2020-12-18

 ධම්මික පැණිය සහ හිපාටු උගතුන්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වන තෙක් ම කිසිදු කොවිඞ් ප්‍රතිකාරයකට අනුමැතිය ලැබී නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාවේ ධම්මික පැණියක් ගැන ඇති තරම් පසුගිය දිනවල කතා බහ කෙරිණි. රටේ සෞඛ්‍යයට ම වෙන් වූ ඇමතිවරු හැටහුටාමාරක් පවා සිටිද්දි ඔවුන් ද ඇතූළු ව රාජ්‍ය පරිපාලකයන් හා ඇතැම් උගත්තු පවා ප්‍රසිද්දියේ පානය කර පෙන්වීමෙන් ලංකාවේ සාමාන්‍ය ජනතාව අන්දමන්ද කර පැනියට සියලු කොරෝනා බර පටවා අත පිසදා ගැනීමේ වෑයමක් දකින්නට ලැබිණි. රජයේ වෛද්‍ය සංගමය පවා තුස්නීම්භූත පිළිවෙතක් මේ පැනිය කෙරෙහි ඇති කළේ මෙසේ පැණිය කෙරෙහි ඇති කර තිබූ අධි සමාජ බලපෑමේ අධික භාවය නිසා වෙන්නට බැරි නැත.


ලංකාවේ මිනිස්සු කොරෝනාව ගැන ඇති බිය අඩු කරන්නට ද රෝගය තව තවත් වේගයෙන් ව්‍යාප්ත වෙන්නට ද මේ පැනි කතා හේතුවක් වන්නට ඇත. මෙය මහා ජාතික අපරාධයකි. මුළු ලෝකයටම බලපාන මේ මාරාන්තික කොරෝනාව නොදැනුම්වත් හා දැනුම්වත් මිනිස්සුන්ගේ හා නොදැනුම්වත් රාජ්‍ය පරිපාලකයන්ගේ නොදැනුම්වත්කම නිසා තව තවත් අපේ රටේ ඔඩු දුවා ඇති හැඩයි. 

ධම්මික පැනිය හෝ වේවා වෙනත් ඒ ආකාර වූ යම් කිසි ඔෘෂධයක් හෝ වේවා මිනිස් සමාජයට දායාද කරන ලොව පිළිගත් ක්‍රමවේදයක් ඇත. එසේ විද්‍යානුකූල ක්‍රමවේදයකට ඉදිරිපත් කරනු ලබන්නේ වඩාත් හොඳ ම දේ ජනතාවට ඉදිරිපත් කරනු පිණිස ය. එහෙත් මේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයේ ඇති ඇතැම් අඩුපාඩු අල්ලා ගෙන පුද්ගලයන්ගේ මනස්ගාතවලින් එළි දැක්වෙන බෙහෙත් වර්ග සමාජයට ලබා දීම නොකළ යුත්තකි.

මේක ඒ ධම්මික මහතාට කරන නිග්‍රහයක් නොවේ. එතුමා ඇතැම් විට නොදැනුම්වත්කම උඩ විවිධ ඇදහීම් තුළ සිට හීනෙන් දැකපු බෙහෙතක් විය හැකිය.

හැබැයි නිග්‍රහ කළ යුතු වෙන්නේ මේ නොදැනුම්වත් මිනිස්සු කරන්නා වූ අභාග්‍යසම්පන්න වැඩවලට හූමිට තබා නිහඩව ඉන්න හිපාටු උගතුන්ටය. 


No comments:

Post a Comment