2013-06-17

දුමින්ද සිල්වා මිනිසුන්ව අන්දන විධිය

මගේ තාත්තට හදවත් රෝගය හැදිලා හිටියා. දුමින්ද මහත්තයා මේවගේ අයට උදව් කරනවා කියා කට්ටිය කියපු නිසා අපේ තාත්තාටත් උදව්වක් ගන්න එතුමා හමුවෙන්න අපිත් ගියා. මේවගේ ලේඩරෝග තියන අය ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා. එක්තරා චන්ද රැස්වීමක දි මේ ඔක්කොම වේදිකාවකට ගෙනල්ලා රු.25,000 ගානේ ලියුම් කවරයක දාලා දුන්නා. ඊට පස්සේ එයාගේ කැමරා අරන් ඇවිත් අපෙන් වොයිස් කට් ගත්තා. අපිත් රු. 25,000ක් ලැබුණ නිසා දුමින්ද මහත්තයාට ගොඩක් ස්තුති කළා. 

ඊට පස්සේ අපි ලියුම් කවර ඇරලා බලනකොට තිබුණේ රු.2000 ගානේ විතරයි. අපි ගිහින් එයාගේ ගෝලයන්ගෙන් ඇහුවහම ඉතිරි සල්ලි පස්සේ දෙන්නම් කිව්වා. හැබැයි එතැනින් පස්සේ කවදාවත් ඒ ඉතිරි සල්ලි නම් හම්බ වුණේ නැහැ.

(සැ.යු. මේ දුමින්ද සිල්වා මුල්ලේරියාවේදී සිදු වූ වෙඩි තබා ගැනීමට පෙර කාලයේ දී මුල්ලේරියාව පැත්තේ මල්ලි කෙනෙක් මට කීව කතාවක්)

7 comments:

  1. වල් නරි. මේ පාරත් චන්දයක් දෙමු

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඊළග පාරත් චන්දේ ඉහලින්ම දිනයි... අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු කොට්ටාසයක්...

      Delete
    2. ඊළග පාරත් දිනයි. අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු

      Delete
  2. හරි 2000 ක් දුන්න නිසා හොඳ නැහැ 25000 ක් දුන්නනම් ඌට ලබන පාරත් චන්දෙ ෂුවර්! ඕක තමයි අපට මුල ඉඳල වැරදුනේ. හොඳට කල්පනා කරලා බැලුවොත් ඔය මොන දෙස්පාලුවත් කලේ ඕක තමයි! මොකක් හරි පගාවක දික් කරලා චන්දේ ඉල්ලුවම හිතේ සතුට තියෙනකම් කතිරේ ගහනවා. ගුරුවරිය දණ ගැස්සුවට එකාගේ පැත්තට කතා කරන්නත් කට්ටියක් ඉන්නවා. ඌම කන්න දීල හදාගත්තු! උන්ට රට බල්ලට ගියත් එකයි තමන්ගේ කරලා පැහෙනවා නම්.

    ReplyDelete
  3. දුමින්දයා අපේ නයිට් එකකට දහදාහක් දෙනවා කියලා උගේ ප්‍රොග්‍රෑම් එකක් කලා. ඡන්දෙන් පස්සෙ සතපහක් දුන්නෙ නෑ.

    ReplyDelete