකොට අපිට ගහලා, බය කරලා තියන වැඩ ඔක්කොම කර ගන්නවා. මේ ගැන ලොකු හාමුදැරුවන්ට කිව්වත් වැඩක් නැහැ. ලොකු හාමුදුරුවොත් නන්ද හාමුදුරුවන්ට කිසිම දෙයක් කියන්නේ නැහැ.

***

ගෙදර ඉන්නකොට නම් අම්මා කවදාවත් අපිට කියලා මෙහෙම වැඩ කරවා ගත්තේ නැහැ. කවදාවත් අම්ම, තාත්තා අපිට කැත විධිහට ගහලා නැහැ. එත් මෙහේදි නම් හැමදාම නන්ද හාමුදරුවන්ගෙන් ගුටි කනවා. කැත වචන අහගන්න සිද්ධ වෙනවා. එත් ලොකු හාමුදරුවෝ නම් එහෙම ගහන්නේ නැහැ.

දානේ, බණ, පිරිත් එහෙම නම් හැමදාම වගේ තියනවා. ඒවාට යන එක නම් දැන් හොඳටම එපා වෙලා. පිරිතක් හෝ මළ ගෙදරක බණකට ලොකු හාමුදැරුවෝ එක්ක අනිවාර්යෙන්ම යන්න වෙනවා. නන්ද හාමුදුරුවෝ නම් ඒවාට යන්නේ නැ. කොහොම හරි අපිව බය කරවලා යවනවා. පිට ගෙවල්වල දානේ තියන දවස්වල නම් අපිට පොත්පත්, බෑග් වගේ එක එක දේවල් හම්බ වෙනවා. ඇපල්, මිදි වගේ දේවල් මළු ගණන් හම්බ වෙනවා. සමහර දුප්පත් ගෙවල්වල පිරිතක් එහෙම කිව්ව දවස්වල වෙලාවකට අඩු මුදලක් තමයි ලැබෙන්නේ. එතකොට අපිත් එක්ක යන එන එක එක පංසල්වල ලොකු හාමුදැරුවරු ගෙවල්වල අයට ඇහෙන්නේ නැති වෙන්න අපිත් එක්ක එක එක දේවල් කියලා ඒ මිනිස්සුන්ට බනිනවා.

පංසලේ විවිධ උත්සව නම් නිතර නිතර තියනවා. පිරිත්, දාන, විවෘත කිරීම්, සැමරුම්, ඉදිකිරීම් වගේ දේවල් නිතර ම පැවැත්වෙනවා. මිනිස්සුන්ගෙන් ඒවාට සල්ලිත් ගොඩාක් හම්බ වෙනවා. ලොකු හාමුදුරුවෝ එහෙම හම්බ වෙන සල්ලි, බඩු වගේ දේවල් දාන්නේ එයාගේ කාමරේ කබඞ් එකේ. නන්ද හාමුදුරුවෝ නම් ඒ කබඞ් එකෙන් 5000, 10000 වගේ සල්ලි නිතරම ගන්නවා. ලොකු හාමුදැරුවන්ට කිව්වොත් එහෙම අපිට ගහනවා කියලා බය කරනවා.

දානේ ගෙවල්වලින් නම් ඕනෑ තරම් මස් මාළු අපිට හම්බ වෙනවා. එහෙත් පංසලට ගේන දාන වේලවල්වල නම් මස් ගේනවා අඩුයි. හැබැයි මාළු නම් හැමදාම වගේ පංසලට ගේන දාන වේලේ තියනවා. සමහරක් ගෙවල්වලින් ගේන දාන වෙලේ හොදිවල එහෙම වතුර ගතිය වැඩියි. එතකොට නන්ද හාමුදුරුවෝ නම් ඒ දානේ ගේන අයට අපිත් එක්ක කිය කියා බනිනවා.
අපි ගෙදර ඉන්න කාලේ ලැබුණු නැති, හීනයක් වෙලා තිබුණ කෑම ජාති, බීම ජාති නම් ඕනෑ තරම් තිබෙනවා. රසම රස කෑම වේලවල්, පලතුරු වර්ග, පැණි රස කෑම ඕනෑ තරම් පන්සලේ දී ලැබෙනවා. එහෙත් ගෙදර පවුලේ අය එක්ක ඉන්නකොට හිතේ තිබුණ සතුට මෙහෙදි ලැබෙනවාද කියලා ඇත්තටම දැනෙන්නේ නැහැ.

මම මෙහෙට ආපු දවස්වල එක දවසක් ? වෙලා බොධිය ගාව පඩි පෙළේ ලොකු හාමුදුරුවෝ දවසක් මාව ළඟට අරගෙන මගේ ගෙදර විස්තර අහ අහා හිටියා. ඒ ඉන්න අතරේ මගේ අත පය, මුහුණ එහෙම අත ගගා හිටියේ. පැය ගණනාවක් එහෙම ඉන්න අතරේ හිතට කිව නොහැකි ලෙස ආසාවක් දැනෙන වැඩක් කළා. මගේ හිතත් ගොඩාක් කුල්මත් වුණා. මම පස්සේ දවස්වල දැක්ක ලොකු හුමුදුරුවෝ අනිත් පොඩි හාමුදුරුවන්වත් ඒ විධිහට ලං කරගෙන ඉන්නවා. පස්සේ අපි අතරේ ඒක නිතර නිතර වුණා. මෙහෙට එන සමහර අයියලාත් අපිත් එක්ක ඒ විධිහට ඉන්න පුරුදු වුණා.

මගේ මල්ලිත් තාම දෙකේ පන්තියේ ඉන්නේ. ලොකු හාමුදැරුවෝ අපේ ගෙදර ගියපු දවස්වල මල්ලිවත් ළං කර ගෙන අහනවා මහණ වෙන්න කැමති ද කියලා. මල්ලිත් හරිම ආසයි මෙහෙට එන්න. අපි පන්සලෙන් අරගෙන යන පලතුරු මල්ල, කැවිලි මල්ල දැක්කහම මල්ලිත් හිතනවා ඇති මෙහේ හරිම සුන්දරයි කියලා. එහෙත් මම තාත්තාටයි අම්මාටයි කිව්වා මල්ලි ව මහණ කරන්න එපා කියලා. මම දන්නවා මල්ලි ආවත් එයාටත් මේ දේවලවලට මහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා.

අවුරුදු කිහිපයක් මම මෙහේ විවිධ දුක් විඳ දරා හිටියත් අවසානයේ දී ඔක්කොම අතහැරලා දාලා ආපහු ගෙදරට යන්න හිතුවා මේ දේවල් තවත් විඳ දරා ගන්න බැරි නිසයි. තාත්තයි අම්මයි මහන්සි වෙලා කුඹුරු කරලා, කුලියට වැඩ කරලා හම්බ කරලා දෙන දෙයින් අපේ පවුලේ පස් දෙනෙක් නඩත්තු වුණත්, වේලක් හැර වේලක් කාලා හෝ ඉන්න එක කොයි තරම් සතුටක් ද කියලා හිතුණා. සමහර දවස්වලට තාත්තා බීලා ඇවිත් කරදර කරනවා. ඒ ගැන නම් ගොඩාක් දුකයි. ඒත් මොනවා කරන්න ද කියලා ඔහු අවසානයේ පැවසුවා.

පසු සටහන
නූගත් මානව සමාජයේ යහපත් පැවැත්ම සඳහාත්, මිනිසුන් තුළ මනා හික්මීමක් ඇති කිරීම උදෙසාත් ආගමකින් ලැබෙන පිටිවහල මහත් ප‍්‍රයෝජනවත් ය. කෙසේ වෙතත් අන් කවරදාටත් වඩා වර්තමානයේ ‘ආගම’ ඉතාමත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කරගෙන ඉන්නා පිරිසක් සිටිනා බව තේරුම් ගැනීම ඕනෑ ම කෙනකුට අපහසු වන්නේ නැත. තමන්ගේ ව්‍යාපාරය බිඳ වැටෙතැයි බියෙන්, එසේ ම තමන් යමක් කළේ නැති නම් හොඳ නැතෙයි යන්නෙන් ඇතැමුන් විවිධ ආගම්වලින් තම ආගමට තර්ජනය වෙනවා යැයි කියමින් විවිධ සංවිධාන සාදා ගනිමින් කලකෝලාහල කරමින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නට උත්සාහ දරයි.

ඉහත සිදුවීම එක් සිදු වීමක් පමණි. එය සිවුරු හැරිය පොඩි හාමුදුරු නමක් විසින් කළ හෙලිදරව්වකි.

පැහැදිලි ව මෙසේ කිව යුතු යැයි සිතමි. මෙය කිසිවකු ඉලක්ක කරගෙන ලියන ලද්දක් නොවේ. සමාජයේ ඇති එක් සංවේදී පැත්තක් හෙළිදරව් කිරීම පමණකි. මෙවැනි සිදුවීම් වර්තමානයේ ආගම බිස්නස් එකක් කරගෙන සිටිනා බහුතර පිරිසක් වෙතින් සිදු වෙන්නකි. මේ පිළිබඳ ව සමාජය දැනුවත් වීමත්, එමගින් යහපත් සමාජයක පැවැත්මට යමක් ලබා ගත හැකි නම් ඉතා අගනේ ය.

(අන්තර්ජාලයෙන් සොයා ගන්නා ලද්දකි)

2013-05-27

ඌරන්, කුකුලන්, මාළුන් වැනි සතුන් ගැන අනුකම්පාවක් මේ කියන සැදැහැවත් බෞද්ධන්ට සංවේදිකමක් නැත්තේ ඇයි කියන දේ ප‍්‍රශ්නාර්ථයක්?

ඉන්දරතන හිමියන් ගව ඝාතනයට විරුද්ධ යැයි කියමින් මිනිසුන්ගේ ඇස් අරවාලන්නට ගිනි තබා ගෙන අපවත් වී අවසාන යි. එම ක‍්‍රියාව දොහොත් මුදුන් දී පිලි ගන්නා උදවියත්, එසේ ම එහි ඇති අන්තගාමි, නොදැනුවත්කම පිළිබඳ තර්කයත් පදනම් කර ගෙන ෆේස්බුක් හිතවතුන් සුවිශාල ලෙස වාදා විවාද කරමින් සිටියි. 

විවිධ අන්තවාදී බෞද්ධ සංවිධාන මෙයින් තමන්ගේ කොටස වැඩි කර ගන්නට දත නියවමින් ඉන්නවා.

ගව ඝාතනය, ගව මස් කෑම පිළිබඳ අපේ රටේ යම් කතිකාවක් තියනවා. එය හුදෙක් ම මුස්ලිමු විරෝධී අන්තගාමීන් ගෙන ප‍්‍රචාරයක් ය යන්න මගේ අදහසයි. ඒ ඇයි කියනවානම් ඌරන්, කුකුලන්, මාළුන් වැනි සතුන් ගැන අනුකම්පාවක් මේ කියන සැදැහැවත් බෞද්ධන්ට සංවේදිකමක් නැත්තේ ඇයි කියන දේ ප‍්‍රශ්නාර්ථයක්?

කෙසේ හෝ ඉන්දරතන හාමුදුරුවෝ අපවත් වී අවසාන යි. උන් වහන්සේගේ වීර ක‍්‍රියාව ගැන මගේ උත්තමාචාර ලබා දීමට පසුබට වන්නේ නැහැ. ඔහු කළ මේ සියදිවි නසා ගැනීම නිසාම දැන් දැන් ලොකු කතිකාවක් ඇති වෙමින් තියනවා. එහෙත් උන් වහන්සේගේ නොදැනුවත්කම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා උන් වහන්සේ අල්ලා ගත්තේ එක අත්තක් විතරයි. ඒ නිසා මේ ක‍්‍රියාව ගැන තියෙන්නේ ලොකු අනුකම්පාවක් විතරයි.

2013-05-02

ආවේශවීම

සන්නිවේද කටයුතු අතරින් මෙතරම් දියුණවට පත් වූ ලෝකයේ පවා තවමත් ආවේශවීම, අමනුෂ්යන බලපෑම් ආදී ගැන විශ්වාස තබමින් තම මුදල් විනාශ කර ගන්න, තම ජීවිත පවා අවදානමකට ලක් කර ගන්නා විශාල පිරිසක් අප සමාජයේ සිටීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. 

එක අතකට උපතේ සිටටම පවුලෙන්, පාසලෙන්, සමාජයෙන් මෙවැනි දෑ පිළිබද නිසි දැනුමක් නොලැඹීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මෙහි පහත පිංතූරයේ දක්වා ඇත්තෙත් එක්තරා ගැහැනු ළමයෙක් යම් සිද්ධියක් මුල් කර ගෙන මානසික රෝගි තත්වයකට පත් වී සිටි අවස්ථාවක දී එය ආවේශ වීමක් ලෙස වැරදි ලෙස වටහාගෙන දේවාලයක් ආරම්භ කරන ලෙස පවුලේ සහ ඥාතින්ගේ ලැබුණු උපදෙස් මත දේවලයක් පටන් ගෙන කටයුතු කළ ගැහැනු ළමයකුට අත් වූ ඉරණම පිළිබද ගැන වෛදවරයා විසින් දැක් වූ අදහස් ය.

මහා භදකාලි අම්මාගේ බලය ලැබී කටයුතු කළ බව කියන ඇය අවසානයේ ආවේශ වී සිටිය අවස්ථාවද දී ම ඇගේ මාමා විසින් අතවර කර ඇත. ඇය ඒක දැන ගන්නේ මාස ගාණකට පසුවය. ඒ බඩේ අමාරැවට සහ වමනය යාමට රෝහලට ගිය අවස්ථාවක දී ය. දේවාල පසු පස ගොස් ලෙඩ සුව කිරීමට පෙළඹී සිටින්නන් මේවා ගැන දැන ගත යුතු ය. මේවා මිත්යාා විශ්වාස බව දැනගත යුතු ය.
(ලංකාදීප පුවත්පතේ පළ වූ සිද්ධියක් ඇසුරිනි)



2013-04-27

News

ජාතික රූපවාහිණියෙයි ITN එකෙයි ප‍්‍රවෘත්ති බලන්නම දෙයක් නැහැ තනිකරම ආණ්ඩුවේ කුණු ටික අපුල්ලනවා. 

ඒ නිසා ස්වර්ණවාහිනී news බැලූවා. එකේ news දාන්නේ තොත්ත බබාලට. ඒ නිසා ඒකත් එපා වුණා. 

දෙරණත් වටින් ගොඩින් ආණ්ඩුවටම හේත්තු වෙලා news දාන නිසා ඒකත් එපා වුණා.

සිරස news වල නම් පොඩි ගතියක් තිබුණා. එහෙත් රනිල් එක්ක කොන්තර මකා ගන්න වැඩි කාලයක් news වලට දෙන්න ගත්තහම ඒකත් එපා වුණා.
 Hiru TV news  පොඞ්ඩක් නැගලා ආවා. දැන් එකත් දුමියාගේ ගොබ්බ කතා දානන්න පටන් අරං...

මීට පස්සේ TV news බලන්න බලාපොරොත්තුවක් නැහැ.



2013-04-08

මේ බබා ගීත කියනවා හරිම ලස්සනයි.


මේ බබා ගීත කියනවා හරිම ලස්සනයි. 
හරිම ආකර්ශනීයයි. 
තවම ළමා අවධියේ ඉන්න නිසා හොද නරක තේරෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන්ගේ ඝෘජු අවධාණය යොමු විය යුතුයි. 
මෙවැනි කුඩා දරුවෙක් මෙවැනි සංගීත සංදර්ශනවල ගීත කීම මා අනුමත කරන්නේ නැහැ. 
එහෙත් ඇයගේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ අවස්ථාත් තිබිය යුතු යි. 
එහෙත් පවතින තත්ත්වය වෙනස් කරන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයිනේ.. 
ඇයගේ දෙමව්පියන් සහ වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියනවා ඇයගේ අනාගතය ගැන...


වීඩියෝව මෙතැනින් බලන්න

2013-04-06

ගැහැනු ළමයින්ගේ makeup


අද කාලේ ගැහැනු ළමයි makeup දාන්න ගිහින් හොදට අනා ගන්නවා... 
makeup එකක් දා ගන්නේ මුහුනේ පෙනුම/ලස්සන තව ටිකක් වැඩි කර ගන්න උනත්, දැන් කරන්නේ මුහුණ විකෘති කර ගන්න එකයි... 
කලූ අය සුදු කර ගන්න හදනවා... 
සුදු අය මුහුණ වෙනස් කර ගන්න හදනවා... 
බලන කොට මේ ඉන්නේ හිටපු කෙනාම ද කියලා හිතා ගන්නවත් බැරි වෙනවා. එතකොට ඇත්තටම ඇති වෙන්නේ ලස්සනක් නෙමෙයි අවලස්සනක්...
ගැහැනු ළමයිනේ...
makeup දා ගත්තට වරදක් නැහැ,
හැබැයි මුහුණ විකෘති කර ගන්න එපා.
ඊට වඩා ඔය තියන මුහුණවල් ටික ලස්සනයි..

2013-04-05

දොස්තරටත් අවුරැදු සෙල් එකක් දාන්න හිතිලා වගේ

හැමදේම විකුණන, විකිණෙන සමාජයේ මේ දොස්තරටත් අවුරැදු සෙල් එකක් දාන්න හිතිලා වගේ. වෛද්‍ය උපාධිධාරි මෙවැනි අයකුගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු වෙන්න අමාරැයි.. කොහොම වුණත් මා දන්නා පරිදි වෛද්‍ය ආචාරධර්ම අනුව මෙවැනි ප්රචාරයන් කිරීම නීතිවිරෝධියි.