2013-04-27

News

ජාතික රූපවාහිණියෙයි ITN එකෙයි ප‍්‍රවෘත්ති බලන්නම දෙයක් නැහැ තනිකරම ආණ්ඩුවේ කුණු ටික අපුල්ලනවා. 

ඒ නිසා ස්වර්ණවාහිනී news බැලූවා. එකේ news දාන්නේ තොත්ත බබාලට. ඒ නිසා ඒකත් එපා වුණා. 

දෙරණත් වටින් ගොඩින් ආණ්ඩුවටම හේත්තු වෙලා news දාන නිසා ඒකත් එපා වුණා.

සිරස news වල නම් පොඩි ගතියක් තිබුණා. එහෙත් රනිල් එක්ක කොන්තර මකා ගන්න වැඩි කාලයක් news වලට දෙන්න ගත්තහම ඒකත් එපා වුණා.
 Hiru TV news  පොඞ්ඩක් නැගලා ආවා. දැන් එකත් දුමියාගේ ගොබ්බ කතා දානන්න පටන් අරං...

මීට පස්සේ TV news බලන්න බලාපොරොත්තුවක් නැහැ.



2013-04-08

මේ බබා ගීත කියනවා හරිම ලස්සනයි.


මේ බබා ගීත කියනවා හරිම ලස්සනයි. 
හරිම ආකර්ශනීයයි. 
තවම ළමා අවධියේ ඉන්න නිසා හොද නරක තේරෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන්ගේ ඝෘජු අවධාණය යොමු විය යුතුයි. 
මෙවැනි කුඩා දරුවෙක් මෙවැනි සංගීත සංදර්ශනවල ගීත කීම මා අනුමත කරන්නේ නැහැ. 
එහෙත් ඇයගේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ අවස්ථාත් තිබිය යුතු යි. 
එහෙත් පවතින තත්ත්වය වෙනස් කරන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයිනේ.. 
ඇයගේ දෙමව්පියන් සහ වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියනවා ඇයගේ අනාගතය ගැන...


වීඩියෝව මෙතැනින් බලන්න

2013-04-06

ගැහැනු ළමයින්ගේ makeup


අද කාලේ ගැහැනු ළමයි makeup දාන්න ගිහින් හොදට අනා ගන්නවා... 
makeup එකක් දා ගන්නේ මුහුනේ පෙනුම/ලස්සන තව ටිකක් වැඩි කර ගන්න උනත්, දැන් කරන්නේ මුහුණ විකෘති කර ගන්න එකයි... 
කලූ අය සුදු කර ගන්න හදනවා... 
සුදු අය මුහුණ වෙනස් කර ගන්න හදනවා... 
බලන කොට මේ ඉන්නේ හිටපු කෙනාම ද කියලා හිතා ගන්නවත් බැරි වෙනවා. එතකොට ඇත්තටම ඇති වෙන්නේ ලස්සනක් නෙමෙයි අවලස්සනක්...
ගැහැනු ළමයිනේ...
makeup දා ගත්තට වරදක් නැහැ,
හැබැයි මුහුණ විකෘති කර ගන්න එපා.
ඊට වඩා ඔය තියන මුහුණවල් ටික ලස්සනයි..

2013-04-05

දොස්තරටත් අවුරැදු සෙල් එකක් දාන්න හිතිලා වගේ

හැමදේම විකුණන, විකිණෙන සමාජයේ මේ දොස්තරටත් අවුරැදු සෙල් එකක් දාන්න හිතිලා වගේ. වෛද්‍ය උපාධිධාරි මෙවැනි අයකුගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු වෙන්න අමාරැයි.. කොහොම වුණත් මා දන්නා පරිදි වෛද්‍ය ආචාරධර්ම අනුව මෙවැනි ප්රචාරයන් කිරීම නීතිවිරෝධියි.





2013-03-24


මම ගීත ලිවිමම අත්හැර දාලා තියෙන්නේ - සුනිල් ආරියරත්න


අද ගීත ලිවීමෙන් පවා මම ඈත් වෙලා ඉන්නේ මම ගීත ලිවිමම අත්හැර දාලා තියෙන්නේ, මොකද එදා ලියපු ගීතය අද ලියල ගායනා කරවන්න ගායකයෙක් හෝ ගායිකාවක් නැහැ. මොකද එහෙම නැත්තේ ගායකයාටත් ගායිකාවටත් ඒ ගීතය ගෙනියන්න තැනක් නැහැ.ඒ කියන්නේ ගුවන් විදුලියේ මේ ගීතය ප‍්‍රචාරය වෙන්නේ නැහැ, ඔවුන් ඒක පටිගත කරන් නැහැ. ඒ වගේම මේ ගීතය සංගත තැටියකට නගන්න නිෂ්පාදක වරයෙක් නැහැ.

උදාහරණයකට සිංලංකා වගේ සමාගමක් ඔවුන් පෙනී හිටියේ ප‍්‍රබුද්ද ගායකයන් වෙනුවෙන් අද යන එනමන් නැති වෙල තිබෙනව. ඒ නිසාම ගීත රචනා කලාව පවා නැවතිල තිබෙන්නේ, ඒ වගේම තවත් දෙයක් මේක අලූත් පරපුරකට බර දිය යුතුයි.



http://www.lankaguardian.com/2013/03/blog-post_8866.html

2013-03-23

මත්තල



ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකළ යුතුව තිබුණේ මත්තල නොව උතුර ප‍්‍රදේශයේ හිගුරක්ගොඩ බව මා විද්වත් සාකච්චා කිහිපයක දී අසා තිබෙනවා. අවාසනාවකට එවැනි වැදගත් තීන්දු තීරණ ගන්නේ තමන්ගේ හිතුවක්කාරී අදහස්වලට මිසක් අවශ්‍යතාවට නෙමෙයිනේ. ඇත්තටම ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදි කළ යුතුව තිබුනේ කොහේද?

2013-03-22

ඔබත් අන්තවාදියෙක් නම් මේ ටික කියවන්න


ගොඩක් අයට මුස්ලිම් කියන වචනය කිව්වහමත් දැන් නිකං ඇලජික් වගේ. මුස්ලිම් ආගම සමග සංසන්දනය කරන කරන කොට බුදුදහම ගොඩක් මානව  මෙන්ම පරිසර හිතවාදී. එහෙත් අද ධර්මය සරණ යනවා යැයි කියමින් එය නොකරන අය අය අය තමා මේ බුදුදහමට නැට්ට උස්සන් කෑ ගහන්නේ. එහෙත් එක දෙයක් කිව යුතුයි මුස්ලිම් මිනිස්සුන්ගේ හරිම ආත්මාර්තකාමියි. 

අදත් හවස් වෙලා අපි ක‍්‍රිකට් ගැහැවේ මුස්ලිම් යාලූවෝ ටිකක් එක්ක. මුන් ඇත්තටම හරිම කපටියි සිංහල කොල්ලන්ට වඩා. මම හිතන්නේ මේක ඔවුන්ගේ ආගමත් එක්ක එන දෙයක් වෙන්න ඇති. ඔවුන්ගෙත් යුතුකමක් තියනවා සිංහල බහුතරයක් වෙසෙන රටේ සිංහලයන් එක්ක සහයෝගයෙන් ඉන්න. ඒ වගේම ඔවුන්ටත් අනිත් මිනිසුන්ට වගේ අයිතිවාසිකමකුත් තියනවා රටේ ජීවත් වෙන්න.

කෙහොම වුණත් සිංහල මිනිස්සු ඇත්තටම හිත හොදයි. මගේ උප්පැන්න සහතිකෙත් සිංහල කියලා තියන නිසා කියනවා නෙමේ. ජාතිය, ආගම වැනි ආකල්ප මත ජීවත් වෙනවාට වඩා පොදු මානව සමාජයක් ලෙස සිතා කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවක් වගේම උවමනාව අදට වඩා හෙට ඇති වනු ඇති බව මේ සිද්ධ වෙන දේවල් දැක්කම කියන්නට පුළුවන්. 

කොහොමත් ඔය ජාති, ආගම්, කුල බේද නැති පොදු ජනතාවක් ලෙස සිතනන්නටත්, කටයුතු කරන්නටත් සිදු වන කාලය එච්චර දුර නැති බව විශ්වාස කළ හැකියි. 

ඉන්ද්‍රජිත් මහතාට අපගේ උත්තමාචරය...



අවසානයේ දී කොට්ටාවේ ඉන්ද්‍රජිත් මහතා ජය ගත්තා. තාවකාලිකව හෝ ධර්මපාල විද්‍යාලයේ ප‍්‍රාථමික අංශය ගෙන යන එක නවත්වන්න ආණ්ඩුවට සිදු වුණා. සියලූ දෙමව්පියන් වෙනුවෙන් ඔබ කළ කැපවීමටත්, ඔබගේ ආත්ම ධෛර්යටත් අපගේ උත්තමාචරය.

ආගම්වාදීන්ගේ, ජාතිවාදීන්ගේ මෝඩ ප‍්‍රචාර නිසා බහුජාතික සමාගම් රජ වෙනවා

අපේ ඔය ජාතිවාදී, ආගම්වාදී සළුපිළි පොරවාගෙන ඉන්න සුළු පිරිසක් හම්බ විරෝධී කිය කියා කරන්නේ එක් එක් පුද්ගලික සමාගම්වලට බනින එකයි. ඉතින් අවසානයේ වෙන්නේ ඒ හම්බ කියන සමාගම් ටික මිනිස්සු අතර තවත් ප‍්‍රචලිත වෙනවා. එතකොට මෙකෙන් කරන්නේ බහු ජාතික සමාගම් ටික ප‍්‍රමෝට් කරන එක නේද? එතකොටඔය කියන කට්ටිය වල කපාගෙන තියෙන්නේ තමන්ටම නේද? අනේ මෙහෙමත් මෝඩ රැලක්...