2013-06-13

මගේ යාළුවෙක් ඔහුගේ මුහුණු පොතේ මෙහෙම ලියලා තිබුණා.


Mage yahaluwek Ohuge FB wall eke mehema liyala thibba...

y apitama mehema wenne, jivithe parana pankadayak wage welenawaaa, egena gaththa apita puluwan vidiyata, eth jobs neha, athe sathayak neha, y apitama mehema wenne, api wage jivithe ekama thena pallwena kollonta anagathayak nedda dr...


මම ඔහුට මෙහෙම කිව්වා..

Wali >>> 
ජිවිතයේ ගැටලු වැඩිවෙන කොට එක එක අසුබවාදී සිතුවිලි ඇති ‍ෙවනවා. විශේෂයෙන් මුදල් අතේ නැති වුණාහම ඒක තවත් තීව්ර වෙනවා. අවාසනාවකට ඔබ වැනි තරැණ කොල්ලන්ට අවශ්‍ය කාලෙදි අවශ්‍ය දේ කරන්න පොළඹවන්න, උදව් කරන්න අපේ රටේ ක්රමවේද හදලා නැහැ. ඒවා තිබ්බත් නමට තියන ඒනා විතරයි.
බොරැ සංවර්ධන මේනියාවක් හැදිලා මේ ආණ්ඩුවත් සල්ලි කොටි ගණන් වියදම් කරනවා. හැබැයි වෙලා තියන සංවර්ධනයක් නැහැ. බඩගින්නේ සිටින, වකුගඩු වගේ රෝගවලින් පෙලෙන අහිංසක ජනතාව ගැන උන්ට ගාණක් නැහැ. උන් ඔබෙන් අපෙන් ලබා ගන්නා මුදල්වලින් සෝබනේ පෙන්නන වැඩ කරනවා. නිකං බලන්න පත්තරයක් අරගෙන අරෙහේ විවෘත කරනවා මෙහේ විවෘත කරනවා කිය කියා පත්තරවල වර්ණ පිටුවලින් ඇඩි පුරවනවා. මේ ඇඩ් වෙනුවෙන් පවා වියදම් කරන සල්ලි ඔක්කොම ඔබ, අප වැනි අයගෙන් ලබා ගන්නා සල්ලියි. අපේ අයිතිවාසිකම් ගන්න අද අපට සටන් කරන්න වෙලා.
දුක් වෙන්න එපා, අධෛර්ය වෙන්න එපා. එක වෙලෙක් හරි කාලා ජිවිතය ජය ගන්න තනියම උත්සාහ කරන්න. තියන පොඩි දෙයක් හරි කරන්න. එකපාරටම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරැයිනේ. මට විශ්වාසයි ඔබගේ අනාගතය සුබවාදියි. ඔබ හිත හොද කොල්ලෙක්. ඒකනේ ඔබේ හිතේ තියන අවංකකම මෙහෙම ලියලා තියෙන්නේ. ඔබට ජය...

2 comments:

  1. Well said.............
    පොඩි දෙයක් හරි කරන්න. එකපාරටම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරැයිනේ.

    ReplyDelete
  2. අදහස් දැක්වීමට ස්තුතියි.

    ReplyDelete