2013-06-10

දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බංඩාර දිසානායක (එස් බී දිසානායක) මාමා

ජපුර medical faculty එකෙන් වෛද්‍ය උපාධිය රැ. ලක්ෂ ගණන්වලට විකිණීම අරඹලා...
මේ ආරම්භය පමණයි...
සල්ලි ලැබෙන්න ලැබෙන්න මුදලට තියන කෑදරකම වැඩි වෙන්න පුළුවන්...ගුණාත්මක බව ඉහළින් තිබූ මෙරට වෛද්‍ය උපාධිය මුදල කෙරෙහි වැඩි අවධානය නිසා උපාධියේ ගුණාත්මක බව අඩු වෙන්න පුළුවන්...
සල්ලිවලට ඇති කෑදරකම නිසා ඉදිරියේ දී මුදලට උපාධි ලබා ගන්න සිසුන් පිරිස වැඩි කර, නිදහස් අධ්‍යාපනය යටතේ බදවා ගන්න පිරිස අඩු කරන්න පුළුවන්...
අති දක්ෂ පිරිසකට එළියේ ඉන්න සිද්ධ වෙනකොට, එතරම් දක්ෂ නොවන එහෙත් මිල මුදල් යහමින් ඇති පිරිසක් ඇතුළු වීමෙන් උපාධියේ ගුණාත්මක බවට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්...
මුදලට ගන්නා පිරිසට මුල් තැන දීමෙන් අනිකුත් උසස්පෙළ සිසු සිසුවියන්ගේ ඉගෙනීමට ඇති ‍‍‍‍ධෛර්ය අඩු වෙලා මුදල් තිබුණා නම් කියන අව මානසිකත්වය ඇති වෙන්න පුලුවන්...

වැඩිකලක් නොගොසින්ම සියලුම සිසු සිසුවියන් මුදල් ගෙවා ඉගෙන ගත යුතුයි කියා දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බංඩාර දිසානායක (එස් බී දිසානායක) මාමා වගේ අය නීති රීති ගේන්න පුළුවන්...
ජනතාවට ජයවේවා...

6 comments:

  1. හරි, එතකොට ලෝකෙ වෙන රටවල් ඔක්කොගෙම වගෙ තියෙන්නෙ "ගුණාත්මක බව අඩු" වෛද්‍ය උපාධි ද? මොකද අනිත් රටවල් වල ලමයි ගෙවල හරි, ඉගෙන ගත්තට පස්සෙ ගෙවන කොන්දේසිය යටතෙ හරි තමයි උපාධි ගන්නෙ. අපි දන්න සමහර අය පාර්ට් ටයිම් ජොබ් කරනවා ෆීස් ගෙවන්න. තමන්ගෙ මහන්සියෙන් ඉගෙන ගන්න එකාට තමයි ඒකෙ අගේ වැඩිය දැනෙන්නෙ. අපිත් ලංකාවෙදි ඉගෙන ගත්තා තමයි, ඒත් මෙච්චර අගයක් තිබ්බෙ නෑනෙ.

    අනික බන් පොඩ්ඩක් හිතපන්, ඇයි ඔය කියන ශිෂ්‍ය ප්‍රශ්න, ශිෂ්‍ය මර්දන මොරටුවෙ ඉන්ජිනියරින්, කොලඹ සයන්ස්, ජෆ්නා උනි එකෙ නැත්තෙ කියල. මොකෝ මෙන රටකින් ආපු උන්ද වී.සී. ල වෙලා ඉන්නෙ, නෑනෙ,

    ReplyDelete
    Replies
    1. ඔබ පිලිගන්නවා ද ඔබ ඔය කියන රටවල්වලට වඩා බොහොම අඩු ප්රතිශතයකින් තමයි අපේ රටේ අධ්‍යාපනයට රජය මගින් වැය කරන්නේ කියලා!!!

      Delete
    2. ඔබ අහල තියෙන්නෙ සංකීර්න ප්‍රශ්නයක්, දියුනු රටවල් වැඩි මුදලක් වෙන් කරන කතාව එච්චරම සත්‍ය නෑ, මොකද ඔක්කොම වගෙ තියෙන්නෙ ප්‍රයිවෙට් යුනි. බොහෝවිට රජයෙන් වියදම් කරන්නෙ මූලික අධ්‍යාපනයට විතරයි.

      නමුත් ඒක අහන්න කලින් මගෙ අන්තිම ඡෙදේ අහල තියන එක ගැන හිතන්න. ඇත්තටම කියනවානම් පේරා/කොළඹ මෙඩිසිනුත් අවුලක් නෑනේ.

      Delete
  2. *\අති දක්ෂ පිරිසකට එළියේ ඉන්න සිද්ධ වෙනකොට, එතරම් දක්ෂ නොවන එහෙත් මිල මුදල් යහමින් ඇති පිරිසක් ඇතුළු වීමෙන් උපාධියේ ගුණාත්මක බවට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්\*

    මේ තත්වය මීට වඩා Z score එක නිසා වෙනවා කොළඹින් A-3 ගන්න එකාට වැහෙන මෙඩිකල් ෆැකල්ටියේ දොර මොණරාගලින් C-3 ගන්න එකාට ඇරෙනව නම් කෝ ඔය කියන ගුණාත්මක බව? A-3 ගත්ත එකා පෞද්ගලික සරවියකින් හරි රජයේ සරසවියකින් හරි මුදල් ගෙවල ඉගෙන ඉගෙන ගත්තම ඒ උපාධිය බාල වෙනවද? උබලගේ තියෙන්නේ කුහක කම බං වෙන මොකක්වත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. යාළුවා ඔබ කියන දේ ඇත්ත යම් ප්රමාණයක් තිබෙනවා. එහෙත් කොළඹ ඉදන් A-3ක් ගන්නවාට වඩා මොනරාගල ඉදන් A-3 ක් ගන්න එක සාපේක්ෂව අමාරැ කාර්යයක්.කොළඹ ඉන්න කෙනාට වඩා මොනරාගල ඉන්න කෙනාට සමාජීයමය වශයෙන්, වගේම ලැබෙන පහසුකම් අතින් විශාල පරස්පරයක් තියනවා. දුෂ්කර පැතිවල පාසල්වලට ගුරැවරැන් පවා යන්න අකමැතියිනේ. ඔබ දන්නවා ද කැබිතිගොල්ලෑවේ ඉදලා කුරැණෑගල විද්‍යා පන්තිවලට එන ළමයි ඉන්නවා. ඔවුන්ගේ ගමනට පමණක් දවසෙන් වැඩි කාලයක් යනවා. එබැවින් යම් අඩු ප්රතිපලයක් ලැබුවත් ඔවුන්ගේ දක්ෂතාවට එකෙන් ම මනින්න බැහැ. එනිසා දුෂ්කර පළාත්වල ඉන්න අයට යම් සහනයක් ලබා දීම අනිවාර්යයෙන් ම කළ යුත්තක්.

      Delete
    2. කොළඹ අනාතයෙක්

      Delete