ඒ නංගි එක්තරා රජයේ ආයතනයක ජොබ් එකක් කරනවාලූ. ඔන්න ඉතින් ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මෙයාගේ කටින් කියවුණාලූ එයාගේ පුංචි ඇමෙරිකාවේ ඉන්නේ කියලා.
අයියත් ටිකක් නාඩියට ඉන්න එක්කෙනානේ... කොයි පුංචි ද අනං මනං විස්තර අහනකොට මෙයාගේ පුංචියෙකුත් නෙමෙලූ. මෙයා වැඩි හරියක් ඉන්නේ යාළුවගෙ ගෙදරලූ... ඉතින් ඇමෙරිකාවේ ගිහින් තියෙන්නේ යාළුවගේ පුංචිලූ...
හරි එකත් එහෙම වුණා කියමුකො...
ආපහු ඉතින් ටෝක් එක දාගෙන ඉන්නකොට ‘ඒක මම ඉන්ඩියා ගියපු දවසක වෙලා තියෙන්නේ ’ වගේ දෙයක් කෙල්ලගේ කටින් එලියට දැම්මලූ...
අයියා ඉතින් ඔය ගැනත් අහලා මොකක්ද ඒ ඉන්දියාවේ ගියපු කතාව කියලා. අනේ අම්මපා බලනකොට මෙයාගේ යාළුවගේ අම්මා රෙදි බිස්නස්ලූ කරන්නේ. ඉතින් දවසක් එයත් එක්ක ඉන්දියාවේ ගියාලූ රෙදි වගයක් ගෙන්න...
ඒකත් එහෙම වුණා කියමුකෝ...
ඔන්න දැන් කතා බහ අවසන් වෙලා යන්න එහෙම ලැහැස්ති වෙනකොට ඉතින් මේ නංගි බෑග් එක එහෙම ලෑස්ති කරන ගමන් හෙමින් සීරුවේ සන්ග්ලාස් දෙකක් එහෙම පොඞ්ඩල් ලාවට පේන්න වගේ එළියට අරගෙන ආපහු ෂේප් එකේ බෑග් එකට ඔබා ගත්තලූ...

හැතැප්මක් විතර උඩ ලෝකයේ ඉන්න කැමති, මේ වගේ චූටි නංගිලා එක්ක මහපොලොවේ ඉන්නේ කොහොමද කියලා අයියට හිතෙන්න ඇති... ඒකනේ ඕක කිය කියා අපිත් එක්ක බඩ පැලෙන්න හිනාවුණේ... ඔන්න ඒ කසාදෙත් අහවරයි...................
වලී
No comments:
Post a Comment