![]() |
පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්. |
ටික වෙලාවකින් ඔවුන් ඒ පොල් වත්තේ පොල් ගස් අතර බිම රවුමක ආකාරයෙන් වාඩි වෙලා ගීත ගයමින් විනෝද වෙන්න පටන් ගත්තා. ඒ අතරේ බියර් බෝතල්, අරක්කු බෝතල් කට්ටිය අතරේ හුවමාරු වෙමින් තිබුණා. ඒ අතරේ සිටි තරුණ ගැටිස්සියෝ ද බියර් බෝතල් කටේම තියාගෙන බිව්වේ ............ ..................... ........................ .......... දකින දසුන් සිහි ගන්වමිනු යි.
එන්න එන්න ම ඔවුන්ගේ සාදය නැගලම යන ආකාරයක් දකින්නට පුළුවන් වුණා. එහි සිටි තරුණයෝ එක් එක් තරුණියන් සමග නර්තනයේ ද යෙදෙන්න පටන් ගත්තා. සාදය අතරේ විටින් විට ඔවුන් දෙන්නා දෙන්නා එක් වී මුහුදු වෙරළට ගමන් කළා. තරුණයෝ විසින් තරුණියන් ව ඉණෙන් අල්ලා උඩ දමන්නටත්, රැල්ල සමග පොරබදන්නටත් පටන් ගත්තේ තමනුත් හරියට ටාසන්ලා වගේ පෙන්නන්නට වෙන්නැති මයේ හිතේ.
මධුවිතින් සප්පායම් වෙච්ච මේ තරුණ තරුණියෝ රාගයෙනුත් මත් වෙච්ච පාටක් තමයි ඔවුන්ගේ හැසිරීමෙන් නම් පෙන්න තිබුණේ. ජල ක්රීඩා අවසානයේ කෙලින් හිටගෙන ඉන්න බැරි තරමටම සූර්වී සිටි ඒ තරුණ නංගිලා වත්තන් කරගෙන ගොඩට එන තරුණයන් ව අපිට දකින්නට ලැබුණා. කොන්ඩ කඩා ගත් සමහර තරුණියෝ තමන් මෙතෙක් වෙලා ආමාශ ගත කර ගත් ආහාර සහ පානයන් ‘ ඕක්...’ ගාමින් කටින් පිට කරන ආකාරයත් දකින්න ලැබුණා.
ඇතැම් විදේශික යුවළවලූත් මේ අයගේ ලාබාල රැඟුම් දිහා මහත් අනුකම්පාවෙන් බලා යමක් කතාබහ කරමින් සිටි ආකාරයක දකින්න ලැබුණා.
”ඉඳකින් මුන් කොහෙන් අවජාතක වෙච්ච බැල්ලියෝ ද මන්දා” කියලා එතන හිටපු ටිකක් කට වාචාල ඇන්ටි කෙනෙක් කියනවා ඇහුණා.
සමහර තරුණයෝ එහෙන් මෙහෙන් හොයා ගත්තා දෙහි ගෙඩියක් තරුණියන්ගේ යටිපතුල්වල අතුල්ලමින් සිටින ආකාරයත් දකින්නට ලැබුණා. ඒක දැකපු එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා ”යකෝ අපි නම් ඉස්සර අහලා තියෙන්නේ බීපු මිනිස්සුන්ගේ දෙහි අතුල්ලන ගැහැනු ගැන යි. ඒත් දැන් මේ ගෑනුන්ගේ දෙහි අතුල්ලන්නේ පිරිමිනේ” කියල යි.
පස්සේ එතන අහළ පහළ ගෙදරක ඇන්ටි කෙනෙක් අපිට කිව්වේ මේ කට්ටිය එක්තරා ගාමන්ට් එකක වැඩ කරන කට්ටියක් කියලා. ”අනේ මුන්ගේ අම්මලා තාත්තාලා දන්නවනම් තමන්ගේ දුවලා නටන විකාර ෂුවර් එකටම ඒ අම්මලා තාත්තලා වහ බොනවා” කියලා ඒ ඇන්ටි අපිත් එක්ක කිව්වා.
දැන් මේක කියවන කට්ටිය මට බනී ද දන්නේ නැහැ ”යකෝ මූ බීච් එකට ගියා නම් ගියමගුල කරගෙන එන්නේ නැතිව අනුන්ගේ මගුල් හොය හොයා ඉන්න ගියේ මොකට ද” කියලා. හප්පේ එහෙම නැහැ, අපේ මගුල අපි කර ගත්තා, ඒක වෙනම කතාවක්.
වලී
පිංතූරය නම් හොයා ගත්තේ අන්තර්ජාලයෙන්.