2014-07-10

මහින්ද මහත්තයා ගියොත් ෆයිනල් මැච් පරදිනවා ද?

මහින්ද රාජපක්ෂ මහත්තයා ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් මැච් එක පරදිනවා කියලා අපේ සමාජයේ ලොකු විශ්වාසයක් තියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පැරදුණු ෆයිනල් මැච් 04කට ද කොහෙදෝ එතුමා ගිය එක.

මහින්ද මහත්තයා ගියා කියලා මැච් එකක් පරදිනවා කියන හනමිටි අදහස්වල නම් මම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්.. 
මානසික නිදහස-මානසික විශ්වාසය යම් කටයුත්තක් සාර්තක කර ගන්න ඉතා වැදගත් වෙනවා. දැනට සමාජයේ තියන මතවාදය එක්ක මහින්ද මහත්තයා පැමිණීම නිසා ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රණය පිළිබද පූර්ව විශ්වාසය/ජවය බිදවැටීමෙන් පරාජයේ අමිහිරි සිතුවිලි එක්ක තරගයක් පරාජය වීමේ ඉඩකඩ තියනවා. ඒක හින්දා එතුමා ගෙදෙට්ට වෙලා ඉන්නවනම් අපිට හොදයි.

අනිත් එක මහජන සල්ලිවලින් දුවන ගුවන් යානා අරගෙන වටා පිටාවේ ඉන්න හෙංචයියො ටිකත් දාගෙන මැච් බලන්න පිටරට සවාරි යන එක පොදු ජනතාවගේ පැත්තෙන් කොහොමත් හොද නැහැ.

3 comments:

  1. ඕක තේරුම් ගන්න තරම් ඔලුවක් ඒ මනුස්සයට නැහැනෙ.

    ReplyDelete
  2. ලොක්කා එදා මැච් එක ඉවර වෙනකල් හිටියේ නෑ නේද හිටියනම් අපේ ටීම් එකට අබ සරණයි

    ReplyDelete
  3. එතුමා ගෙදරටම වෙලා මැච් බලන තරමටම හොදයි..

    ReplyDelete