2013-03-09

දිගාමඩුලූ ගුරු ගීතය



පසුගිය පොත් ප‍්‍රදර්ශනයේ දී එක් උදෑසනක කලිසම සහ ෂර්ට් එක හැදගත් වැඩිහිටි තළෙලූ මහත්මයෙක් පොත් පෙට්ටියක් රැුගෙන මා සිටි පොත් කුටියට පැමිණියා. තරමක් දුරක සිට බසයෙන් පැමිණි අයෙක් බව මට වැටහි ගියේ පිළිවෙළකට ඔහු හැද සිටි ඇදුම් තරමක් පොඩිවී කිලිටි වී තිබූ නිසායි. 
දිගාමඩුලූ ගුරු ගීතය නමින් පොතක් තමා ළග ඇති බව ඔහු මා වෙත කරුණාබරිතව පැවසුවා.  දිගාමඩුලූ කොටස මට එතරම් ඔලූවට නොගිය නිසාත්, ඒ වන විටත් අප ළග ගුරු ගීතය පොත තිබූ නිසාත් මා ඔහුට පවසා සිටියේ අප ළග එම පොත ඇති බවයි. පසුව ඔහු දිගාමඩුලූ ගුරු ගීතය නම් පොතක් තමා විසින්  අලූතින්ම ලියා පළ කළ පොතක්  බව පැවසුවා. පොත් ප‍්‍රදර්ශන කාලවකවානුවේම හරිම ආශාවෙන් කියෙව්වා. හරිම ලස්සනයි. යම් යම් අඩුපාඩු කිහිපයක් දැක්කත් ඉතාමත් වටිනා පොතක් කියලා මට කියන්න පුළුවන්. ඊට පසුවත් මා ඔහු සමග දුරකථනයෙන් කිහිපවිටක් කතා කළා. ඔහු පුතා කියා මා අමතන විට මගේ තාත්තා සහ ඔහු අතර ලොකු වෙනස් නැති බව මට හිතුණා.  සැබැවින් පසුව මම ඔහුට ඇමතුවෙත් දුයිෂෙන් ගුරුතුමා කියල යි. ඒ තරමටම මට ඒ පොත ලොකු හැගීමක් ඇති කළා. ස්තුතියි ගුරු පියාණෙනි. 

No comments:

Post a Comment