2013-08-07

අනේ හපොයි මීඩියා...

බහුජාතික සංවිධාන සහ මීඩියා අතර ඇත්තේ පුදුම කුලුපග මිත්‍රත්වයක්. මීඩියා යැපෙන්නේ වෙළෙද ආයතන මත වුවත්, වෙ‍ළෙද ආයතනවලට අවශ්‍ය ඕනම තක්කඩි වැඩක් මීඩියා ලව්වා කර ගන්න හැකියාව අද තියනවා.

හොදම උදාහරණය අද බලන්න ආනයනික කිරිපිටි සම්බන්ධ සිද්ධිය. ආනයනික කිරිපිටිවල ශරීරයට අහිතකර දෑ පැවතීම පිළිබද සිදුවීම අද දින සියලු පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයට ගත හැකි සිදුවීමක්. අපේ රටේ හැමොම මගේ කිරිපිටි බොනවා. මේක හැමෝටම බලපානවා. අවාසනාවකට කිසිදු ජාතික යැයි කියා ගන්නා පුවත්පතක්, රෑපවාහිනි නාලිකාවක්, රේඩියෝ නාලිකාවක් මේක තමන්ගේ වගකීමක් ලෙසවත් සළකා නිවැරදිව වාර්තා කර නැහැ. සමහර පුවත්පත් පේන්නේ නැතිතැන්වල පොඩි පොඩි නිවිස් විධියට විතරක් ගහලා තියනවා.

ඒ වෙනුවට කිරිපිටි පරිභෝජනය සදහා සුරක්ෂිතයි කියන තඩි වෙළද දැන්වීම්වලින් නම් අද දින පුවත්පත්වල මැද පිටු සරසා තිබෙනවා. මෙකෙන් ඒ දැනුම ජනතාව අතරට යන්නේ වැරදි විධියට. මේ ඇඩ් එකක් දැකපු මගේ යාළුවෙක් අද කියනවා "මේ තියෙන්නේ බං කිරිපිටි බිව්වට අවුලක් නෑ කියලා" කියලා. පස්සේ මම ඔහුට පැහැදිලි කරලා දුන්නා මේක බං ඇඩ් එකක් කියලා.

බහුජාතික සමාගම් විසින් පවත්වන මාධ්‍ය හමුවල දී මාධ්‍යවේදීන්ට හොදට සලකනවා. විශාල වටිනාකමක් ඇති තබඩු භාණ්ඩ කට්ටල බෙදා දෙනවා. වටිනා දුරකථන, වවුචර්පත් පවා ලබා දෙනවා. පගාව දීලා තමන්ට ඕන විධියට මේ මීඩියා හසුරැවා ගන්න මේ සමාගම් දන්නවා.

වලී

1 comment:

  1. ජන මාධ්‍ය තමයි බන් අපේ රට විනාස කරන්නේ .. තුක් නොදකින් ජරා මාද්‍ය . . !

    ReplyDelete