පොඩි හාමුදුරුවෝ කී කතාව...
***
සුනන්ද... සුනන්ද... මෙහෙ වරෙන්...
මම උඹට කිව්වා නේද අර දානේ ගෙනාපු බාස්කට් ටික හෝදලා දාන්න කියලා. තොපි
මෙතන බත් ගිල ගිල විතරක් ඉන්නේ නැතිව කියන වැඩක් කරපියව්. නැත්නම් චුත වෙලා
පලයව්.
පුංචි සුනන්ද හුාමුදුරුවෝ උදේ දානේ ගෙනාපු බාස්කට් ටික දෑතින්
ම බදා ගෙන කුස්සිය වෙත දිව්වේ නන්ද හුමුදුරුවන්ගේ සැරපරුෂකම දන්නා
බැවිනුත්, මීළඟට කොහෙන් හෝ අතින් පයින් පහරක් වදින්නටත් බැරිකමක් නොමැති නිසා ය.
ඊයෙත් මම ඔක්කොම අස් කළේ. ලොකු හුමුදුරුවෝ පන්සලේ නැතිනම් නන්ද හාමුදුරුවෝ
කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්න වෙන්නේ මටයි අනිත් පොඩි හාමුදුරුවෝ
දෙන්නට යි. ලොකු හාමාදුරුවෝ ඉන්න කොට විතරක් නන්ද හුමුදුරුවෝ වැඩ කරනවා
ලකුණු දාගන්න. එත් නැති වෙනකොට අපිට ගහලා, බය කරලා තියන වැඩ ඔක්කොම කර
ගන්නවා. මේ ගැන ලොකු හාමුදැරුවන්ට කිව්වත් වැඩක් නැහැ. ලොකු හාමුදුරුවොත්
නන්ද හාමුදුරුවන්ට කිසිම දෙයක් කියන්නේ නැහැ.
***
ගෙදර
ඉන්නකොට නම් අම්මා කවදාවත් අපිට කියලා මෙහෙම වැඩ කරවා ගත්තේ නැහැ. කවදාවත්
අම්ම, තාත්තා අපිට කැත විධිහට ගහලා නැහැ. එත් මෙහේදි නම් හැමදාම නන්ද
හාමුදරුවන්ගෙන් ගුටි කනවා. කැත වචන අහගන්න සිද්ධ වෙනවා. එත් ලොකු හාමුදරුවෝ
නම් එහෙම ගහන්නේ නැහැ.
දානේ, බණ, පිරිත් එහෙම නම් හැමදාම වගේ
තියනවා. ඒවාට යන එක නම් දැන් හොඳටම එපා වෙලා. පිරිතක් හෝ මළ ගෙදරක බණකට
ලොකු හාමුදැරුවෝ එක්ක අනිවාර්යෙන්ම යන්න වෙනවා. නන්ද හාමුදුරුවෝ නම් ඒවාට
යන්නේ නැ. කොහොම හරි අපිව බය කරවලා යවනවා. පිට ගෙවල්වල දානේ තියන දවස්වල
නම් අපිට පොත්පත්, බෑග් වගේ එක එක දේවල් හම්බ වෙනවා. ඇපල්, මිදි වගේ දේවල්
මළු ගණන් හම්බ වෙනවා. සමහර දුප්පත් ගෙවල්වල පිරිතක් එහෙම කිව්ව දවස්වල
වෙලාවකට අඩු මුදලක් තමයි ලැබෙන්නේ. එතකොට අපිත් එක්ක යන එන එක එක පංසල්වල
ලොකු හාමුදැරුවරු ගෙවල්වල අයට ඇහෙන්නේ නැති වෙන්න අපිත් එක්ක එක එක දේවල්
කියලා ඒ මිනිස්සුන්ට බනිනවා.
පංසලේ විවිධ උත්සව නම් නිතර නිතර
තියනවා. පිරිත්, දාන, විවෘත කිරීම්, සැමරුම්, ඉදිකිරීම් වගේ දේවල් නිතර ම
පැවැත්වෙනවා. මිනිස්සුන්ගෙන් ඒවාට සල්ලිත් ගොඩාක් හම්බ වෙනවා. ලොකු
හාමුදුරුවෝ එහෙම හම්බ වෙන සල්ලි, බඩු වගේ දේවල් දාන්නේ එයාගේ කාමරේ කබඞ්
එකේ. නන්ද හාමුදුරුවෝ නම් ඒ කබඞ් එකෙන් 5000, 10000 වගේ සල්ලි නිතරම
ගන්නවා. ලොකු හාමුදැරුවන්ට කිව්වොත් එහෙම අපිට ගහනවා කියලා බය කරනවා.
දානේ ගෙවල්වලින් නම් ඕනෑ තරම් මස් මාළු අපිට හම්බ වෙනවා. එහෙත් පංසලට ගේන
දාන වේලවල්වල නම් මස් ගේනවා අඩුයි. හැබැයි මාළු නම් හැමදාම වගේ පංසලට ගේන
දාන වේලේ තියනවා. සමහරක් ගෙවල්වලින් ගේන දාන වෙලේ හොදිවල එහෙම වතුර ගතිය
වැඩියි. එතකොට නන්ද හාමුදුරුවෝ නම් ඒ දානේ ගේන අයට අපිත් එක්ක කිය කියා
බනිනවා.
අපි ගෙදර ඉන්න කාලේ ලැබුණු නැති, හීනයක් වෙලා තිබුණ කෑම
ජාති, බීම ජාති නම් ඕනෑ තරම් තිබෙනවා. රසම රස කෑම වේලවල්, පලතුරු වර්ග,
පැණි රස කෑම ඕනෑ තරම් පන්සලේ දී ලැබෙනවා. එහෙත් ගෙදර පවුලේ අය එක්ක
ඉන්නකොට හිතේ තිබුණ සතුට මෙහෙදි ලැබෙනවාද කියලා ඇත්තටම දැනෙන්නේ නැහැ.
මම මෙහෙට ආපු දවස්වල එක දවසක් ? වෙලා බොධිය ගාව පඩි පෙළේ ලොකු හාමුදුරුවෝ
දවසක් මාව ළඟට අරගෙන මගේ ගෙදර විස්තර අහ අහා හිටියා. ඒ ඉන්න අතරේ මගේ අත
පය, මුහුණ එහෙම අත ගගා හිටියේ. පැය ගණනාවක් එහෙම ඉන්න අතරේ හිතට කිව නොහැකි
ලෙස ආසාවක් දැනෙන වැඩක් කළා. මගේ හිතත් ගොඩාක් කුල්මත් වුණා. මම පස්සේ
දවස්වල දැක්ක ලොකු හුමුදුරුවෝ අනිත් පොඩි හාමුදුරුවන්වත් ඒ විධිහට ලං කරගෙන
ඉන්නවා. පස්සේ අපි අතරේ ඒක නිතර නිතර වුණා. මෙහෙට එන සමහර අයියලාත් අපිත්
එක්ක ඒ විධිහට ඉන්න පුරුදු වුණා.
මගේ මල්ලිත් තාම දෙකේ පන්තියේ
ඉන්නේ. ලොකු හාමුදැරුවෝ අපේ ගෙදර ගියපු දවස්වල මල්ලිවත් ළං කර ගෙන අහනවා
මහණ වෙන්න කැමති ද කියලා. මල්ලිත් හරිම ආසයි මෙහෙට එන්න. අපි පන්සලෙන්
අරගෙන යන පලතුරු මල්ල, කැවිලි මල්ල දැක්කහම මල්ලිත් හිතනවා ඇති මෙහේ හරිම
සුන්දරයි කියලා. එහෙත් මම තාත්තාටයි අම්මාටයි කිව්වා මල්ලි ව මහණ කරන්න එපා
කියලා. මම දන්නවා මල්ලි ආවත් එයාටත් මේ දේවලවලට මහුණ දෙන්න සිද්ධ වෙනවා
කියලා.
අවුරුදු කිහිපයක් මම මෙහේ විවිධ දුක් විඳ දරා හිටියත්
අවසානයේ දී ඔක්කොම අතහැරලා දාලා ආපහු ගෙදරට යන්න හිතුවා මේ දේවල් තවත් විඳ
දරා ගන්න බැරි නිසයි. තාත්තයි අම්මයි මහන්සි වෙලා කුඹුරු කරලා, කුලියට වැඩ
කරලා හම්බ කරලා දෙන දෙයින් අපේ පවුලේ පස් දෙනෙක් නඩත්තු වුණත්, වේලක් හැර
වේලක් කාලා හෝ ඉන්න එක කොයි තරම් සතුටක් ද කියලා හිතුණා. සමහර දවස්වලට
තාත්තා බීලා ඇවිත් කරදර කරනවා. ඒ ගැන නම් ගොඩාක් දුකයි. ඒත් මොනවා කරන්න ද
කියලා ඔහු අවසානයේ පැවසුවා.
පසු සටහන
නූගත් මානව සමාජයේ යහපත්
පැවැත්ම සඳහාත්, මිනිසුන් තුළ මනා හික්මීමක් ඇති කිරීම උදෙසාත් ආගමකින්
ලැබෙන පිටිවහල මහත් ප්‍රයෝජනවත් ය. කෙසේ වෙතත් අන් කවරදාටත් වඩා වර්තමානයේ
‘ආගම’ ඉතාමත් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කරගෙන ඉන්නා පිරිසක් සිටිනා බව
තේරුම් ගැනීම ඕනෑ ම කෙනකුට අපහසු වන්නේ නැත. තමන්ගේ ව්‍යාපාරය බිඳ
වැටෙතැයි බියෙන්, එසේ ම තමන් යමක් කළේ නැති නම් හොඳ නැතෙයි යන්නෙන් ඇතැමුන්
විවිධ ආගම්වලින් තම ආගමට තර්ජනය වෙනවා යැයි කියමින් විවිධ සංවිධාන සාදා
ගනිමින් කලකෝලාහල කරමින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නට උත්සාහ දරයි.
ඉහත සිදුවීම එක් සිදු වීමක් පමණි. එය සිවුරු හැරිය පොඩි හාමුදුරු නමක් විසින් කළ හෙලිදරව්වකි.
පැහැදිලි ව මෙසේ කිව යුතු යැයි සිතමි. මෙය කිසිවකු ඉලක්ක කරගෙන ලියන
ලද්දක් නොවේ. සමාජයේ ඇති එක් සංවේදී පැත්තක් හෙළිදරව් කිරීම පමණකි. මෙවැනි
සිදුවීම් වර්තමානයේ ආගම බිස්නස් එකක් කරගෙන සිටිනා බහුතර පිරිසක් වෙතින්
සිදු වෙන්නකි. මේ පිළිබඳ ව සමාජය දැනුවත් වීමත්, එමගින් යහපත් සමාජයක
පැවැත්මට යමක් ලබා ගත හැකි නම් ඉතා අගනේ ය.
(අන්තර්ජාලයෙන් සොයා ගන්නා ලද්දකි)
kathanwa aththa
ReplyDeleteඑකනේ එකනේ
Deletehebei hema thenama ehema nee
ReplyDelete