මට පොඩි පණිවිඩයක් තියනවා මේ හැමෝටම කියන්ඩ... මේක වටිනා පණිවිඩයක්. විශේෂයෙන් ලැජ්ජා බය වැඩිපුර තියන ගැහැනු ළමයින්ට. ඒ වගේ ම ලැජ්ජා බය තියන පිරිමි ළමයින්ටත්... ඔහෝ... මට වැරදුණා. ඒක වැරදිලා ලියවුණේ. ඒ කොටස අයින් කරලා ඉතිරි ටික කියවන්න. හරියේ...
මම මේ විස්තරේ කිව්වා කියලා මා ගැන ඔය ගැහැනු ළමයි එහෙම වැරදි විධිහට හිතන්න එපා. මොකද මේක මහ කුණුහරපයක් එහෙම නෙමේ. මෙව්වා ලොකු පොඩි අපි කොයි කවුරුත් දැන ගන්න ඕන දේවල්.
විශේෂයෙන් මේ ගැන කියන කොට කොල්ලන්ට කියන්ඩ ඕන දෙයක් තියනවා. ඒ තමයි මම මේ කියන්න යන දේ අනිත් අයත් කරනව ද කියලා චෙක් කරන්න නම් යන්න එපා. මොකද ඊට පස්සේ මට ඔය ගැහැනු උදවියගෙන් දොස් පරොස් අහන්න බැහැ. තම තමන් ගැන බලා ගත්තහම ඇති ආ...
මොකද මම මේ කියන්න යන්නේ එක්තරා පද්ධතියක් ගැන. මේ පද්ධතිය ගැන අපේ තියෙන්නේ නම් ටිකක් දුරස්ථ ගතියක්. ඒත් ඔය ඇමරිකාව වගේ රටවල නම් මේ පද්ධතිය සාමාන්‍ය දෙයක් කියලා ඔය ඕනෑ තරම් බුකිවල ලියවෙනවා මම දැකලා තියෙනවානේ.
මම මේ කියන්ඩ යන දේ ගැන දොස්තර මහත්තුරු එහෙම නම් දන්නවා ඇතිනේ... අපෝ එයාලට නම් මෙව්වා සුළු දේවල් වෙන්ඩැ... ඔය එක එක රෝග හැදුනම එයාල නම් ඔය පද්ධති අල්ලනවත් එක්ක කියන්නේ... හපෝ....
කොහොම හරි කමක් නෑ මම දැන් කියන්න ආපු දේ කියලා දාන්නම්කො.
දැන් අපේ කට්ටිය දැකලා ඇතිනේ ඔය පාරවල් දිගේ යනකොට අපේ කොල්ලෝ එහෙම පෝලිමට හිටගෙන ඉන්නවා... ඒ වගේ ම දැන් ඔය එක එක උත්සව වලදී, භාවනා වැඩසහටන්වල දී එහෙම පොඩි විවේකයක් එහෙම ලැබුණහ ම අපේ ගැහැනු පාර්ශව ඉක්මන්ට දුවලා යනවනේ... නේ.. අර අර පෝලිමේ ඉස්සරහටම යන්න..
ආයේ කියන්න දෙයක් නෑනේ තේරෙනවානේ නේද මම කියන්න යන දේ? මේ වරහනවත් ඇරලා බලන්ඩකෝ එහෙනම් මම මේ කියන්ඩ යන්නේ මොකක්ද කියලා. (මුත්‍රා කිරීම) . හප්පේ කාටවත් කියන්ඩ එපා පොඩි උන්ට එහෙම ඇහුණොත් හොද නෑනේ. වරහන වහලා දාන්ඩ.. හරියේ...
දැන් ඔය වැඬේ ඉතින් කොල්ලන්ට නම් මහ ගේමක් නෙමේ. වට පිට බැලූවා කව්රුවත් නැත්නම් එතනම හරි බැරියැ.. එහෙත් අපේ ගැහුනු පාර්ශ්වයට එහෙම බෑනේ අප්පා. වෙලාවකට පව් හිතෙනවා. එයාලට ඉතින් ආවරණයක් තියෙන්ඩ එපෑයැ.
හප්පේ මට මේක කියද්දින් තමා මතක් වුණේ. මේ ළගදි ගොල්පේස් ගියපු වෙලාවක මට මාර වැඩක් වුණේ. හදිසියේ ම සෙට් වුණා ඔය වරහන් ඇතුලේ ලියපු දේ. හප්පේ යන්ඩ තැනක් හෙව්වා, හෙව්වා. නෑ... වෙලාවත් රාත්‍රි 8ට විතර. මම පොඩි නිරීක්ෂණයක් කරලා බැලූවා වෙරළ හරියට ගිහින් ඕක කළොත් එතන උඩින් යන කට්ටියට පේනවාද කියලා. නෑ... ඉතින් හරි නෑනේ එහෙම නේද? මම ඉතින් හරි ඞීසන් පිට ඉන්ඩ කැමති මනුස්සයානේ.
ඉතින් මම බැස්සා දැන් ඔය එතන තියන මහ කොන්ක්‍රීට් එක උඩින් වෙරළට. බැහැලා කොන්ක්‍රීට් එක මුල්ලට ආවා. දෙයියනේ මට දැන් පෙන්නේම අනිත් අයට පෙනෙයි කියලා. බැලූවා බැලූවා හරියන්නේම නෑ. මගේ පරීක්ෂණයේ ඬේටා ඇනලයිස් කරනකොට මොකක් හරි අවුලක් වුණාද දන්නෙත් නෑ කියලා මට හිතුණා.
හප්පේ ඉන්ඩම බැරි තැන තමයි නියම අදහස් ආවේ. ගත්ත ජංගම දුරකථනේ. ගත්තා බොරු කොල් එකක්. බලා ගත්තා මුහුද පැත්ත. ශේප් එකේ කොල් ඒකක් ගන්නවා වගේ හිටගෙන ඈත් මෑත් කරලා තිබ්බ අමාරුවෙන් නිදහස් වුණා. කොල්ලෙක් හින්දා මම එහෙම බේරුණා. දෙයියනේ අපේ ගැහැනු පාර්ශවයේ අයට ඔහොම දෙයක් උනොත් මොකද කරන්නේ ආ...
හරි හරි එකේන් මෙකෙන් මගේ පණිවිෙඩ් අමතක වුණානේ. මම කියන්ඩ හැදුවේ ඔය වරහන් ඇතුලේ ලියාපු කාරණාව තියනවානේ. ඉතින් ඕක අමාරුව වැඩි වෙනකම් අපි ඔහේ ඉවසං ඉන්නවානේ. එහෙම ඉන්ඩ හොද නෑලූ. මොකද වැඩිපුර ඇගේ හිර කරගෙන ඉන්නකොට පිලිකා ඇතිවීමේ ලොකු අවදානමක් තියනවාලූ. ඉතින් අමාරුව දැනිච්ච ගමන් ටක් ටක් ගාලා ගිහින් වැඬේ කරලා එනවනම් හොදයි කියලා තමයි ඉතින් කියන්ඩ තියෙන්නේ.
මේ හොට් හොට් නිව්ස් ආ... මමත් ඕක දැන ගත්තේ ඊයේ පෙරේදා ඔය මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයාගේ දේශනයකින්නේ. ඉතින් මගෙන් වැඩි විස්තර අහන්ඩ එපා. නෙට් එකේ එහෙම හොයලා බලලා දැන ගත්තහැකිනේ.
එහෙනං ඉතින් මම ගියා. පස්සේ හම්බ වෙන්ඩ බැරියෑ... මේ ගැන හැමෝම දැනගන්න එකත් වැදගත්නේ. ඉතින් ඔය මොකවත් කේස් නැති වෙන විධිහට මේක අනිත් අය අතරත් බෙදා හදා ගත්තට මගේ අහිතක් නෑ...
එහෙනම් මම ගියා ආ...
ටටා බායි...
වලී
ahala nadda kello pad ekama yawanawa kiylla kthawak tiynva podak hoyla balapanko
ReplyDeleteහප්පේ කොලූවෝ ඕවා හොය හොයා ඉන්ඩ තරම් බොට වැඩ නැත්ද බං... උඹ ගිහිල්ා හොයා ගනිං... මට ඕවා කියන්ඩ එපා...
ReplyDeleteහුජ්ජ කරපු එකටත් පෝස්ට් එකක් ලියලා. ඒකෙත් මාතෘකාවේ තියෙන්නේ අමාරුව නෙවෙටි අමාරැව කියලා. මොන කජ්ජ බිටෙක්ද ඕයි තමුසේ
ReplyDeleteහප්පේ හුජ්ජ කරනවා කියලා කුනුහපර ලියන්ට එපා මචං. මම නම් කැමතිම නෑ මේ වගේ ඒවා කියන්ඩ... ෂිහ් ලැජ්ජ නැත්ද ...
Deleteලොකේ තියෙන ලොකුම බර වලින් එකක් කියවනනේ මුතා බර
ReplyDeleteඒකනේ එකනේ මම මේ සියලූ සත්වයන් වෙනුවෙන් කරුනාව පෙරදැරි කරගෙන ලියලා තියෙන්නේ...
DeleteAiyo ban ubata chooo karanawa arenna wena wadak nadda? Gahanu udawiyata e wage thanakadi choo karanna oni unoth eyala gawa upakarana thiyanawa maye hithe. Hiii.... Hiiiii....
ReplyDeleteහප්පේ මේවා අහනකොට චූ යනවා ඕයි...
DeleteApe gahanu udawiyata choo karanna eyala laga tools thiyanawa maye hithe. Hiii ..... Hiiii....
ReplyDeleteමෙච්චර ලොකු කතාවක් ලිව්වේ ඔය පොඩි දේ කියන්නද? හික්ස්........
ReplyDeleteඕකනේ ඉතින් කියන්නේ.. මෙච්චර දැනුම් සම්භාරයක් දීලත් ආයේ මෙහෙම කතා කරන එක හරිද මම අහන්නේ ද?
ReplyDeleteayyo meka kiyawa gannada ochchara dagaluwe he.... hee.........
ReplyDelete