මගේ ජංගම දුරකථනය නාද වෙන්නට විය.
”මචං පොඞ්ඩක් බලපං කවුද කියලා?” මම කරමින් සිටි වැඩේ නැවැත් වීමට නොහැකි වූ බැවින් අරවින්දට කීවෙමි.
දුරකථනය දෙස සුළු මොහොතක් වෙලා බලා සිටි අරවින්ද මහ හයියෙන් හිනහ වෙන්නට විය.
”ඇයි කවුද?”

මම වඩාත් කුතුහලයෙන් ඔහුගෙන් ඇසිමි.
”මොබිටෙල් රෙද්දෙන්” ඔහු සිනහව නවත්වා ගත ගන්න උත්සහ දරමින් කීය.
මට ද සිනහව නවතා ගත නොහැකි විය.
”ඔව් මචං... ඕක නම් මහ මල වදයක් වෙලා තියෙන්නේ. නිතර ම ඔය නම්බර් එකෙන් කොල්ස් එනවා.”
”මේ මොකක් ද බං මේ කොල් එක, මට තේරෙන්නේ නෑ?” අරවින්දට තව දුරටත් සිනහව නවතා ගත නොහැකි තැන මගෙන් ඇසීය.
”ඔය මචං අර මොබිටෙල් ‘එම් ටියුන් සේවාව’ ඇක්ටිව් කර ගන්න කියලා මොබිටෙල් එකෙන් ම එන කොල් එකක්නේ. හරිම වාතයක් වෙලා තියෙන්නේ. ඔය නම්බර් එකෙන් නිතර ම වගේ කෝල්ස් එනවා.
ඉතිං ඒ නම්බර් එක සේව් කර ගත්තා මොබිටෙල් රෙද්ද (Mobitel Redda) කියලා.
වලී.
නොම්මරේ බ්ලැක් ලිස්ට් කලාම හරිනේ. මොබිටෙල් නිසා බැරිද?
ReplyDeleteමම ට්රයි කළේ නම් නැහැ. මොබිටෙල් එකේම ඒවා බ්ලැක්ලිස්ට් කරන්න පුළුවන්ද!
Deleteකරන්න පුලුවන්.සිම් එක කැන්සල් කරාවිද දන්නෑ
Deleteමටත් ඔය මගුල හැමදාම වගේ එනවා. ෆෝන් එක පොළොවේ ගහන්න හිතෙනවා. සමහර වෙලාවට කාර් එක එලවද්දී එන කෝල් වලට යන ගමන නවත්තලා කාර් එක අයින් කරලා උත්තර දුන්නම ඔය මලදානේ කියවනවා. එස්.එම්.එස්. දහයක් පහළොවක් එනවා අරකර රෙජිස්ටර් වෙයන් මේකට රෙජිස්ටර් වෙයන් කියලා. චැට් කොරන්න එන්නලු චැට් කියලා ටයිප් කරලා මොකක්ද නොම්මරෙකට එවලා. මම එෆ්යූසීකේ ගහලා යැව්වා. බලනකොට ඒක කොම්පුටරෙකින් එන එකක්. ඒ වචනය හඳුනන්නේ නැත කියලා උත්තර ආවා. :D :D :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අහ්හහා.. විචාරකටත් හොදටම දැනිලා වගේ..
Deleteඔව් කාඩ් එකක් දැම්මත් එස්. එම්.එස් 3-4ක් එනවා. තව මොකෙද්ද ඉද්දමල්ලෙන කියලා බිස්නස්කාරයෙක්ගෙත් මැසේජ් එනවා.
හිටපල්ලකො අහවල් කොම්පනියට කතා කරලා ගේම ඉල්ලනවා ෂුවර් අායේ දෙකක් නෑ..
නැත්නම් උන්ගේ මලදානේ අයිංකරලා දාලා සංගක්කාර වගේ වෙනවා...
මොබිටෙල් එකට කථා කරලා කියන්න
ReplyDeletehttps://www.facebook.com/darshana.lk/posts/10201494901075092
ආ.. ඒක නම් පට්ට. තැන්ක් යු
DeleteMachan Man Mobitel Eke Mata Cl ekak denna Man Nathara Karala Dennam.. Nathnam 1717 ta kiyanna
ReplyDelete0719315100
ඔබගේ ක්ෂණික ප්රතිචාරයට ස්තුතියි. මම මේ නම්බර් එකට කතා කරන්නම්.
Deleteඑහෙත් වඩාත් වැදගත් වන්නේ එක් එක් පුද්ගලයන් මට්ටමින් කටයුතු කරනවාට වඩා පොදුවේ තම පාරිභෝගිකයින්ට අත්විදින්ට සිදු වන මෙවැනි අපහසුතා නවතාලීමට කටයුතු කිරීමයි. ඒ බව ඔබ ආයතනයේ කළමනාකාරීත්වය දැනුවත් කර ඊට නිසි විසදුම් ලබා දීමට කටයුතු කිරීම වඩාත් උචිතයි.
if you have a smart phone it will not be a problem. there are many software which can blacklist anynumber from your mobile. currently im using netquin software and i have blacklisted almost all the numbers they use to advertise. it is a excellent software and works with symbian,android,apple or anything.
ReplyDeleteThank you for your information.
DeletePersonally I can do it.
But at the same time many people have face to factor I said above.
use netquin software to blacklist any number from your mobile.
ReplyDeleteඕකෙන් දවසකට SMS 10 ක් 15 ක් එනවා. ඔය කෝල් එන එකනම් මහ එපා කරපු දෙයක්, මම සේව් කරන් හිටියා මොබිටෙල් ස්පෑම් හැටියට. දැන් ඒ අංකය වෙනස් කරලද කොහෙද වෙන එකකින් එන්න පටන් අරන්, බ්ලොක් කරන්න උත්සාහ කළේ නෑ. ඒකටත් මාසෙකට රු 30 ටැක්ස් එකයි කපනවනේ. බ්ලැක්ලිස්ට් කරන ඔප්ෂන් එක හැම ෆෝන් එකකම නෑ.
ReplyDeleteDialog oya wagee
ReplyDeleteමෙක නවත්වන්න පුලුවන්, මම මොබිටෙල් ප්රදාන කාර්යාලයට ගිහින් කිව්වහම එගොල්ලො එවෙලෙම එම් ටියුන් සෙවාව ඉවත්කලා
ReplyDeleteමෙයාලා පාරිභෝගිකයන්ට මාර වදයක් දෙන්නේ...
ReplyDelete