2013-08-03

‘‘මචං... මම මේ පාර මගේ ඡන්දය ආණ්ඩුවට දෙනවා’’.

‘‘මචං... මම මේ පාර මගේ ඡන්දය ආණ්ඩුවට දෙනවා’’. 

‘‘ආ... අප්පට සිරි, උඹ තනි කොල අලියනේ බං... මොකෝ එක පාරටම උඹේ ලේ නිල් උණා ද?’’ මම මගේ යහළුවාගෙන් ඇසිමි. 

‘‘නැහැ මචං අපි යූ. ඇන්. පී. එක දිනවන්න කොච්චර බැහැලා වැඩ කළත් වැඩක් නැහැනේ. අපි ඡන්දේ දීලා පත් කරන ඔක්කොම ආණ්ඩුවට යනවනේ... අනිත් එක මේ ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ ලොකු බලයක් තියනවානේ. කොච්චර බඩු මිල වැඩි කළත්, ජනතාවට කොකා පෙන්නුවත් අර ජේ.වී.පී. එකේ දෙතුන් දෙනයි, අපේ කිහිප දෙනෙකුයි හැරෙන්න පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් කව්රුවත් නැහැනේ’’. 

‘‘ඉතින් ජනතාවට සහන  ඕනකමක් නැතිනම් අපි බොරුවට මැරිලා වැඩක් නැහැනේ... ඉතින් අපිත් ආණ්ඩුවට සහය දුන්නහම... තව තවත් ආණ්ඩුව ශක්තිමත් කළාහම... තව තවත් ජනතාවට කොකා පෙන්නන්න ආණ්ඩුවට ලේසියිනේ.’’ 

‘‘මොකෙක්වත් නැති විපක්ෂයක් තිබුණහම ජනතාවට මේක ඉක්මණටම තේරුම් යයිනේ... එදාට බලමුකෝ...’’ 

(at කොල ලේ තියන මගේ යාළුවාගේ ඒ ගණිත සූත්තරේ ගැන තේරුම් ගන්නට බැරිව ලත වෙමින්...) 

වලී

7 comments:

  1. බඩ පොත්තට ඇලුනත් හැම චන්දෙම දිනෝල ඇරගන්න අරව ගැනිල්ලට,
    ජනතාව වශයෙන් අපට සතුටු වෙන්න පුළුවන් අඩුගානෙ එන්න එන්නම එතන ලොකු වෙන එක ගැනවත් හිතල.

    ReplyDelete
    Replies
    1. අපේ මහා සිංහල ජනතාවට හොදට පුරුදුයිනේ අනිත් කට්ටියට සංග්‍රහ කොරලා... ඉතින් බඩ ගින්නේ මලත් පුරුද්ද අත හරින්න කැමැති නැතිව ඇති මයේ හිතේ...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. රනිල්ගේ theory da meyayi

    ReplyDelete
    Replies
    1. ආ.. ඔන්න රනිල්ගේ කොලුවෙක් ඇවිත්... හි.. හි..

      Delete
  4. ඔය පාර්ලිමේන්තුව නම් තිබුනත් එකයි නැතත් එකයි බං.ඒක කැන්ටිමක් විතරයි නේ

    ReplyDelete
    Replies
    1. මේ උත්තරීතර ආයතනයට ඔහොම කියන එක නම් කුජීතයි ආ.. ඒත් එක අතකට ඔයා කියන දේත් හරි, මොකද ඕක තිබ්බා කියලා ‍අපිට වෙන සෙතක=ත් නැහැනේ නේද? LOL

      Delete