2012-02-22

CCTV සාක්ෂියෙන් පොලීසියෙන් දඩ කන්නට සිදු වුයෙමි


             වෙලාව දහවල් 12 පමණ වන්නට ඇත. මම මෝටර් සයිකලයේ නැගී නුගේගොඩ සිට කිරුලපන දෙසට දිවෙන මාර්ගයේ බේස්ලයින් පාරට හරවන මංසන්ධිය වෙත පැමිණියෙමි. දැඩි වාහන තදබදයක් එවෙලෙහි තිබූ අතර, මා වාහන අතරින් වාහන පසුකොට ගෙන ඇවිත් සියල්ලට ම ඉදිරියේ බේස්ලයින් පාරට හරවන්නට දකුණට සිග්නල් ලයිට් වැටෙන තෙක් සයිකලය නවතා ගෙන සිටියෙමි. සුළු මොහොතකින් ගමන් කිරීමට සිග්නල් ලයිට් වැටුණු තැන මම ක්ෂණිකව සයිකලය පණ ගන්වා ඉදිරියට ඇදුනෙමි.

             මංසන්ධිය පසු කොට මා හට යාමට හැකි වූයේ සුළු දුරකි. ට‍්‍රැෆික් පොලිස් නිලධාරීන් තිදෙනෙක් පාර අයිනේ සිටි අතර, එක් අයෙක් පාර මැදට පැමිණ අත දැම්මේ ය. වාහන බලපත‍්‍රය, රියදුරු බලපත‍්‍ර ආදිය තිබූ නිසා මම ද කිසිඳු චකිතයකින් තොරව මෝටර් සයිකලය මාර්ගයේ වම් අයිනට වන්නට නැවැත්වුයෙමි. ඒ අතරේ මට පසු පසින් ආ කාර් රථයක් ද ඔවුන් විසින් නවතාලන ලදී. 
             ට‍්‍රැෆික් පොලිස් නිලධාරියෙක් මා අසළට පැමිණි අතර, ඔහු ඉල්ලන්නටත් පෙර ම අදාළ ලියකියවිලි මම ඔහුට ඉදිරිපත් කළෙමි. එවා පරික්ෂා කිරීමෙන් අනතුරු ව ඔවුන් පවසා සිටියේ මම සහ අනිත් කාර් රථය මංසන්ධියේ සුදු ඉර පසු කොට නවතා තිබූ බව ය. මා එහිදී ඔවුන්ගෙන් විමසා සිටියේ මීටර් 150-200ක් පමණ දුරකින් සිටි ඔවුන්ට මංසන්ධියේ ඇති සුදු ඉර පෙනෙන්නේ කෙසේද යන්න යි(එම ස්ථානයට අදාළ සුදු ඉර පෙනෙන්නේ නැත). ඔවුන් දන්වා සිටියේ එම ස්ථානයේ සවි කර ඇති CCTV කැමරා පද්ධතිය මගින් ගත් සජීවී ඡායාරූප  ඔස්සේ, පාලක මැදිරිය විසින්  තමන්ට ඒ බව දැන් වූ බව යි. එවෙලෙහි මා වෙත රු.500ක දඩ කොලයක් ලබා දුණි. 
             මෙම සිද්ධිය මා හට දුකට පත් වීමට කාරණාවක් වූව ද මා එයින් සතුටක් ලැබීය. එනම් දියුණු රටවල මාර්ග නීති කඩන රියදුරන්ගේ දඩ කොල තම නිවසට ම ලබා දෙන තාක්ෂණයේ දියුණුව ගැන අසා තිබූ අප, ඉතා සුළුවෙන් වූවත් අප රටෙහි ද තාක්ෂණික දැනුම ද මෙවැනි අවස්ථාවල භාවිතයට ගෙන තිබූ දක්නට ලැබූ නිසා ය. 
             කෙසේ වෙතත් අදාළ දඩ මුදල දින 14ක් ඇතුළත තැපැල් කාර්යාලයකට ගෙවා රිසිට් පත රැුගෙන නැවත කිරුලපන පොලීසියට පැමිණ මාගේ ලයිෂන් එක ලබා ගත යුතු විය. වැරදි සෙවීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර තිබූ නමුත්, දඩ ගෙවීමේ ක‍්‍රියාවලිය තවමත් ඇත්තේ පැරණි ක‍්‍රමයට ම බව මෙහි දී පෙනෙන්නට තිබේ. 
             උදාහරණයක් විධිහට ගතහොත් කොළඹ ප‍්‍රදේශයේ වාහනයක් යාපනයේ විනෝද චාරිකාවක ගිය අවස්ථාවක යම් මාර්ග නීති කඩ කිරීමක් සිදු කළ හොත් සතියේ වැඩ කරන දිනයක, වැඩ කරන කාලයෙන් බැහැර අවස්ථාවක නම් අදාළ රියදුරාට ඔහුගේ ලයිෂන් එක ලබා ගැනීමට නැවත දිනයක යාපනය බලා යාමට සිදු වනු ඇත. එය ඔහුගේ කාලය ද ශ‍්‍රමය ද දැඩි ලෙස කා දැමීමකි. මහා අපරාධයකි. එසේ නොවී අභ්‍යන්තර කි‍්‍රියාවලියක් මගින් එම රියදුරු බලපත‍්‍රය කොළඹ ආශ‍්‍රිත පොලීසියකට ගෙන්වා අදාළ දඩ මුදල් ගෙවා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකසා තිබුණා නම් එම කාර්යය ඉතා පහසු වනු ඇත?
             එසේ ම අදාළ දඩ මුදල පොලිසිය තුළ දී ම ගෙවීමේ ක‍්‍රවේදයක් තිබූණා නම් නිරපරාදේ කාලය කා දැමීමක් හෝ සිදු නොවන්නේ ය. මේ ආකාරයට විනාශ වෙන්නේ රටේ දියුණුවට ලබා ගත හැකි ශ‍්‍රමය නොවෙද?. මේ පිළිබඳ ව අදාළ බලධාරීන්ගේ නුවන පෑදේවා යන්න මාගේ ප‍්‍රාර්ථනයයි. 

      

5 comments:

  1. ඔව් බන් මටත් සැරයක් කෙළවෙලා ඔක්කොම වැඩ අස්සෙ අඹේපුස්සෙ ගාටන්න උනා ලයිසොං එක ආයි ගන්න , දඩ මුදල් අය කොර ගන්න ක්‍රමවත් විදිහක් හැදුවානම් පගා ගැනිල්ලත් අඩුවෙයි

    ReplyDelete
    Replies
    1. ඔව්. දඩ මුදල් අය කර ගැනීමේ ක්ර්මවේදය සරල කළා නම් පගා දීමට පෙළඹීම අඩු කර ගන්න පුළුවන්.

      Delete
  2. රියදුරු බලපත්‍රය පොලීසියට රැගෙන ‍යෑම විකාරයකි මේ ගැන මා සටහනක්ද ලිවීය. http://udithame.blogspot.com/2011/07/blog-post.html
    අනෙක් කරුන නම් මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වන මා සිටින රටේ පවා මං සංදියක සුදු ඉර පසුකර නවත්වා සිටීම එතරම් තදින් ගෙන දඩ ගහන්නේ නෑ පස්සට යන්න කියනවා අවවාද කරනවා රතු ලයිට් එකක් ගියොත් හැබැයි දඩ විතරක් නොවෙයි ලයිසමේ ලකුණු 3 කුත් කැපෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපියට මා සියයට සීයක් එකගයි. අනිත් එක අපේ රටේ මිනිස්සු හරි බයයි, කුලෑටියි. මම ඇස් දෙකට ම දැකලා තියෙනවා සමහර අය පොලිසිය නවත්වපුවහාම ලයිෂන් එක එහෙම දෙන්නේ අත් දෙක වෙවුල වෙවුල. එතකොට පොලිස් කාරයා අර මනුස්සයාගේ වැරැද්දක් නැතත් මොනව හරි බොරැවක් කරලා කීයක් හරි කඩා ගන්නවා.

      Delete
  3. zuperb...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    ReplyDelete