2013-11-27

ITN එකේ බම්බු ''වෙනස''

බොරුල්ල කනත්තේ හොල්මන් ඉන්නවාලූ...(මෙහි දැක්වෙන වීඩියෝවේ විනාඩි 4.10 සිට බලන්න) අපේ රටේ රූපවාහිනී මහගෙදර කියලා තමන් ම හදුන්වාගන්න ස්වාධීන(නමට පමණක්) රූපවාහිනිය තමයි එහෙම කියන්නේ... ඒක තහවුරු කරන්න ඔවුන් පාවිච්චි කරලා තියෙන්නෙත් බොරුල්ල කනත්තේ ම මුරකාරයෝ දෙන්නෙක්... 



ආදි කාලයේ සිට මිනිස් සිත්සතන් තුළ පැලපදියම් වී තිබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන්, සැබෑ සිදුවීම් සේ නැවත සමාජගත කරලමින් මිනිස් සමාජය ප‍්‍රාථමික යුගය කරා ඇදගෙන යාමට උඩගෙඩි දෙන මෙවැනි මාධ්‍යකාරයන් රටට ම මහ අපලයකි... රූපවාහිනියෙන්, රේඩියෝවෙන්, පත්තරෙන් පළ කරන දේ ‘‘ඇත්ත ම ඇත්ත‘‘ ලෙස පිළි ගන්නා දුබල සමාජයක් තවමත් අපට ඉතිරි ව ඇත. ඒයින් පන්නරය ලබන රාජ්‍ය මාධ්‍යක් මෙසේ ප‍්‍රාථමික මට්ටමේ දේ පළ කරමින් වැජඹෙන්නට උත්සාහ ගන්නේ නම් අනාගත ශ‍්‍රී ලංකාව යන තැන පැහැදිලි කර ගන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත.

ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක් හෝ විකුණා යහතින් වැජඹීම මිස අන් කිසිවක් නො වන බව මෙවැනි දේවලින් වඩාත් තහවුරු වේ... මෙවැනි මාධ්‍යකරුවන් සැබෑ මාධ්‍යවේදීන්ට ද කරන්නේ අපහසයකි...


අදාළ වීඩියෝ ව මෙතැනින් 


වලී 

2013-11-25

මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්...

ගොඩක් අය කැමතියිනේ හොල්මන් කතා අහන්න, මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්... 
...
...
...
මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්. 

මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලි බල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත‍්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...

මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...

ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...

මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...

ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග‍්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...

පාන්දර 2-3ට විතර වෙන්න ඇති...

කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...

මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...

නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...

මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...

තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...

එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත‍්‍රා පහ නොවුණු එක විතරයි...
.
.
.
.
.
.
.
.
බුදු අම්මෝ... පූසෙක්....
...
...
ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...

වලී.