2015-03-13

"කංකුං"

මම "කංකුං" මිටියක් ශුද්ධ කරනවා. කහ පාට වෙච්ච... චප්ප වෙච්ච... කොළ අතු කැබලි අයිං කරලා දානවා. කංකුං එක්ක ම කැපිලා ඇවිල්ලා තියන වෙනත් තණ කොළ වර්ග ටිකත්... අයිං කරලා දානවා. පනුවෝ... ඉන්න පුළුවන් හින්දා කොළෙං කොළේ බලනවා. "කංකුං මාළුවක නයි පැටියෙක් කැපිලා හිටියා..." කියලා පත්තරේ තිබිච්ච නිවිස් එක මතක් වෙලා තවත් ටිකක් අවුස්සලා බලනවා. 


සත්තුන්ට ගහපු වසත්... ලොකු වෙන්න ගහපු පොහොරත්... තව ටිකක් හේදිලා යන්න කියලා ආපහු සැරයක් ටැප් එකට අල්ලනවා.
.
.
.
.
මට නිකමට හිතුණ දේ තමයි...
.
.
.
.
.
.
.
.
කඩෙං ගන්න ෆ‍්‍රයිඞ්  රයිස් එකේ තියන කංකුංවලට හරි... කංකුං මාළුවේ තියන කංකුවලට හරි... මෙච්චර වදයක් දෙන්නේ නෑ... නේ... නේද කියලා...?

වලී
2015.03.13

1 comment:

  1. It's Fried Rice and not fayid raice my dear.

    ReplyDelete