2013-11-27

ITN එකේ බම්බු ''වෙනස''

බොරුල්ල කනත්තේ හොල්මන් ඉන්නවාලූ...(මෙහි දැක්වෙන වීඩියෝවේ විනාඩි 4.10 සිට බලන්න) අපේ රටේ රූපවාහිනී මහගෙදර කියලා තමන් ම හදුන්වාගන්න ස්වාධීන(නමට පමණක්) රූපවාහිනිය තමයි එහෙම කියන්නේ... ඒක තහවුරු කරන්න ඔවුන් පාවිච්චි කරලා තියෙන්නෙත් බොරුල්ල කනත්තේ ම මුරකාරයෝ දෙන්නෙක්... 



ආදි කාලයේ සිට මිනිස් සිත්සතන් තුළ පැලපදියම් වී තිබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන්, සැබෑ සිදුවීම් සේ නැවත සමාජගත කරලමින් මිනිස් සමාජය ප‍්‍රාථමික යුගය කරා ඇදගෙන යාමට උඩගෙඩි දෙන මෙවැනි මාධ්‍යකාරයන් රටට ම මහ අපලයකි... රූපවාහිනියෙන්, රේඩියෝවෙන්, පත්තරෙන් පළ කරන දේ ‘‘ඇත්ත ම ඇත්ත‘‘ ලෙස පිළි ගන්නා දුබල සමාජයක් තවමත් අපට ඉතිරි ව ඇත. ඒයින් පන්නරය ලබන රාජ්‍ය මාධ්‍යක් මෙසේ ප‍්‍රාථමික මට්ටමේ දේ පළ කරමින් වැජඹෙන්නට උත්සාහ ගන්නේ නම් අනාගත ශ‍්‍රී ලංකාව යන තැන පැහැදිලි කර ගන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත.

ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක් හෝ විකුණා යහතින් වැජඹීම මිස අන් කිසිවක් නො වන බව මෙවැනි දේවලින් වඩාත් තහවුරු වේ... මෙවැනි මාධ්‍යකරුවන් සැබෑ මාධ්‍යවේදීන්ට ද කරන්නේ අපහසයකි...


අදාළ වීඩියෝ ව මෙතැනින් 


වලී 

8 comments:

  1. මිත්‍යාවෙ හොදම එක. මුන් දෙන්න කොල්ල දෙන්නෙක් නිස වයසකල ක‍්රන ගොන් වැඩ ක‍රන්නෙ නැතුව අති කියල දවස් කිහිපයක්ම බැලුව වයසක උන්දැල මුන්ට වඩා 200% හොදයි කියන්න පුලුවන්.
    ඊලග ප‍රම්ප‍රාවත් මෙහෙම රිම් එකෙන්ම තමයි යන්න වෙන්නෙ මුන් මේවගේ ඒව දිගටම ක‍රොත් :(

    ReplyDelete
  2. බොහෝමයක් දෙනා අද ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා..

    ReplyDelete
  3. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  4. ඔ්පපාතික සත්තු නෑ කියල ‘‘විද්‍යාත්මකව’’ ඔප්පු කරල තියෙනවද? ඒ කියන්නේ ඇහැට නොපෙනෙන පරමානුව වගේ සංකල්ප ඔප්පු කරන්න ගණිතය යොදා ගත්ත වගේ, එහෙම නැත්තන් ඇහැට පේන දේවල් ඔප්පු කරන්න රසායනාගාර පරීක්ෂණ යොදාගන්නව වගේ ඔ්පපාතික සත්තු නෑ කියල ගනිතයෙන් හරි රසායනාගාර පරීක්ෂන වලින් හරි ඔප්පු කරල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඕපපාතිකව උපදිනවා කියන එක ඔප්පු කරන්න බැහැ කියමුකො... ඒනිසා ඒ දේවල් පිලිගැනීම හෝ නොපිලිගැනීම තමතමන්ගේ කැමැත්ත මත සිදු කළ හැකියි... හැබැයි ඔය භූත ආත්ම දැක්කාය, මහසෝනා ගැහැව්වාය, ආවේස වුනාය වැනි සිදුවීම්වල විද්‍යාත්මක පැත්ත අද වන විට වෛද්‍ය විදා්‍යාවේ දි හොයාගෙන අහවරයි.. ඒ දේවල් මානසික දුබලතාවේ විවිධ අවස්ථා බව පැහැදිලි සාක්ෂි පවතිද්දිත් තවමත් ගෝත‍්‍රවාදී අදහස්වල ඇලිලා ඉන්නේ ඇයි...

      Delete
  5. කිසිම සතෙක් ඕපපාතිකවම හරියටම ඉපදෙනවා කියලත් ඔප්පු කරලා නෑ නෙද?

    ReplyDelete
  6. නැත යන්නේ ඔප්පු කිරීමට දෙයක් නැත

    ReplyDelete