2013-05-02

ආවේශවීම

සන්නිවේද කටයුතු අතරින් මෙතරම් දියුණවට පත් වූ ලෝකයේ පවා තවමත් ආවේශවීම, අමනුෂ්යන බලපෑම් ආදී ගැන විශ්වාස තබමින් තම මුදල් විනාශ කර ගන්න, තම ජීවිත පවා අවදානමකට ලක් කර ගන්නා විශාල පිරිසක් අප සමාජයේ සිටීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. 

එක අතකට උපතේ සිටටම පවුලෙන්, පාසලෙන්, සමාජයෙන් මෙවැනි දෑ පිළිබද නිසි දැනුමක් නොලැඹීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මෙහි පහත පිංතූරයේ දක්වා ඇත්තෙත් එක්තරා ගැහැනු ළමයෙක් යම් සිද්ධියක් මුල් කර ගෙන මානසික රෝගි තත්වයකට පත් වී සිටි අවස්ථාවක දී එය ආවේශ වීමක් ලෙස වැරදි ලෙස වටහාගෙන දේවාලයක් ආරම්භ කරන ලෙස පවුලේ සහ ඥාතින්ගේ ලැබුණු උපදෙස් මත දේවලයක් පටන් ගෙන කටයුතු කළ ගැහැනු ළමයකුට අත් වූ ඉරණම පිළිබද ගැන වෛදවරයා විසින් දැක් වූ අදහස් ය.

මහා භදකාලි අම්මාගේ බලය ලැබී කටයුතු කළ බව කියන ඇය අවසානයේ ආවේශ වී සිටිය අවස්ථාවද දී ම ඇගේ මාමා විසින් අතවර කර ඇත. ඇය ඒක දැන ගන්නේ මාස ගාණකට පසුවය. ඒ බඩේ අමාරැවට සහ වමනය යාමට රෝහලට ගිය අවස්ථාවක දී ය. දේවාල පසු පස ගොස් ලෙඩ සුව කිරීමට පෙළඹී සිටින්නන් මේවා ගැන දැන ගත යුතු ය. මේවා මිත්යාා විශ්වාස බව දැනගත යුතු ය.
(ලංකාදීප පුවත්පතේ පළ වූ සිද්ධියක් ඇසුරිනි)



No comments:

Post a Comment