2013-06-18

අනේ ඉතින් මට මූගේ කණට දෙකක් දෙන්න හිතුණා...

මගේ යාළුවෙක් ගැහැනු ළමයකුට ආදරය කළා. ඔහු ඇයගෙන් යාළු වෙන්න ඇහුවා. එහෙත් ඇය ඔහුට ආදරය කරන්න කැමති වුණේ නැහැ. ඔහු නැවත නැවතත් ඇයගේ ආදරය ලබා ගන්න උත්සාහ කළත් එයත් සාර්ථක වුණේ නැහැ.

‍"මේක අතහැරලා දාපන්" යැයි අපි ඔහුට කොයිතරම් පැවසුවත් ඔහු ඒවා පිළි ගන්නට කැමැති වුණේ නැත්තේ ඒ තරම් ම ඔහු ඇයට ආදරය කළ නිසා වෙන්න ඇති.

කොහොම වුණත් අවුරුද්දක් පමණ ගත වුවත් ඔහුගේ උත්සාහය සාර්ථක වුණේ නැති තැන ඔහු තීරණය කර තිබුණා ඇය ඔහුට අකමැති වුණේ ඇයි කියලා දැන ගන්න ‘පේන‘ බලන්න කට්ටඩියෙක් හමු වෙලා විස්තර දැන ගන්න. 

ඉතින් කට්ටඩියා හමුවෙලා ඇවිත් ඔහු මා සමග මෙහෙම කිව්වා. "මචං අරයා මට අකමැති වෙච්ච හේතුව හොයා ගත්තා. කට්ටඩියා ආවේස වෙලා ඇත්තම විස්තරේ බලාගෙන හිටියා වගේ කිව්වා. එයාගෙන් මම යාළුවෙන්න අහනකොට එයා හිතලා තියෙන්නේ මම වැරදි දෙයකට ආරාධනා කරා (සභ්‍ය භාෂාවෙන් ලිව්වේ) කියලාලූ.."

ඌ මෙහෙම තව ගොඩාක් දිගට කියවගෙන ගියා.
මම උගෙන් ඇහුවා "මචං... උඹ කට්ටඩියා ආවේස වෙන්න කලින් පොරත් එක්ක කතා කර හිටිය දි කියලා"

මූ කියනවා "ඔව් පොඞ්ඩක් වෙලා කතා කර කර හිටියා" කියලා.

මම ඇහුවා කොච්චර වෙලා කතා කර කර හිටියට කියලා. විනාඩි 15ක් විතර කිව්වා.

අනේ ඉතින් මට මූගේ කණට දෙකක් දෙන්න හිතුණා...


මුහුනු පොතට සෙට් වෙන්න මෙතන කොට

No comments:

Post a Comment