2013-12-07

කනත්තේ හොල්මන් තියනවා? රෑ 12ට හොල්මන් පේනවා ද?

පහත ලිපිය පළ වෙලා තිබුණේ “රිවිර“ පුවත්පතේ.




මෙතනින් ලිපිය කියවන්න


හොල්මන්, අවතාර, නැවත ඉපදීම වැනි දේ ගැන බෙද්ධ සාහිත්‍යෙයේ තියනවා. එහෙත් බුද්ධ දේශනාවල තියනවා ද කියන එක නම් ගැටලුවක්...
 
මේ ලිපියේ දක්වන ආකාරයට මේ ළමයා බුදුදහමත් සමග, පන්සලත් සමග හැදීවැඩෙන කෙනෙක්... ඒ නිසා ඔහුටත් සමාජයේ පවතින, බෙවුද්ධ සංස්කෘතියේ එන හොල්මන්, අවතාර වැනිදේ ගැන පූර්ව විශ්වාසයක් ඇති අයකු බව විශ්වාස කළ හැකි යි.

කනත්ත ආශ්‍රිත ව හොල්මන් තියනවා, රෑ 12ට හොල්මන් තියනවා ය කියන පූර්ව විශ්වාසයක් අපේ සමාජයේ තියන බව අප තේරැම් ගත යුතුයි.



පිරිත් නූලක් බැන්දහම හිතේ තිබුණ බිය, චකිතය නැති වූ බව කියනවා. ඔව් වෙන්න පුළුවන්... මානසික සුවපත් බාවය ඇති කළ හැකි ආකාර බොහොමයක් තියනවා.

කොහොමත් මෙහි අදහස් දක්වා ඇති හාමුදුරැවෝ දෙදෙනාගේ උත්තර නම් බාලාංශ උත්තර බව ය මගේ හැගීම...

මුලින් ම මේ පින්තූරවල සත්‍යතාව තහවුරැ කළ යුතු යි.

ඉන් පසු සාමාන්‍යෙයන් රාත්‍රි කාලයේ දී ඇතිවන අකුණු ගැසීම්, වාහනවල එළි, ජලවාෂ්ප දිලිසීම්, ආලෝකපරාවර්තනයන් වැනි දේ ඇති බව අවබෝධ කර ගත යුතුයි..

එවිට වැටහෙයි ඇත්ත කුමක් ද? කියන දේ..


වලී