මීට මාස 08කට පමණ පෙර මගේ Sony Ericsson mix walkman ජංගම දුරකථනය නැති වුණා. ගරාජයට ගිහින් මෝටර් සයිකලේ හදං ගෙදර ඇවිත් බලන කොට ෆොන් එක මගේ ලඟ තිබුණේ නැහැ. ගරාජයේ දී කවුරු හරි ගත්ත ද නැත්නම් පාරේ එන කොට බිම වැටුණා දැ යි දැන්නේ නැහැ.
කොහාමත් අලූතින් ම ගත් ෆොන් එකේ ‘ඉමි අංකය’ එහෙම මං ළඟ තිබුණා. පොලීසියට ගිහිං පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලේ පිටපතකුත් අරගෙන ‘විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට’ ගිහින් දුන්නා.
”අපි ලංකාවේ තියන ජංගම දුරකථන සේවා සපයන ආයතනවලට (මොබිටෙල්, හච්, ඩයලොග්, එටිසලාට්, එයාර්ටෙල්) මේ බව දන්වනවා. මේ ඕන ම සිම් එකක් දාලා මේ ෆොන් එක පාවිච්චි කළොත්, පාවිච්චි කරන කෙනා හඳුනා ගන්න පුළුවන්” එහි නිලධාරිනියක් මට පැවසුවා.
මාසයක් ගියා දෙකක් ගියා තව ම විස්තරයක් ලැබුණේ නැහැ. බැරි ම තැන විදුලි සංදේශනයට කොල් කළා. ඔවුන් කිව්වේ තවම හම්බ වෙලා නැහැ කියලා. හම්බ වුණත් නැතත් අපිට ලිපියක් එවනවා කිව්වා. කොහොමෙන් කොහොමෙන් හරි මාස 08ක් ම ගියා.
ඔන්න ගිය සතියේ මට ලිපියක් ආවා. එකේ කියල තිබුණ විධිහට මගේ නැති වුණ දුරකථනය එක්කෙනෙක් ඩයලොග් සිම් එකක් දාලා පාවිච්චි කරනවලූ. ඒ පුද්ගලයාගේ විස්තර මම පැමිණිලි දාපු පොලීසියට එවලා තියනවාලූ. මමත් අදාළ විස්තර ටිකත් අරගෙන පොලීසියට ගියා. පැමිණිලි ලියන තැන රාළහාමි කෙනෙක්ට විස්තරේ කිව්වා. මෑන් ටිකක් කල්පනා කර කර ඉදලා මට කිව්වා තවම විස්තර ටික පොලිසියට එවල නැහැ එව්වහම මට කොල් කරන්නම් කියලා.
ඔන්න දවස් දෙකකට පස්සේ මට පොලීසියෙන් දුරකථන ඇමතුමක් ලැබුණා.
”ඔයාගේ නැතිවිච්ච ෆොන් එක ගත්ත කෙනා හවස 4ට ෆොන් එකත් අරං පොලිසියට එනවා, ඔයාටත් එන්න පුළුවන් ද?” ඇහුවා. මම හා කිව්වා.
ඉතින් මම හරියටම 4ට පොලිසියට ගියා.
පැමිණිලි අංශය ගාව හිටපු පොලිස් රාළහාමි මගෙන් ඇහුවා මේක ද ඔයාගේ ෆොන් එක කියලා. ෂා... මගේ ටච් ෆොන් එක තිබුණ විධිටම තියනවා. කිසිම හීරීමක්වත් නැහැ. මම කිව්වා ”ඔව් මේක තමයි” කියලා. රාළහාමි මගෙන් ඇහුවා කොහොම ද නැති වුණේ කියලා. මම නැතිවුණ විධිහ ඔහුට කිව්වා.
ඒ අසළ ම වාඩි වෙලා හිටියා අවුරුදු 40ක් විතර වයසැති, අඳුරු පැහැති ඇදුමක් ඇඳගත් පිරිමි කෙනෙක්. ඔහු මා දිහා ඉතාමත් අසරණ ලෙසින් බලා සිටියා. ඔහු ළඟින් ම වාඩි වෙලා හිටියා ඔහුගේ බිරිඳ බවට සිතිය හැකි කාන්තාවක්.
”මෙයා තමයි ඔයාගේ ෆොන් එක අරං තියෙන්නේ” පොලිස් රාළහාමි මට කිව්වා.
”කියනවා බලන්න තමුන් කොහොම ද මේ ෆොන් එක ගත්තේ කියලා?” රාළහාමි ටිකක් සැරෙන් ඔහුගෙන් ඇහුවා.
”අනේ මහත්තයෝ මම අහවල් පාරේ යනකොට මේක පාරේ වැටිලා තිබුණා, ෆොන් එකේ කෑලි තැන තැන වැටිල තිබුණේ. මම ඒක හදල ගත්තා.” යැයි ඔහු මහත් බියෙන් මෙන් පවසා සිටියා.
”ඔහු කිව්ව පාර හරි වෙන්න ඕන, මොකද මම ඒ පාරේ තමයි එදා ගමන් කළේ” මම රාළහාමිට කිව්වා.
හ්ම්... එහෙනම් කොහොමත් දැන් මේක මට දෙන්න බැහැ. ලොකු මහත්තයා ටිකකට එළියට ගිහින්, එනකම්ම ඉන්න ඕන. තව ටිකකින් ඒවි. එතකන් වාඩි වෙලා ඉන්න කියා රාළහාමි කිව්වා.
ඔන්න අපි වාඩි වෙලා හිටියා. පැයක් ගියා, ඔන්න පැය එකහමාරකින් විතර ස්ථානාධිපතිතුමා ආවා.
”පැමිණිල්ල මොකක් ද?” ඔහු තරමක් ඉහළ ස්වරයෙන් විමසුවා.
මම විස්තරේ කිව්වා. ඊට පස්සේ ෆෝන් එක අහුලපු කෙනාගෙන් ඇහුවා කොහෙන්ද මේක ගත්තේ කියලා. ඔහු හතරට පහට නැමිලා අහුලපු විධිය කිව්වා.
”තමුන් ඔය ෆොන් ඒක අහුලලා අයිතිකාරයට හරි, ළඟම තියන පොලිසියට හරි දුන්නේ නැත්තේ ඇයි? අන් සතු දෙයක් ලඟ තබා ගැනීම වරදක් කියල තමුසේ දන්නේ නැද්ද? ස්ථානාධිපතිතුමා දැඩි ස්වරයෙන් විමසුවා.
”අනේ මහත්තයෝ මම ඉංග‍්‍රීසි දන්නේ නැහැ”
”මොකක්? ඉංග‍්‍රීසි අහවල් එකට ද?”
”නොම්බරේ තියෙන්නේ ඉංග‍්‍රීසියෙන්නේ මහත්තයෝ”
”මේ තමුසේ බබා වෙන්න එපා. තමුසේ ඔය ෆොන් එක අහුලලා මෙයාට දුන්න නම් අද මෙහෙම වෙන්නේ නැහැ. ඕන නම් තමුසේට තෑග්ගකුත් දෙයි” ස්ථානාධිපතිතුමා කියා ගෙන ගියා. මෙයාව නිදහස් කරලා හරියන්නේ නැහැ. හොර වැඩ කළාට දඩුවම් දෙන්න ඕන ස්ථානාධිපතිතුමා ළඟ හිටපු පොලිස් නිලධාරියට නියෝග කළා.
”අනේ මහත්තයෝ මම දුප්පත් මිනිහෙක්. ආයේ කවදාවත් මේ වගේ වැඩ කරන්නේ නැහැ. සත්තයි මහත්තයෝ, මගේ දරුවා පල්ලා ආපහු මේ වගේ දෙයක් කරන්නේ නැහැ. මාව කූඩුවට නම් දාන්න එපා බුදු මහත්තයො” අර මනුස්සයා මාළුවා ගොඩ දැම්මා වගේ වෙව්ලන්න ගත්තා. දෙපාරක් OIC ට ගිහින් වැන්දා.
”මෙයා මගේ ෆොන් එක හොරකං කරලා ගත්තේ නැති නිසා අවවාද කරල යැව්වට මගේ අකමැත්තක් නැහැ” කියලා මගෙත් හදවත උණු වෙච්ච තැන මම පසුව පොලිස් නිලධාරින්ට හෙමින් සැරේ කිව්වා.
කොහොම හරි මගේ ෆොන් එක නම් මට ලැබුණා. ඒකට පොලීසියටත් ඒවගේ විදුලි සංදේශන කොමිසන් සභාවටත් බොහොම ස්තුතියි. ඒ වගේ ම මගේ ෆොන් ඒක අහුලපු කෙනාටත් ස්තුතියි.(ඔහු ඒක ඇහිලූවේ නැතිනම් ඇත්තම මට හම්බ වෙන්නෙත් නැනේ)
පසුව ලියමි.
මා පොලීසියේ රැඳී සිටින විට දී ම තවත් නැතිවිච්ච ෆොන් එකක් සම්බන්ධ ව ‘එම ෆෝන් එක හොරා ගත්තා යැයි’ පවසන සැකරුවෙක්ගෙන් ප‍්‍රශ්න කර කර හිටියා. ඔහු එය සොරා ගත් බවට පිළිගත්තේ ම නැහැ. බැරිම තැන ඔහුගේ දුරකථන සහ පර්ස් එක ඔහුත් සමග පැමිණි යහළුවට දෙන්න කියලා ඔහුව කූඩුවට දැම්මා.
-වලී-
24.06.2013
පව් නේ අනී ඒ මනුස්සයා. ඔයාට තිබ්බේ අනී ඒ මනුස්සයට තියාගන්න කියලා ෆෝන් එක දෙන්න. ඒක තමයි හරි විදිය. ඔයා දැන් උනත් පරක්කු නෑ. දැන් ඔව් මේ දැන්ම ගිහින් ඒ මනුස්සයට ෆෝන් එක දීලා එන්න.
ReplyDeleteඔයා ඒ මනුස්සයට ෆෝන් එක දෙනකොට ෆොටෝ එකකුත් ගන්න. ඒක මෙතන දානකන් අපි බලං ඉන්නවා. එහෙනං දැන් යන්න. ඔයා ගිහින් ෆෝන් ඒක දීලා ෆොටෝ එකකුත් අරං එන්න.
බායි
අනේ අම්මෝ... මම මෙහෙම කින කොට මගේ ඇගත් හීතලා වෙලා යනවා. මෙච්චර ගේමක් දීලා ගත්ත එක ආපාහු දෙන්ට යෑ කියන්නේ...
Deleteඅනේ ලොකු දෙයක් මට නම් ලැබුනෙ නැහැ පෝන් එක..
ReplyDeletePlease ඒ මනුස්සයට තියාගන්න කියලා ෆෝන් එක දෙන්න.
ReplyDeleteමේක ඉතාම හොඳ පොස්ට් එකක්. බොහෝ අය දුරකථනය නැති වුණාම දඟලනවා. මේ වගේ බුද්ධිමත්ව ක්‍රියාත්මක වීම තමයි අවශ්‍ය.
ReplyDeleteබොහොම ස්තුතියි සුදීක මහත්මයා.
Deleteඅනේ ඒ අසරණ මිනිහ පව්.... එයාට ෆෝන් එක දෙන්නයි තිබුනෙ.... ඒ මිනිහ කැඩිච්ච ෆෝන් එක හදාගෙන හොදට පාවිච්චිකරලා.... ඔයා මහ ජරා මිනිහෙක්.... කරුණාකරලා ඒ මනුස්සයට ෆෝන් එක දෙන්න.....
ReplyDelete:( මම පව් නැතිද දෙයියනේ...
Deleteමචන් උඹ මාස 8ක් ෆෝන් එකක් නැතුව හිටියෙ නෑනෙ.... අලුත් එකක් ගත්තනෙ.... ඒත් හිතලා බලපන් අර වයස 40ක් වෙච්ච පවුල් බර තියන අසරණයා ගෙදරට ලමයින්ට කතා කරන්න හදා ගත්ත ෆෝන් එක් දැන් ඌට නෑ.... පව් නැද්ද බන්....
Deleteමාගේ මිතුරැ මිතුරියන්ගේ බලවත් ඉල්ලීම මත මාගේ දුරකථනය සොරා ගත් අයට දුරකථනයක් තෑගි ලෙස ලබා දීමට තීරණය කොට ඇත. ඒකට මහේ සියළු යහළුවන් උදව් කරන්නට කැමති බව දැන ගන්නට ඇත. එබැවින් වහාම 119 අමතා ඔබගේ අලුත්ම ජංගම දුරකථනය පරිත්‍යාග කළ හැකි බව දන්වමි.
Deleteඅවවාදයයි ! 119 අමතා මේ පිළිබදව විමසීමේ දී අත්විදින්නට සිදු වන සියලු දුක්ඛදෝමනස්සයන් තම තමාම විද දරා ගත යුතු බව කරැණාවෙන් සලකන්න...
සමහර විට අර දුප්පත් මිනිහා තමන්ගෙ එකම දුවගෙ ආරක්ෂාවට දීපු ෆෝන් එක වෙන්න ඇති..... අසරණ කෙල්ල දැන් අඩ අඩ ඇති පව්........
Deleteඉතින් කොලුවෝ උඹේ ෆොන් එක පරිත්‍යාග කරපියකෝ ඔච්චරම දුක නම්. අහවල් එකයෑ තවත් කියන්නේ...
Deleteමට ෆෝන් එකක් නෑ.... මම දන්නවා ඒකෙ අමාරුව... මම හිතන්නෙ ඔයත් දන්නවා තමන් ලග තිබිච්ච ෆෝන් එකක් නැති උනාම තියන වේදනාව...... ඔයා දැන් ඒ වේදනාව අර අසරණ මිනිහටත් දීලා..... අනේ කරුණාකරලා ඔයාගෙ ෆෝන් එක ඒ මිනිහට ආපහු දෙන්න.....
Deleteබොට නැතිනම් කට වහගෙන හිටු. හොරට තියාගෙන ඉදලා උදව් කරනකොට තවත් වූට හොරකම් කොරන්ඩ පුරැදු කොරන්ඩද කියන්නේ..
Deleteනියම බබා පාට් එක
ReplyDeleteඅනේ රාජ් ඔයාවත් කියන්න අර මනුස්සය ගැන අනුකම්පා කරලා ෆෝන් එක දෙන්න කියලා.....
Deleteමොකක් ද බබා පාට් එක!
Deleteබිම වැටිල තිබිච්ච ෆෝන් එකක් අරන් හදාගෙන පාවිච්චි කරපු අසරණ මනුස්සයෙක් පොලීසි ගෙනිහින් තග දාලා බය කරල ෆෝන් එක ගත්ත එක වැරදියි.... ඔබට ෆෝන් එකක් තිබුනට ඒ අහිංසක මිනිහට ෆෝන් එකක් නැතුව ඇති....
ReplyDeleteඔය ෆෝන් එක හදාගන්න ඒ මිනිහට ගොඩාක් සල්ලි වියදම් වෙන්න ඇති.....
සල්ලි ෆෝන් විතරක් නෙවෙයි... මිනිහෙක් වුනාම මනුස්ස කමත් තියෙන්න ඕනි....
අනෝ, උඹ දැන් මගෙන් කන්ඩ ලගයි ආ..
Deleteඇනෝලා කියල තියෙන්නෙ ඇත්ත මචන්... ඔන්න ඔහේ ෆෝන් එක දීලා දාපන්... පව් වැඩේ අසරණ මිනිස්සු.....
ReplyDeleteමාගේ මිතුරැ මිතුරියන්ගේ බලවත් ඉල්ලීම මත මාගේ දුරකථනය සොරා ගත් අයට දුරකථනයක් තෑගි ලෙස ලබා දීමට තීරණය කොට ඇත. ඒකට මහේ සියළු යහළුවන් උදව් කරන්නට කැමති බව දැන ගන්නට ඇත. එබැවින් වහාම 119 අමතා ඔබගේ අලුත්ම ජංගම දුරකථනය පරිත්‍යාග කළ හැකි බව දන්වමි.
Deleteඅවවාදයයි ! 119 අමතා මේ පිළිබදව විමසීමේ දී අත්විදින්නට සිදු වන සියලු දුක්ඛදෝමනස්සයන් තම තමාම විද දරා ගත යුතු බව කරැණාවෙන් සලකන්න...
මේකේ ඇනෝ ටික කියවද්දී හිනා යනවා යකුණේ...:D
ReplyDeleteමුන්ට පිස්සු බං.
Deleteදීපං දීපං ෆෝන් එක. තදේටම හිනා යනවා ඕයි! :-D
ReplyDeleteඅහ්හ ඩැකියා, උඹ දකිද්දි මටත් හිනා යනවා ඕයි.DD
Deleteමේකේ ඇනෝ කමෙන්ට් ටිකත් වලිසුන්දරගෙමයි.
ReplyDeleteඕන්න ඇනෝලා දැන් දීපියව් මෙව්වට උත්තර. ඕං මම දන්නේ නැ...
Deleteමේ පොස්ට් එක ලියලා තියන විදියට ලියපු ඔබම ඔබව කලු චරිතයක් කරගෙන ඉවරයි. මාතෘකාවේ හැටියට ඔහු හොරෙක් ඒත් ඔබේ කතාවෙ අවසානයේ ඔහු හොරකම් කරලා නෑ ඇහිඳලා .
ReplyDeleteමචන් දීලා දාපන් ෆෝන් එක....
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteවලිය, ඔය අනේ ඌට පෝන් එක දෙන්න තිබ්බෙ කියන අහිංසකයො ඉන්නෙක් කඩාපු සතපහක් හිඟන්නෙක්ට දීල නැති ජාතියෙ උන්. මහලොකුවට දීපං කියන්නෙ. අනේ මුන් ඇනෝ ලට ත් ලැජ්ජ කොරන හැටි!
ReplyDeleteඅයේ මොන කතා ද මචෝ...
Deleteහෆොයි! මගේ ෆෝන් කට්ටෙ ඉමි එක ලියාගන්ටෝනෙ.
ReplyDeleteසිතුම් සයුර
ඔව් ඔව්.. ලියාගෙන කටපාඩම් කර ගත්තත් කමක් නෑ...
Delete"මට පොලීසියෙන් දුරකථන ඇමතුමක් ලැබුණා"
ReplyDeleteඔහොමත් පොලීසි ලංකාවෙ තියෙනවද?
මම නම් පොලීසියකට යන්නෙ දවසම රස්තියාදුවෙන්න හිත හදාගෙන.
මෙය හිතලුවක් නොව, ඇත්ත ම සිදුවීමකි.
Delete